
Sun Siyam Olhuveli හෝටලය වාර්ෂිකව සංවිධානය කරන කේක් සෑදීමේ වැඩසටහන සමඟින් ඉකුත් නොවැම්බර් 23 වැනිදා සිය වසර අවසාන උත්සව සමය නිල වශයෙන් ආරම්භ කළේය. ජනප්‍රිය ශ්‍රී ලාංකික සූපවේදියෙකු මෙන්ම දකුණු ආසියාවේ ප්‍රකටම සූපවේදී Youtube නිර්මාණකරුවෙකුවන චරිත් එන්. සිල්වා ද ඊට එක්ව සිටීම විශේෂත්වයක් විය.
YouTube, TikTok සහ Instagram සමාජ මාධ්‍ය ජාල තුනෙහිම @wildcookbook පිටුව හරහා මිලියන ගණනක් රසික සිත් දිනාගෙන සිටින චරිත්, ඔහු ඉදිරිපත් කරන වීඩියෝවල ඇති සූපවේදී විවිධත්වය, එළිමහන් ඉවුම් පිහුම් මෙන්ම ජවසම්පන්න ඉදිරිපත් කිරීම් නිසා එම ජනප්‍රියත්වය හිමිකරගෙන තිබේ. 2025 වසරේ ආසියාවේ වයස අවුරුදු 30ට අඩු කලාකරුවන් 30 දෙනා අතරට (කලා සහ මෝස්තර, ආහාරපාන අංශයේ) තේරී පත්වීම ද ඔහුගේ හැකියාව පෙන්නුම් කරයි. මෙසේ දේශීය රස ජාත්‍යන්තර උරුවකින් ලෝකයට ගෙනයන චරිත් කොළඹ පිහිටි Wildish අවන්හලේ හිමිකරු ද වේ.
″මගේ හැකියාව Sun Siyam Olhuveli වෙත ගෙනඒමට ලැබීම ඉතාම සුවිශේෂී අවස්ථාවක්. මෙය අමතක නොවන උත්සව සමයක් වනු නොඅනුමානයි″, යනුවෙන් චරිත් අදහස් දැක්වීය.
මුළුමහත් හෝටල් පරිශ්‍රයම සහ සංචාරකයින් සියලු දෙනා ද වාර්ෂික කේක් සෑදීමේ වැඩසටහනට ඒකාත්මිකව එක්ව සිටි අතර, එය උත්සව සමයට කදිම ආරම්භයක් ගෙන දුනි. විශේෂයෙන්ම නොවැම්බර් 24 වැනිදා චරිත් ඉදිරිපත් කළ සජීවී ඉවුම් පිහුම් වැඩසටහන ද උත්සව සමයට මහත් කළඑළියක් එක්කිරීමට සමත්විය.
″Sun Siyam Olhuveli සතු නිර්මාණශීලීබව මෙම වැඩසටහන් තුළින් හොඳින් පෙන්නුම් කෙරුණා. අපේ ආගන්තුක සත්කාර ක්‍රමවේදයට හොඳින් ගැලපෙන ආකාරයේ ජවසම්පන්න තරුණයෙකුවන චරිත්ගෙන් මෙවර කේක් සෑදීමේ වැඩසටහන අමතක නොවන අත්දැකීමක් බවට පත්කිරීමට විශාල දායකත්වයක් ලැබුණා″, යනුවෙන් Sun Siyam Olhuveli සාමාන්‍යාධිකාරී හසන් ආදිල් මහතා පැවසුවේය.
එළඹෙන දෙසැම්බර් 21 සිට 2026 ජනවාරි 8 වැනිදා දක්වා පැවැත්වෙන Sun Siyam Olhuveli හි MYSTIVAL 2025–2026 වැඩසටහන් මාලාවට ද සංගීතය, ඉවුම් පිහුම්, විනෝදාත්මක සංස්කෘතිකාංග සහ දිවයිනට ආවේණික අත්දැකීම් ඇතුළු විශේෂාංග රැසක් එක්කර තිබේ.


