Summer season සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියට අයැදුම්පත් කැඳවයි

lochana (LBN)

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුබද්ධිත මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සංගමය මෙහෙයවනු ලබන Summer season සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා අයැදුම්පත් බාරගැනීම දැන් සිදු කෙරේ. අප්‍රේල් මස 20 වැනිදා සිට 28 දක්වා නුවරඑළිය නගරසභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම ශූරතාවලිය ජාතික ශ්‍රේණිගත කිරීමේ පළමු මට්ටමේ තරගාවලියක් ද වේ.

 



 

විවෘත, කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ, ඒකාබද්ධ වයස් කාණ්ඩ සහ පළඟ වශයෙන් කාණ්ඩ හතරකින් යුතුව පැවැත්වෙන Summer season සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ විවෘත තරග අංශයට කාන්තා හා පිරිමි ඒකල හා යුගල තරගද, මිශ්‍ර තරග ද ඇතුළත් වන අතර, අවුරුදු 11න් පහළ සිට අවුරුදු 19න් පහළ වයස් කාණ්ඩ දක්වා බාලක බාලිකා ඒකල සහ යුගල වශයෙන් කනිෂ්ඨ අංශයේ තරග පැවැත්වේ. ජ්‍යෙෂ්ඨ අංශයට අවුරුදු 30ට ඉහළ වයස් කාණ්ඩයේ සිට අවුරුදු 70ට ඉහළ වයස් කාණ්ඩය දක්වා කාන්තා හා පිරිමි ඒකල, යුගල සහ මිශ්‍ර යුගල වශයෙන් තරග පැවැත්වෙනු ඇත. අවුරුදු 110ට ඉහළ කාන්තා හා පිරිමි යුගල  හා මිශ්‍ර යුගල වශයෙන් ඒකාබද්ධ වයස් කාණ්ඩයේ තරග පැවැත්වෙන අතර, පළඟ ශූරතා අංශයේ තරග කාන්තා හා පිරිමි විවෘත තරග අංශයේ අවසන් පූර්ව වටයේ පරාජිතයන්ට වෙන් කර තිබේ.

Summer season සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියේ සමාරම්භක උත්සවය සහ මූලික වටයේ තරග අප්‍රේල් මස 20 වැනිදා පැවැත්වෙන අතර, 21 සිට 25 දින දක්වා ද මූලික වටයේ තරග පැවැත්වෙනු ඇත. අප්‍රේල් මස 26 වැනිදා පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරග සහ සියලුම අවසන් අර්ධ පූර්ව වටයේ තරග පැවැත්වෙන අතර, සියලුම අවසන් පූර්ව තරග අප්‍රේල් 27 වැනිදාටත්, සියලුම අවසන් මහා තරග සහ සමාප්ති උත්සවය අප්‍රේල් මස 28 වැනිදාටත් පැවැත්වීමට නියමිතය.

ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට රුපියල් හත්ලක්ෂ පනස්දහසක මුදල් ත්‍යාග පිරිනැමෙන අතර, මීට අමතරව ශූරයන්ට අනුශූරයන්ට සහ අවසන් පූර්ව වටයට පිවිසෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කුසලාන, පදක්කම් සහ සහතික පත්‍ර පිරිනැමේ.  Summer season සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය Mcfoil, Mobil, Li Ning,  3M සහ GAC අනුග්‍රාහකත්වය යටතේ පැවත්වේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව