
මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේදී තම එදිනෙදා අවිවේකී ජීවිතයෙන් මඳකට මිදී පිවිතුරු වෙරළ තීරයක සුන්දරත්වය අත්විඳින අතරතුර අවුරුදු උත්සවශ්රීයත් විඳගැනීමේ අවස්ථාව දෙස් විදෙස් සංචාරකයින්ට හිමිකරදීමට Sun Siyam Pasikudah හෝටලය සූදානමින් සිටියි.
රන්වන් පැහැගත් පාසිකුඩා වෙරළ තීරයේ පිහිටි තරු පහේ වෙරළ නිකේතනයක්වන Sun Siyam Pasikudah අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂිත පවුලේ ක්‍රීඩා රැසක් ද සමඟින් සජීව උත්සශ්රීයක් ගෙනඒමට සැලසුම් කර තිබේ. එනම්, ශ්‍රී ලාංකික උරුමය රැගත් එකමුතුකම, කෘතවේදීත්වය සහ නැවුම්බව සපිරුණු අලුත් අවුරුදු අත්දැකීමක් එහිදී විඳගැනීමේ අවස්ථාව උදාවනු ඇත.
අලුත් අවුරුදු උදාවත් සමඟ සාම්ප්‍රදායික කිරි ඉතිරවීමේ නැකත් චාරිත්‍රයේ සිට අලුත් අවුරුදු සම්ප්රදාය අත්විඳීමට දෙස් විදෙස් සංචාරකයින්ට හැකිවේ. සාම්ප්‍රදායික පොල්තෙල් පහන් දැල්වීමේ චාරිත්‍රය සිදුකිරීමෙන් අනතුරුව කොකිස්, මුංකැවුම්, අලුවා සහ කොණ්ඩ කැවුම් ආදී අලුත් අවුරුද්දටම විශේෂ වූ කැවිලි මේසයක් ද පිළියෙළ කෙරේ.
කුඩා දරුවන් වෙනුවෙන් ද බැලුම් පිපිරවීම, අලියාට ඇහැ තැබීම ආදී අවුරුදු ක්‍රීඩා ද සංවිධානය කිරීමට හෝටලය සැලසුම් කරතිබේ. වැඩිහිටියන්ට ද බෝතලයට වතුර පිරවීම, ගෝනි පැනීම, සංගීත පුටු තරගය වැනි අවුරුදු ක්‍රීඩාවලින් මනස සැහැල්ලු කරගනිමින් විනෝද වීමට අවස්ථාව හිමිවනු ඇත.
ඊට අමතරව කාන්තා සහ පිරිමි කඹ ඇදීමේ තරග ද, කොට්ටා පොර සහ කණාමුට්ටි බිඳීම වැනි තරමක ත්‍රාසජනක අවුරුදු ක්‍රීඩාවල නිරතවීමට ද ඔවුන්ට ඉඩකඩ හිමිවේ.
මේ සියලු අවුරුදු ක්‍රීඩා සහ විනෝදජනක ක්‍රියාකාරකම් අතරතුර තමන්ට සුපුරුදු උණුසුම් ආගන්තුක සත්කාරයෙන් සහ සුඛෝපභෝගීත්වයෙන් දෙස් විදෙස් සංචාරකයින් පිනවීමට ද Sun Siyam Pasikudah සැරසී සිටියි. දිවයිනේ වඩාත්ම සුන්දර වෙරළ තීරයක පිහිටි Sun Siyam Pasikudah හෝටලය සතුව කාමර එකකින් මෙන්ම දෙකකින් ද යුක්ත garden සහ beach pavilion 34ක් තිබේ. තරු පිරි අහස, සුන්දර පිහිනුම් තටාකය, ස්පා පහසුකම් මෙන්ම වෙරළාශ්‍රිත ත්‍රාසජනක ක්‍රියාකාරකම් ආදී විවිධාංග රැසක් තුළින් සංචාරකයින්ගේ අලුත් අවුරුදු අත්දැකීම වඩාත් පොහොසත් කිරීමට ද හෝටල් කාර්යමණ්ඩලය සූදානමින් සිටියි.
අප්‍රේල් මාසය පුරාවටම යුවල සඳහා විශේෂිත වට්ටමක් සහිතව රු. 47,600 සිට ඉහළට half-board මිල ගණන් හඳුන්වාදීමට කටයුතු යොදා තිබේ. ඊට අමතරව complimentary room upgrades, early check-in සහ late check-out වැනි වරප්‍රසාද ද ඒවායේ වලංගුතාව මත හිමිවනු ඇත.
අත්යාංලාකාර වෙරළ තීරය වෙනුවෙන් ප්‍රකට පාසිකුඩා ප්‍රදේශය සංස්කෘතික වශයෙන් මෙන්ම ස්වභාවික උරුමය අතින් ද ඉතා පොහොසත් කලාපයකි. සුඛෝපභෝගී නවාතැන්, ප්‍රණීත ආහාරපාන, නැවුම්බව ගෙනෙන ස්පා ප්‍රතිකාර මෙන්ම අවට ප්‍රදේශයේ සංචරණය තුළින් ද ජීවිතයට අමතක නොවන අත්දැකීම් රැසක් එක්කරගැනීමට දෙස් විදෙස් සංචාරකයින්ට හැකිවනු ඇත.
0652055555 දුරකථන අංකය හරහා වෙන්කරවාගැනීම් සිදුකළ හැකි අතර, වැඩිදුර තොරතුරු සඳහා https://www.sunsiyam.com/sun-siyam-pasikudah/ වෙබ් අඩවිය වෙත පිවිසිය හැක.