Star Garments, ශ්‍රී ලංකාවේ ව්‍යාපාර මෙහෙයුම් තවදුරටත් පුළුල් කරයි

1- Botejue and Star (LBN)

ශ්‍රී ලංකාව තුළ තම ව්‍යාපාර කටයුතු තවදුරටත් ප්‍රසාරණය කරමින් කොළොන්න මැනුෆැක්චරින් සමාගමේ වත්කම් මිලදීගැනීමට Star Garments සමූහය පසුගියදා සමත්විය. ඒ සමඟ එය Star Garments සමූහය සතු ශ්‍රී ලංකාවේ 12වැනි ඇඟලුම් කර්මාන්තශාලාව බවට පත්වූ අතර, රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න ප්‍රදේශය ආශ්‍රිතව රැකියා අවස්ථා 1,000කට වැඩි ප්‍රමාණයක් ඉන් ජනනය වීම ද විශේෂත්වයකි. තව ද ඇඟලුම් අපනයන කේන්ද්‍රයක් ලෙස ශ්‍රී ලංකාව සතු විභවය පිළිබඳ Star Garments සතු දැවැන්ත විශ්වාසය ද මෙමගින් පිළිබිඹු වේ.

 




 

″ශ්‍රී ලංකාව තුළ අපගේ දිගුකාලීන ව්‍යාපාර කැපවීම මෙම ආයෝජනය හරහා පෙන්නුම් කෙරෙන අතරම ඇඟලුම් නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාව සතු දැවැන්ත විභවයත් ඉන් පිළිබිඹු කෙරෙනවා. Komar සමූහයේ ප්‍රධාන ව්‍යාපාර අංශයක් ලෙස Star Garments ඉදිරි වර්ෂ කිහිපයක තුළ තවත් වර්ධනය වනු දැකීම අපගේ අපේක්ෂාවයි″,  යනුවෙන් මෙම ව්‍යාපාර අත්පත්කරගැනීම පිළිබඳ අදහස් දක්වමින් Komar සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී චාලි කොමාර් මහතා ප්‍රකාශ කළේය.

දශක හතරකට වැඩි අත්දැකීම්වලින් හෙබි Star Garments සමූහය යනු ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය තුළ ප්‍රමුඛයේ වන අතර, 9,000කට වැඩි පිරිසක් එහි ඇඟලුම් කර්මාන්තශාලා තුළ සේවය කරති. ගෝලීය මට්ටමේ ඇඟලුම් සැපයුම, නිර්මාණකරණය සහ නිෂ්පාදනය සිදුකරන Star Garments ශ්‍රී ලංකාව තුළ වඩාත් නව්‍ය සහ තිරසර ඇඟලුම් නිෂ්පාදන සමාගමක් ලෙස ද කීර්තියක් උසුළයි.

2020 වසරේ පැවැති AIA New York’s වාර්ෂික Design Awards හිදී Star Garmentsහි වර්ග අඩි 70,000ක නවෝත්පාදන මධ්‍යස්ථානය හිමිකරගත් තිරසරභාවය වෙනුවෙන් වූ කුසලතා සම්මානය ඊට කදිම නිදසුනකි. එය අග්නිදිග ආසියාතික කලාපයේ ප්‍රථම Passive House design මධ්‍යස්ථානය  ද වේ. සියලු කර්මාන්තශාලා ආශ්‍රිතව කාබන් ශූන්‍යතා (CarbonNeutral®) සහතිකය හිමිකරගෙන සිටින Star Garments ශ්‍රී ලංකාව තුළ කාබන් ශූන්‍යතාව හිමිකරගත් විශාලතම සමාගම වීම ද කැපීපෙනේ. මෙම අන්තර්ජාතික කාබන් ශූන්‍යතා සහතිකය තම සියලු කර්මාන්තශාලා ආශ්‍රිතව හිමිකරගත් ශ්‍රී ලංකාවේ එකම ඇඟලුම් සමාගම වන්නේ ද Star Garments ය.

″අපි ශ්‍රී ලංකාවෙන් ඔබ්බට ඇඟලුම් නිෂ්පාදන කටයුතු ප්‍රසාරණය කරන අතරේ, ශ්‍රී ලංකාව සතු ඇඟලුම් නිෂ්පාදන විභවය පිළිබඳවත් අපට විශාල බලාපොරොත්තුවක් තිබෙනවා. කොළොන්න මැනුෆැක්චරින් සමාගම මිලදීගැනීම තුළින් එම විශ්වාසය මැනවින් පිළිබිඹු වෙනවා. ශ්‍රී ලංකාව මුහුණ දෙන දැඩි ආර්ථික දුෂ්කරතා හමුවේ වුව ද මෙරට ඇඟලුම් කර්මාන්තයේ වර්ධනය පිළිබඳ අපට සුබවාදී බලාපොරොත්තුවක් තිබෙනවා″, යනුවෙන් Star Garments සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ ඒ. සුකුමාරන් මහතා පැවසුවේය.

මෙම ආයෝජනය ශ්‍රී ලංකාව තුළ තම ඇඟලුම් නිෂ්පාදන ධාරිතාව ශක්තිමත් කරගැනීමටත්, සමාගමේ ආයෝජන කළඹ වර්ධනය කරගැනීමටත් සිදුකළ ක්‍රමෝපායික ව්‍යාපාර මැදිහත්වීමක් ලෙස හැඳින්විය හැක.

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව