Sun Siyam Pasikudah හෝටලයට සංචාරක උදාව ප්‍රදර්ශනයේදී ඉමහත් ප්‍රතිචාර හිමිවෙයි

2- Customer visits stall

මෙරට සුන්දර නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි සුඛෝපභෝගීත්වය සහ නැගෙනහිර කලාපයට අදාළ සංස්කෘතික උරුමයන් ද කැටිකරගත් Sun Siyam Pasikudah හෝටලය, ‍පසුගියදා පැවැති 2024 සංචාරක උදාව ප්‍රදර්ශනයේදී සංචාරක කර්මාන්තයේ නියැළි ප්‍රජාවගේ මහත් ප්‍රතිචාර හිමිකරගැනීමට සමත්විය.

 



 

ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක මෙහෙයුම්කරුවන්ගේ සංගමය (SLAITO), ශ්‍රී ලංකා සංචරණය (Sri Lanka Tourism) සමඟ එක්ව 11 වැනි වරට සංවිධානය කරන ලද සංචාරක උදාව ප්‍රදර්ශනය, මැයි 17-18 දිනවල කොළඹ BMICH හිදී පැවැත්වුණි. ඊට 500කට වැඩි ප්‍රදර්ශකයින් ප්‍රමාණයක් එක්ව සිටි අතර ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි පිරිස 10,000කට අධික විය.

මාලදිවයිනේ Sun Siyam Resorts හෝටල් ජාලයට අයත් Sun Siyam Pasikudah, C169 සහ C176 යන ඒකාබද්ධ ප්‍රදර්ශන කුටි තම අභ්‍යන්තර වාස්තු නිර්මාණ අනන්‍යතාවට ගැලපෙන පරිදි නිර්මාණය කර තිබීමට කැපීපෙනුණි.

සංචාරක උදාව ප්‍රදර්ශනයට පළමු වරට එක්වෙමින් සංචාරක කර්මාන්තයේ නියැළි සෙසු පාර්ශ්වකරුවන් සමඟින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට හැකිවීම අපට විශාල සතුටක්. අපට අවශ්‍ය වූ ආකාරයටම නැගෙනහිර පළාතට ආවේණික ආගන්තු සත්කාරයේ සුවිශේෂී අත්දැකීම ප්‍රදර්ශනයට එක්කිරීමට අපට හැකිවුණා, යනුවෙන් Siyam Pasikudah හෝටලයේ සාමාන්‍යාධිකාරී අර්ෂඩ් රිෆායි මහතා පැවසුවේය.

දැවැන්ත නවීකරණ ක්‍රියාවලියකින් පසු ඉකුත් නොවැම්බර් මාසයේදී නැවත විවෘත වුණු Sun Siyam Pasikudah හෝටලය එහිදී දේශීය නිර්මාණ ශිල්පීන්ගේ කලා නිර්මාණ, ගෘහ භාණ්ඩ සහ වෙනත් දේශීය අමුද්‍රව්‍ය සහ නිෂ්පාදන ආදිය හෝටලයට භාවිත කරන්නට යෙදුණි. Studio Sixty7 සමඟ එක්ව සිදුකළ මෙම පරිවර්තනයේදී ඒකවර්ණ අභ්‍යන්තර අලංකරණය සහ රන්වන් පැහැ භාවිතය තුළින් පාසිකුඩා වෙරළ තීරයටම සරිලන සුවිශේෂී අභ්‍යන්තර අලංකරණයක් හෝටලයට ගෙනඒමට හැකිවී තිබේ.

Sun Siyam Pasikudah සතුව ඉඩකඩ සහිත නවීන නිදන කාමර එකකින් සහ දෙකකින් යුත් garden හා beach pavilion 34ක් පවතී. ඊට අමතරව infinity පිහිනුම් තටාකයක්, කැරෝකේ, සම්බාහන ප්‍රතිකාර, ටෙනිස් සහ බැඩ්මින්ටන් පිටි, සංස්කෘතික සංචාර මෙන්ම මුහුදු යාත්‍රා අත්දැකීම් ආදී බෝහෝ පහසුකම් මෙහිදී අත්විඳිය හැක. එමෙන්ම තරු පිරුණු රාත්‍රී අහස යට හිඳිමින් ආහාර ගැනීමටත්, තේ රස බැලීමේ (Tea Tasting) පහසුකම් ද රැගත් Tea House, ක්ෂණික කෙටි ආහාර (පිට්සා සහ වෙනත් ග්‍රිල්ඩ් ආහාර) පිළිගන්වන Slice & Grill සහ කැරිබියානු කලාපයට ආවේණික ස්වරූපයේ, විවිධ බීම වර්ග රැගත් Beach Shack ආදී ආහාරපාන අත්දැකීම් රැසක් හෝටලයට ඇතුළත් ය.

දෙස් විදෙස් සංචාරකයින්ට පහසුකම් සලසන Sun Siyam Pasikudah හෝටලය නැගෙනහිර සංචාරක කර්මාන්තයේ ප්‍රමුඛ කාර්යභාරයකට සූදානමින් සිටියි. හෝටලය පිළිබඳ වැඩිදුර තොරතුරු 0652055555 සහ 0702424263 යන දුරකථන අංක හෝ https://www.sunsiyam.com/sun-siyam-pasikudah/ වෙබ් අඩවිය හරහා ලබාගත හැක.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව