Sun Siyam Pasikudah හෝටලයෙන් දේශීය සංචාරකයින්ට විශේෂ දීමනා සහ වට්ටම් රැසක් පිරිනැමෙයි

1- SSP beach (LBN)

දිවයිනේ නැගෙනහිර වෙරළේ සුන්දරත්වය සහ සංස්කෘතික උරුමය අත්විඳිමින් අසමසම නිවාඩුවක් දේශීය සංචාරකයින්ට සමීප කිරීමේ අරමුණින් විශේෂ වට්ටම් රැසක් හඳුන්වාදීමට Sun Siyam Pasikudah හෝටලය පියවර ගෙන තිබේ.

ඒ අනුව, අවම වශයෙන් රාත්‍රී දෙකක් හෝටලයේ ගත කරන සංචාරකයින් වෙත සියලුුම ආහාරපාන සඳහා 20%ක වට්ටමක් ද, සම්බාහන ප්‍රතිකාර වෙනුවෙන් 10%ක වට්ටමක් ද ලබාගත හැකි අතර, ගාස්තුවකින් තොරව වඩාත් සුඛෝපභෝගී හෝටල් කාමර ලබාගැනීමට (complimentary room upgrades) සහ හෝටල් කාමර කාලසීමා නම්‍යශීලිත්වය (early check-ins, late check-outs) ආදී විශේෂ පහසුකම් ද ලබාගැනීමේ අවස්ථාව පවතී. මෙම විශේෂ වට්ටම් 2024 මාර්තු 31 වැනිදා දක්වා වලංගු වේ.

 



 

ලොව දැකුම්කළුම මුහුදු තීර අතරට අයත් පාසිකුඩා මුහුදු තීරය, එහි ස්වභාවික සුන්දරත්වයට අමතරව නැගෙනහිර පළාතට ආවේණික සංස්කෘතිය උරුමයන්ගේ ද පාරාදීසයකි. එනිසා සුඛෝපභෝගී නවාතැන් පහසුකම් ලබාගන්නා අතරතුර, ප්‍රනීත ආහාරපාන රසවිඳීමටත්, නැවුම් සම්බාහන ප්‍රතිකාර අත්විඳීමටත් දේශීය සංචාරකයින්ට ඉඩ සැලසෙන්නේ ඔවුන්ට ජීවිත කාලයටම අමතක නොවන අත්දැකීමක් සමීප කරවමිනි.

සිත් වසඟ කරවන බාහිර සහ අභ්‍යන්තර අලංකරණයෙන් යුත් Sun Siyam Pasikudah හෝටලය සතුව ඉඩකඩ සහිත සුඛෝපභෝගී කාමර 34ක් ඇති අතර ඒවා garden සහ beach pavilions ලෙස නම් කර තිබේ. හුදෙක් නිවාඩුවකට එහා ගිය අත්දැකීමක් අපේක්ෂා කරන, සංස්කෘතිකාංග පිළිබඳ විශේෂ ඇල්මක් ඇති සහ නිහඬ සන්සුන්බව වින්දනයක් කරගත් සංචාරකයින්ට Sun Siyam Pasikudah යනු කෙම්බිමකි. වෙසෙසින්ම, මුහුදු තීරය දර්ශනය වන අයුරින් තනා ඇති පිහිනුම් තටාකය, කැරෝකේ පහසුකම්, සුවතා ප්‍රතිකාර, යෝග සහ භාවනා, ටෙනිස් සහ බැඩ්මින්ටන් පහසුකම් ආදී අතිරේක පහසුකම් රැසක් සංචාරකයින්ගේ නිවාඩුව වර්ණවත් කිරීමට සමත් ය.  තව ද, දේශීය කලා නිර්මාණ රස විඳීමටත්, පාසිකුඩා මුහුදේ යාත්‍රා කිරීමටත්, තරු පිරුණු රාත්‍රී අහසක් යට හිඳිමින් රෝමාන්තික රාත්‍රී ආහාරවේලක් භුක්ති විඳිමටත් සංචාරකයින්ට අවස්ථාව උදා වේ.

හෝටලයේ තවත් විශේෂත්වයක් වන්නේ මෙරට යටත් විජිත යුගයේ සංස්කෘතික උරුමයන් ද පිරිනැමීමයි. ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළේ විශාලතම වයින් එකතුව ඇත්තේ Sun Siyam Pasikudah හෝටලයේ The Cellar සතුව ය. මීට අමතරව විශාල තේ වර්ග රැසක් මෙන්ම තේ රස බැලීමේ (Tea Tasting) පහසුකම් ද රැගත් Tea House, ක්ෂණික කෙටි ආහාර (පිට්සා සහ වෙනත් ග්‍රිල්ඩ් ආහාර) පිළිගන්වන පිහිනුම් තටාකාසන්නයේ පිහිටි Slice & Grill සහ කැරිබියානු කලාපයට ආවේණික ස්වරූපයේ, විවිධ බීම වර්ග රැගත් Beach Shack ආදී ආහාරපාන අත්දැකීම් රැසක් හෝටලයට ඇතුළත් ය. ඊට අමතරව උදෑසන වරුවේ පොළොන්නරුව අතීත රාජධානියේ බයිසිකල් සවාරි, මින්නේරිය ජාතික වනෝද්‍යානයේ ත්‍රාසජනක සවාරි, දඹුල්ල ලෙන් විහාර සංචාරය, සීගිරිය චාරිකා මෙන්ම තල්මසුන් නැරඹීමේ සංචාර ද හෝටලය හරහා සංවිධානය කරගත හැක. එමෙන්ම හැන්දෑ වරුවේ හෝටලයේදී විවිධ වයින් වර්ග විවිධ ආහාර සහ අතුරුපස සමඟ ගලපමින් රස බැලීමේ අවස්ථාව ද උදා වේ.

ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ සතු ආගන්තුක සත්කාරයේ සාරවත් බව පිරිනමමින් අසමසම සංචාරක අත්දැකීමක් ඔබට සමීප කිරීමට Sun Siyam Pasikudah කැපවී සිටියි. www.sunsiyam.com/sun-siyam-pasikudah/ වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 065 2055 555 හෝ 0702424263 දුරකථන අංක ඇමතීමෙන් වෙන්කරවාගැනීම් සහ වැඩිදුර තොරතුරු ලබාගත හැක.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව