Sun Siyam Pasikudah නව මුහුණුවරකින් යළි විවෘත කෙරේ

1- Sun Siyam Pasikudah (LBN)

 



 

 

Sun Siyam Resorts හෝටල් සමූහයට අයත් ශ්‍රී ලංකාවේ Sun Siyam Pasikudah හෝටලය, 2023 නොවැම්බර් 17 වැනිදා නැවතත් සංචාරකයින්ට විවෘත කිරීමට නියමිත ය. දැවැන්ත නවීකරණ ක්‍රියාවලියකින් අනතුරුව යළි විවෘතවන Sun Siyam Pasikudah හෝටලය, සුඛෝපභෝගීත්වය සහ සංස්කෘතික උරුමයන් කැටිකරගත් නවතම ආශ්වාදජනක අත්දැකීම් රැසක් සංචාරකයින්ට සමීප කිරීමට සූදානමින් සිටියි.

Sun Siyam Pasikudah යළි දෙස් විදෙස් සංචාරකයින්ට විවෘත වීම පිළිබඳ සිය සතුට පළකරමින් හෝටලයේ සාමාන්‍යාධිකාරී අර්ෂඩ් රෙෆායි මහතා, විශේෂයෙන්ම දැවකලා සහ වඩු කර්මාන්තය ආශ්‍රිතව දේශීය ප්‍රජාව වෙත නව අවස්ථා නිර්මාණය කරදීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කළේය. එසේ දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ දායකත්වයෙන් හෝටලයට එක්කරන ලද ගෘහභාණ්ඩ, අලංකාර විදුලි ආලෝක නිර්මාණ ආදිය පිළිබඳව ද ඔහු සඳහන් කළේය.

හෝටයේ නවීකරණ ක්‍රියාවලියේදී එහි මූලික ආකෘතිය එලෙසින්ම පවතින අතරතුර, සෙසු සියලු අංග සම්පූර්ණ වෙනසකට ලක්කිරීමට පියවර ගෙන තිබේ. ඒ සමඟ ශ්‍රී ලංකාවේ සුන්දරත්වය හා බැඳුණු අමතක නොවන සංචාරක අත්දැකීමක් දෙස් විදෙස් සංචාරකයින්ට පිරිනමමින් නව පරිච්ඡේදයක ඇරඹුම සනිටුහන් කිරීමට Sun Siyam Pasikudah අපේක්ෂා කරයි.

Sun Aqua Pasikudah නමින් 2014 වර්ෂයේදී ආරම්භ වුණු හෝටලය, 2020 වසරේදී Sun Siyam Resorts හෝටල් ජාලයට එක්වෙමින් Sun Siyam Pasikudah ලෙස නව සන්නාමයක් ලෙස එළිදැක්විණි.

″හෝටලය තාවකාලිකව වසා තැබීමත්, අනතුරුව පැවති ගෝලීය වසංගත තත්ත්වයත් පසුබිම් කරගනිමින් අපට හෝටලයේ දැවැන්ත නවීකරණ රැසක් සිදුකිරීමට හැකිවුණා. Studio Sixty7 සමඟ එක්ව හෝටල් භූමිය එහි මුල් ආකෘතිය ආරක්ෂාවන පරිදි යළි සැලසුම්කිරීමටත්, සෑම පැතිකඩකින්ම එහි සෞන්දර්යය වැඩිකිරීමටත් අපට අවස්ථාව උදාවුණා″, යනුවෙන් Sun Siyam Resorts ප්‍රධාන විධායක නිලධාරී දීපක් බූනිඩි මහතා ප්‍රකාශ කළේය.

″අපගේ නවතම පිළිගැන්වීම්, පහසුකම් සහ සේවාව ආදී සෑම අංශයකින්ම සුප්‍රකට Sun Siyam දැක්ම හා බැඳුණු අත්දැකීමක් පිරිනැමීමට අප සැදීපැහැදී සිටිනවා. Sun Siyam Resorts boutique හෝටල් එකතුවේ සාඩම්බර සාමාජිකයෙකු ලෙස Sun Siyam Pasikudah යළි විවෘත කිරීම පිළිබඳවත් අපි බෙහෙවින් ආඩම්බර වෙනවා. ඒ සමඟම සෑම කෙනෙක්ටම මෙම මනරම් හෝටල් බිමට පිවිසෙන මෙන් උණුසුම් ලෙස ආරාධනා කරනවා″, යැයි ඔහු වැඩිදුරටත් පැවසුවේය.

තරු පහේ බුටීක් හෝටලයක්වන Sun Siyam Pasikudah, ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළේ පිහිටා තිබේ. ඊට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට පැය 6ක සුන්දර චාරිකාවකින් ළඟාවිය හැකි අතර, ඉඩකඩ සහිත නවීන නිදන කාමර එකකින් හෝ දෙකකින් යුත් garden හා beach pavilion 34කින් (පෞද්ගලික පිහිනුම් තටාක සහිත හා රහිත) එය සමන්විත ය. එමනිසා යුවලක් ලෙස හෝ පවුලේ සාමාජිකයින් ලෙස හෝ මිතුරන් කණ්ඩායමක් ලෙස හෝ සංචාරය කරන ඕනෑම කෙනෙකුට අවශ්‍ය හා සුදුසු නවාතැන් පහසුකම් හෝටලය සතු ය.

Studio Sixty7 හි නිර්මාතෘ සහ නිර්මාණ අධ්‍යක්ෂ දෙපළවන ලී මැක්නිකොල් සහ ජෝස් රිවෙරෝ හෝටලය නවීකරණ ක්‍රියාවලියට විශාල දායකත්වයක් සැපයූහ. ″Sun Siyam Resorts සමඟ එක්ව Sun Siyam Pasikudah හෝටලයට නැවත ජීවය ලබාදෙන්න අපට හැකිවීම පිළිබඳව අපි බෙහෙවින් සතුටු වෙනවා. අපට අවශ්‍ය වූයේ, සරලත්වය සහ සුඛෝපභෝගීත්වය මුසුවුණු තරු පහ ශ්‍රේණියේ අභ්‍යන්තර අලංකරණයක් හෝටලයට ලබාදීමටයි. සුන්දර පාසිකුඩා වෙරළ තීරයේ සුවිශේෂී, විචිත්‍රවත් සහ සුඛෝපභෝගීත්වයෙන් යුත් අභ්‍යන්තර අලංකරණය සහිත හෝටලයක් නිමවීම අපේ අරමුණ වුණා″, යනුවෙන් හෝටල් නවීකරණ ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දක්වමින් ලී මැක්නිකොල් සහ ජෝස් රිවෙරෝ පැවසූහ.

″එහිදී දේශීය කලා ශිල්පීන් සහ ප්‍රජාව සමඟ එක්ව අගනා ගෘහභාණ්ඩ සහ වෙනත් අභ්‍යන්තර අලංකරණ අංග නිමවීමටත්, එමගින් ශ්‍රී ලංකාව සතු කලා සංස්කෘතිය පෙන්නුම් කිරීමටත් අපට අවස්ථාව උදාවුණා. මෙම ව්‍යාපෘතියට එක්වුණු සියලු දෙනා ඉතාම ආදරයෙන් සහ උනන්දුවෙන් ඊට සම්බන්ධ වුණා. අවසාන වශයෙන් ශ්‍රී ලංකාවේ දැකිය යුතුම වටිනා ස්ථානයක් ලෙස එය නිමවීමට අපට හැකිවුණා. දෙස් විදෙස් සංචාරකයින් හෝටල් භූමිය දැකගන්නා තුරු අපි ආසාවෙන් බලාසිටිනවා″, යැයි ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

නව අත්දැකීම්, සංස්කෘතික අංග සහ නිදහස පිරුණු අපූර්ව විවේකයක් වෙනුවෙන් Sun Siyam Pasikudah සංචාරකයින්ට ඇරයුම් කරයි. හෝටලය නැවත විවෘත කිරීමට සමගාමීව ලබාදෙන ෆැමිලි සහ උත්සව වට්ටම් පිළිබඳ දැනුවත් වීමට www.sunsiyam.com/sun-siyam-pasikudah/ වෙබ් අඩවියට පිවිසෙන්න.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 − six =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව