
Sun Siyam Pasikudah හෝටලය තම කාර්යමණ්ඩල සාමාජිකාවන්ට බුහුමන් දක්වමින් පසුගිය මාර්තු 08වැනිදාට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනය උත්කර්ෂවත් අයුරින් සැමරීමට එක්විය. කාන්තා දිනය වෙනුවෙන් විශේෂ කේක් නිර්මාණයක් ද සකස්කර තිබුණු අතර, වෙනත් විශේෂ වැඩසටහන් කිහිපයක් ද සංවිධානයකර තිබුණි. එහිදී මෙරට සංචාරක කර්මාන්තය තුළ කාන්තා නියෝජනය වැඩිකිරීම වෙනුවෙන් හෝටලය මගින් ලබාදෙන දායකත්වය ගැන විශේෂයෙන් ඉස්මතු කෙරුණි.
මෙරට ජනගහනයෙන් අඩකට වඩා පිරිසක් කාන්තාවන් වූව ද, සංචාරක කර්මාන්තයේ නියැළී සිටින කාන්තාවන්ගේ ප්‍රමාණය සියයට 10කටත් අඩු ප්‍රතිශතයක් ගනී. ජාත්‍යන්තරය තුළ සංචාරක ව්‍යාපාරයේ කාන්තා නියෝජනය සියයට 50 ඉක්මවා තිබියදී ශ්‍රී ලංකාව තුළ එය තවමත් ඉතා අවම මට්ටමක තිබීම සැළකිල්ලට ගතයුතු කරුණකි.
සංචාරක කර්මාන්තය කෙරෙහි කාන්තාවන්ගේ අවධානය අඩුවෙන් යොමුවීමට හේතු ලෙස සමාජ ආකල්ප, ආරක්ෂාව පිළිබඳ ගැටලු සහ ස්ත්‍රීපුරුෂභාවය හා බැඳුණු සමාජ භූමිකා පිළිබඳ සාම්ප්‍රදායික ආකල්ප ආදිය පෙන්වා දිය හැක. Sun Siyam Pasikudah හෝටලය මෙම ගැටලු නිවැරදිව හඳුනාගනිමින් ඉහළ කාන්තා නියෝජනයක් සහිත සේවා පරිසරයක් බිහිකිරීමට පියවර ගණනාවක් ගෙන තිබේ.
හෝටලය මගින් අවට ප්‍රදේශයේ කාන්තාවන්ට රැකියා ලබාදී ඇති අතර, ඔවුන්ට පූර්ණ පුහුණුවක් සමඟ ආරක්ෂාකාරී සේවා පරිසරයක් ලබාදී තිබේ. එමගින් ප්‍රදේශවාසී කාන්තාවන්ට රැකියා හිමිකරදීමට අමතරව, මෙරට නැගෙනහිර කලාපය තුළ සමාජ-ආර්ථික සංවර්ධනයට දායකවීමට ද Sun Siyam Pasikudah හෝටලය කටයුතුකර ඇත.
″Sun Siyam Pasikudah හි සාර්ථකත්වයට ප්‍රධාන හේතුවක් ලෙස විවිධත්වයට ගරුකිරීම සහ සියල්ලන් නියෝජනය කිරීම හැඳින්විය හැකියි. අපගේ කාර්යමණ්ඩල සාමාජිකාවන්ගෙන් ලැබෙන සුවිශේෂී දායකත්වය වගේම ඔවුන්ගේ කුසලතා මගින් හෝටලයට පැමිණෙන දෙස්විදෙස් සංචාරකයින්ගේ අත්දැකීම් ඉහළ නැංවෙනවා. සියලු දෙනාට සමාන අවස්ථා හිමිවන සියලු දෙනාට සාර්ථකත්වය ළඟාකරගත හැකි සේවා සංස්කෘතියක් අපි ගොඩනඟා තිබෙනවා″, යනුවෙන් හෝටල් සාමාන්‍යාධිකාරී අර්ෂාඩ් රෙෆායි මහතා පැවසුවේය.
ශ්‍රී ලංකාව යනු ඉතිහාසයේ පටන්ම කාන්තාවන් සවිබලගැන්වීම වෙනුවෙන් නම් දැරූ රටකි. ලොව පළමු අග්‍රාමාත්‍යවරිය මෙරටින් බිහිවීම ඊට කදිම නිදසුනකි. එවන් සාරවත් උරුමයක් පසුබිම් කරගනිමින්, Sun Siyam Pasikudah හෝටලය ද පුහු සමාජ ආකල්ප බිඳදමමින් මෙරට සංචාරක කර්මාන්තයේ ස්ත්‍රීපුරුෂ සමානාත්මතාව තහවුරු කිරීම වෙනුවෙන් කැපවී ක්‍රියාකරයි.
ජාත්‍යන්තර කාන්තා දින සැමරුමට එක්වීම තුළින් ද කාන්තාවන් සවිබලගැන්වීම, ඔවුන් ලබාදෙන දායකත්වය ඇගයීම සහ ඉදිරි පරපුරටත් සංචාරක කර්මාන්තයට පිවිසීමට අපේක්ෂා ලබාදීම ආදී Sun Siyam Pasikudah හි කැපවීම පිළිිබිඹු වේ.
පාසිකුඩා ප්‍රදේශයේ සැඟවුණු සංචාරක ආකර්ෂණ අත්දැකීමටත්, නියම දේශීය ආහාරපාන රසබැලීමටත් අවස්ථාව සලසන Sun Siyam Pasikudah හෝටලය, පැවිලියන් මාදිලියේ සුඛෝපභෝගි නවාතැන් ඒකක 34කින් (කාමර 1 සහ 2කින් යුතු ඒකක) සමන්විත ය. ස්නෝක්ලින්, ජෙට්ස්කීන්, ස්කූබා ඩයිවින් ඇතුළු ත්‍රාසජනක ජල ක්‍රීඩා මෙන්ම නැගෙනහිර සංස්කෘතික ස්ථාන දැකබලාගැනීමට ද මෙහිදී අවකාශ උදාවේ.
තව ද සාම්ප්‍රදායික සහ යටත්විජිත යුගයට අයත් මෙරට ආහාරපාන රසවිඳීමට ද මෙහි නවාතැන් ගන්නා සංචාරකයින්ට ඉඩ සැලසේ. නැගෙනහිර වෙරළේ හෝටලයක් සතු විශාලතම වයින් එකතුව ද මෙහිදී දැකගත හැක. ඊට අමතරව, Tea House හිදී විවිධ තේ රසබැලීමටත්, Slice & Grill හිදී පිහිනුම් තටාකය අසල ආහාර රසවිඳීමටත්, Beach Shack හිදී කැරිබියානු ආරේ ආහාරපාන අත්විඳීමටත් හැකියාව ලැබේ. මුහුදු වෙරළේ මංගලෝත්සව, ආයතනික උත්සව සහ පෞද්ගලික සම්භාෂණ සඳහා ද හෝටලය කදිමට ගැලපේ. වැඩිදුරට තොරතුරු සඳහා https://www.sunsiyam.com/sun-siyam-pasikudah/ වෙබ් අඩවියට පිවිසෙන්න.