
Star Global Ventures, Krup Global Pvt Ltd සහ DK International, 2025 Lankapak ප්‍රදර්ශනය සඳහා සහභාගීවන බව දන්වා සිටී. මේ මස 23 සිට 25 දක්වා BMICH හිදී පැවැත්වෙන එම ප්‍රදර්ශනයේදී, දේශීය සහ අන්තර්ජාතික ඇසුරුම්කරණ සහ කාර්මික ක්ෂේත්රය සවිබලගැන්වීම සඳහා එම සමාගම් පිරිනමන යාන්ත්‍රික සහ කාර්මික තිරසර විසඳුම් ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
තවද, ලොව පුරා ප්‍රගතිය, කාර්යක්ෂමතාව සහ තිරසාරත්වය වෙනුවෙන් Krup Global සමාගම විසින් ලොවට හඳුන්වා දෙන ලද ART Technology (Affordable, Reliable, Trustable) ද ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන පිරිසට අත්විඳීමේ අවස්ථාව උදාවනු ඇත.
මෙහිදී ප්‍රදර්ශනය කිරීමට නියමිත යන්ත්‍රෝපකරණ අතර, විවිධ කර්මාන්ත සඳහා ලෝක මට්ටමේ සුරක්ෂිත සහ කාර්යක්ෂම ඇසුරුම්කරණයකට ස්ට්රැපින් විසඳුම් ලබාදෙන MOSCA සන්නාමයේ ස්ට්රැපින් යන්ත්‍රය මෙහිදී ප්‍රදර්ශනය කෙරෙන යන්ත්‍රෝපකරණ සහ මෙවලම් අතර වේ. තවද, කාර්මික යෙදවුම් සඳහා නිරවද්‍ය සහ විශ්වසනීය පරීක්ෂාවක් තහවුරු කරමින් උසස් තාක්ෂණික ප්‍රමිතියක් හිමිකර දෙන PN SHAR Testing යන්ත්‍රය මෙන්ම, හෑන්ඩ් පැලට් ට්‍රක්, ෆෝක්ලිෆ්ට්, ස්ටෑකර්, රීච් ට්‍රක් ආදී OLIFT සන්නාමයේ යන්ත්‍රෝපකරණ ද මෙහිදී ප්‍රදර්ශනය කිරීමට නියමිතය. අමුද්‍රව්‍ය වඩාත් සුරක්ෂිතව සහ කාර්යක්ෂමව එහා-මෙහා ගෙන යා හැකි කල්පවතින සහ හැසිරවීමට පහසු සන්නාමයක් ලෙස OLIFT සැලකේ.
ඊට අමතරව, රැළි සහිත පෙට්ටි නිෂ්පාදකයින් මුහුණ පෑ අභියෝගවලට සාර්ථක විසඳුම් ලබා දී ඇති, ලොව විශිෂ්ටත ම Stitching Wire යන්ත්රයවන STH Wire යන්ත්‍රය ද මෙම ප්‍රදර්ශනයේදී දැකගත හැකිවනු ඇත. STH Green, ක්ෂේත්‍ර කිහිපයක් සඳහා පේටන්ට් බලපත්‍රය සහිත තිරසර නිෂ්පාදන පිරිනමයි. මෙම නිෂ්පාදන, ඛණිජමය නිෂ්පාදන වෙනුවට ශාඛ පදනම්කර ගත් නිෂ්පාදන ලොවට හඳුන්වා දෙන බැවින්, එය අනාගතයේ තිරසර පරිසරයක් ගොඩනැගීම සඳහා කැපීපෙනෙන කාර්යභාරයක් ඉටු කරයි.
මෙම සමාගම් තුන මගින් මෙහිදී ප්‍රදර්ශනය කරනු ලබන කාර්මික විසඳුම්, ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට විශේෂඥ දැනුම, නවෝත්පාදනය සහ විශ්වසනීයත්වය හිමිකර දීම විශේෂත්වයකි.
Star Global Ventures සමාගම, පාරිභෝගික-කේන්ද්‍රීය විසඳුම් සමගින් උසස් තාක්ෂණික යන්ත්‍රෝපකරණ පිරිනැමීම සඳහා තාක්ෂණික විශේෂඥ දැනුමත්, ශක්තිමත් ජාත්‍යන්තර වෙළඳපොළ අත්දැකීමත් කැටිකොට ගත් ඇසුරුම්කරණ යන්ත්‍රෝපකරණ සහ මෙවලම් හඳුන්වාදෙන සමාගමකි. එමෙන්ම, DK International, Krup Global සහ Star Global Ventures සමාගම්, ගෝලීය වෙළෙඳ හවුල්කාරිත්ව සමගින් කාර්මික, මුද්‍රණ සහ ඇසුරුම්කරණ විසඳුම් පිරිනමයි.
“Lankapak 2025 ප්‍රදර්ශනය, අප සතු ඇසුරුම්කරණ සහ කාර්මික වෙළෙඳපොළේ අනාගතය හැඩගස්වන නවීනතම තාක්ෂණික ක්‍රමවේද ප්‍රදර්ශනය කිරීමට හිමිවන කදිම අවස්ථාවක්. මෙහිදී ප්‍රදර්ශනය කෙරෙන Krup Global සහ Star Global පිරිනමන ඇසුරුම්කරණ විසඳුම් මගින්, ගෝලීය වෙළෙඳපොළ තුළ ශීඝ්‍රයෙන් වර්ධනයවන ඉල්ලුම සපුරාලිය හැකි ලෝක මට්ටමේ යන්ත්‍රෝපකරණ සහ තිරසර නවෝත්පාදන විසඳුම් දැකබලා ගැනීමේ අවස්ථාව මෙරට ජනතාවට උදා කරනවා. DK International සමාගම පිරිනමන මුද්‍රණ සහ ඇසුරුම්කරණ විසඳුම්, යම් ක්ෂේත්රවල ප්‍රමුඛස්ථානය ගෙන තිබෙන බව සතුටින් ප්‍රකාශ කරන්න පුළුවන්. මෙවැනි නවීන තාක්ෂණයෙන් යුතු යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමට අපේක්ෂා කරන පිරිසට ඒවායේ ක්‍රියාකාරිත්වය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට මෙම ප්‍රදර්ශනයේදී හැකි වනවා. කාර්යක්ෂමතාව, ප්‍රමිතිය සහ තිරසාරත්වය සමගින් කර්මාන්තයේ ප්‍රගතිය වෙනුවෙන් දායකත්වය ලබා දීමට හැකි වීම පිළිබඳ ආඩම්බර වනවා,” යනුවෙන් එම සමාගම්වල අධ්යක්ෂවරු සඳහන් කළෝය.
Lankapak යනු, ඇසුරුම්කරණ, පිරිසැකසුම්, මුද්‍රණ සහ ප්ලාස්ටික් ක්ෂේත්රයේ ප්‍රමුඛත ම නිෂ්පාදකයින්, සැපයුම්කරුවන්, තීරණ ගන්නන් සහ වෘත්තිකයින් එකම වේදිකාවකට ගෙන එන මෙරට ප්‍රධානත ම ප්‍රදර්ශනයයි. ලොව පුරා මුද්‍රණ සහ ඇසුරුම්කරණ ක්ෂේත්රයේ අනාගතය හැඩගස්වන නවෝත්පාදන විසඳුම්, තිරසර තාක්ෂණික ක්‍රමවේද සහ ව්‍යාපාරික විසඳුම් ප්‍රදර්ශනය කිරීම වාර්ෂිකව සංවිධාන කෙරෙන මෙහි අරමුණයි


