Sun Siyam Pasikudah, නැගෙනහිර වෙරළට සංචාරක අරුණළු ගෙනෙමින් 76වැනි නිදහස උත්කර්ෂවත් ලෙස සමරයි

2- GM Arshed with team

මෙරට නැගෙනහිර වෙරළතීරයේ පිහිටි සදාහරිත පාරාදීසයක් බඳු Sun Siyam Pasikudah හෝටලය 2024 පෙබරවාරි 4 වැනිදාට යෙදුණු 76 වැනි නිදහස් දින සැමරුම උත්කර්ෂවත් අයුරින් සමරන ලදී. දීර්ඝ නවීකරණ ක්‍රියාවලියකින් පසු 2023 නොවැම්බර් මාසයේදී යළි විවෘත කෙරුණු Sun Siyam Pasikudah හෝටලය, අසමසම ආගන්තුක සත්කාරයක් සපයමින් දිවයිනේ නැගෙනහිර කලාපයට දෙස් විදෙස් සංචාරකයින් ආකර්ෂණය කිරීමෙහිලා ගනු ලබන පුරෝගාමී මෙහෙවර ද මෙහිදී සැමරුමට ලක්විය.

 



 

නිදහස් දින සැමරුමේ ප්‍රධාන අංගයක් වූයේ  ජාතික ගීය වාදනයවන අතරතුර ජාතික ධජය සහ හෝටල් ධජය එසවීමයි. ඒ සඳහා හෝටලයේ නවාතැන් ගෙන සිටි සංචාරකයින් එක්වීම විශේෂත්වයක් විය. ඉන් අනතුරුව සියලුදෙනාටම එකිනෙකා සමඟ සුහද කතාබහකට නියැළීමේ අවස්ථාව උදාකරමින් තේපැන් සංග්‍රහයක් පිරිනැමීමට ද හෝටල් කාර්යමණ්ඩලය කටයුතු කළේය.

Sun Siyam Pasikudah හෝටලය Studio Sixty7 සමඟ එක්ව සිදුකළ නවීකරණය ක්‍රියාවලියෙන් අනතුරුව නැවත සංචාරකයින් හට විවෘත වූයේ 2023 නොවැම්බර් 17 වැනිදා ය. එම නවීකරණයේදී සිත් වසඟකරවන අයුරින් සුඛෝපභෝගීත්වය සහ සංස්කෘතික උරුමය කැටිකරගත් හෝටල් පරිසරයක් නිර්මාණය කිරීමට හැකිවිය.

2023 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි මුළු විදෙස් සංචාරකයින්ගේ ප්‍රමාණය මිලියන 1.48ක් විය. මේ වසරේ ජනවාරි මාසයේදී පමණක් ලක්ෂ 2කට වැඩි විදෙස් සංචාරකයින් ප්‍රමාණයක් දිවයිනට පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරයේ දත්ත පෙන්නුම් කරයි. මෙම සංචාරක පැමිණීම් අතුරින් මෙරට නැගෙනහිර වෙරළ තීරයට ආකර්ෂණයවන සංචාරකයින් ප්‍රමාණය ද ඉතා ඉහළ අගයක් ගනියි. නොඉඳුල් සංචාරක කලාපයක් වීම, පිවිතුරු වෙරළ තීරය, විවිධත්වයෙන් පිරි ආහාර, ආගමික ස්ථාන, වනජීවී කලාප, සංස්කෘතික උරුමයන් ආදිය ඊට ප්‍රධාන හේතු සපයයි.

ශ්‍රී ලංකාව තම 76වැනි නිදහස සමරන මේ අවස්ථාවේදි නැගෙනහිර කලාපයේ ශක්තියේ සහ කැපවීමෙහි සංකේතයක් ලෙස Sun Siyam Pasikudah හෝටලය නම් කළ හැකියි. සංචාරකයින්ට අද්විතීය අත්දැකීමක් සමීප කරන අතර, ප්‍රදේශවාසී ජනතාවට රැකියා සපයමින් ආර්ථික සංවර්ධනයට මහත් අත්වැලක් අපි ලබාදෙනවා. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පුනර්ජීවයකට ලක්වන මේ මොහොතේ රටේ සමාජ ආර්ථික දියුණුවට දායකවීමට හැකිවීම ගැන අපි මහත් සේ සතුටට පත්වෙනවා, යනුවෙන් Sun Siyam Pasikudah  හෝටලයේ  සාමාන්‍යාධිකාරී අර්ෂඩ් රෙෆාරි මහතා ප්‍රකාශ කළේය.

ඉඩකඩ සහිත නවීන නිදන කාමර එකකින් හෝ දෙකකින් යුත් garden හා beach pavilion 34ක් හෝටලය සතු ය. එමනිසා යුවලක් ලෙස හෝ පවුලේ සාමාජිකයින් ලෙස හෝ මිතුරන් කණ්ඩායමක් ලෙස හෝ සංචාරය කරන ඕනෑම කෙනෙකුට අවශ්‍ය හා සුදුසු නවාතැන් පහසුකම් හෝටලය සතු ය. නවීකරණය ක්‍රියාවලියේදී සුඛෝපභෝගීත්වය සහ අද්විතීයත්වය ඉස්මතුවන ආකාරයේ අභ්‍යන්තර අලංකරණ රැසක් ද එකතු විය.

ශ්‍රී ලංකාව සතු සාම්ප්‍රදායික ආහාරපාන මෙන්ම යටත් විජිත යුගයට අයත් ආහාර පාන ද මුසු කරගත් නැවුම් ආහාර සංස්කෘතියක් මෙහිදී අත්විඳීමට සංචාරකයින්ට අවස්ථාව උදාවේ. ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළේ විශාලතම වයින් එකතුව ඇත්තේ Sun Siyam Pasikudah හෝටලයේ The Cellar සතුව ය. මීට අමතරව විශාල තේ වර්ග රැසක් මෙන්ම තේ රස බැලීමේ (Tea Tasting) පහසුකම් ද රැගත් Tea House, ක්ෂණික කෙටි ආහාර (පිට්සා සහ වෙනත් ග්‍රිල්ඩ් ආහාර) පිළිගන්වන Slice & Grill සහ කැරිබියානු කලාපයට ආවේණික ස්වරූපයේ, විවිධ බීම වර්ග රැගත් Beach Shack ආදී ආහාරපාන අත්දැකීම් රැසක් හෝටලයට ඇතුළත් ය.

Sun Siyam Pasikudah හෝටලයේ නවාතැන් ගන්නා ඔබට මෙරට අපූර්ව ආකර්ෂණීය ස්ථාන රැසක් නැරඹීමේ හැකියාව ද පවතියි. දර්ශනීය පාසිකුඩා පාසිකුඩා මුහුදේ කිමිදෙමින්, ස්නෝක්ලින් හෝ ස්කූබා ඩයිවින් අත්දැකීමක් ලබමින් කොරල් පර නැරඹීට හෝ, ජෙට් ස්කී, කයාකින් හෝ ටියුබ් රයිඩ් අත්දැකීමක් විඳගැනීමට හෝ අවස්ථාව ඇත. එමෙන්ම වෙරළ තේමාව යටතේ  සාම්ප්‍රදායික මෙන්ම නවීන පන්නයේ විවාහ උත්සව පැවැත්වීමට ද හෝටල් බිම මනාව ගැලපෙයි.

සියලු ශ්‍රී ලාංකිකයින් 76වැනි ජාතික නිදහස සමරන මේ මොහොතේදී, නව අත්දැකීම්, සංස්කෘතික අංග සහ නිදහස පිරුණු අපූර්ව විවේකයක් වෙනුවෙන් Sun Siyam Pasikudah සංචාරකයින්ට ඇරයුම් කරයි. NDB ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත්හිමියන්ට 30%ක විශේෂ වට්ටමක් හිමිවන විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් ද මේ දිනවල ක්‍රියාත්මක වේ. www.sunsiyam.com/sun-siyam-pasikudah/ වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 065 2055 555 හෝ 0702424263 දුරකථන අංක ඇමතීමෙන් වෙන්කරවාගැනීම් සිදුකළ හැක.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව