Sprite ‘refresh & reload’ මූඩිය යට ප‍්‍රවර්ධන වැඩසටහන මඟින් සතුට විවර කරයි

Image-(2)

කොකාකෝලා ආයතනයෙහි දෙවැනි විශාලතම සිසිල් බීම සන්නාමය වන Sprite  2019 දෙසැම්බර් 31 වැනිදා දක්වා‘Refresh & Reload’ ප‍්‍රවර්ධන වැඩසටහන දියත් කරයි. සිසිල් සහ නැවුම් ලෙමන්, දෙහි රසයෙන් පිරි Sprite පානය කිරීමෙන් වැඩි වැඩියෙන් දිනුම් අවස්ථා ලබාගැනීමට දැන් පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබේ. දිවයින පුරා විසිරී සිටින පාරිභෝගිකයන්ට මිලියන 4කට වඩා වැඩි මුදල් ප‍්‍රමාණයක් රීලෝඞ් දිනුම් අවස්ථා ලෙස දින ගැනීමට මෙම UTC (under-the-crown) ප‍්‍රවර්ධන වැඩසටහන මඟින් ඉඩ සැළසෙයි. දිවයින පුරාම පැවැත්වෙන මෙම ප‍්‍රවර්ධන වැඩසටහන 1.25Lt, 1.5Lt & 2Lt Sprite, Coca-Cola, Fanta Orange, Fanta Cream Soda, Portello, Lion Ginger Beer සහ Lion Soda ප්ලාස්ටික් පෙට් බෝතල්වල මුඩි ඇතුලේ දිනුම් අවස්ථා ලැබෙන පරිදි සකස්කර තිබෙන අතර පාරිභෝගිකයාට ඉහත නම් කළ  ඕනෑම සන්නාමයක බෝතලයක මූඩිය ඇතුලේ දිනුම් ලබාගැනීමේ අවස්ථාව හිමිවේ. කහපාට මූඩිය යට ඇති සුවිශේෂී සංකේත අංකය හිමිකරගත් පාරිභෝගිකයන්ට එම අංකය 2343ට කෙටිපණිවිඩයක් හරහා යැවීමෙන් තමන්ගේ දුරකථනයට රු.5, රු.10,රු.50 සහ රු.100 වටිනාකම් ඇති රීලෝඞ් දිනාගැනීමට මෙහිදී අවස්ථාව හිමිවේ. මෙම ප‍්‍රවර්ධන වැඩසටහන මඟින් මිලියන හතරකට වඩා වැඩි මුදලක් රීලෝඞ් ලෙස දිනාගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට හිමිවන අතර, තමන්ගේ දුරකථනයට එම ජයග‍්‍රාහී මුදල් ප‍්‍රථිපූර්ණය / රීලෝඞ් වීම සිදුවේ. ඉහත දක්වා ඇති  ඕනෑම මුදල් අගයක් ලංකාවේ ඇති  ඕනෑම සන්නිවේදන සේවා පහසුකම් සපයන ජාලයක් හරහා ක්ෂණිකව ඔවුන්ගේ දුරකථන වලට රීලෝඞ් කරගැනීමේ අවස්ථාව සැමට උදාකරදී ඇත.

මෙම ප‍්‍රවර්ධන වැඩසටහන පිළිබ`ද අදහස් දැක්වූ කොකාකෝලා ශ‍්‍රී ලංකා පෞද්ගලික ආයතනයෙහි අලෙවි ප‍්‍රධානී මාරියෝ පෙරේරා මහතා,” Coca-Cola නිෂ්පාදන අතර ඇති වැඩි පිරිසක් ආදරය කරන සන්නාමයක් වන Sprite සන්නාමය යටතේ මෙම මූඩිය යට දිනුම් ලැබෙන ප‍්‍රවර්ධන වැඩසටහන පැවැත්වීමට ලැබීම අපට සතුටක්. දශක ගණනාවක් තිස්සේ නැවුම්බව පුබුදුකරන අසමසම පානය ලෙස Sprite කා අතරටත් ජනප‍්‍රිය වී තිබෙනවා එමෙන්ම එය තරුණබවේ ජවය සහ විනෝදය සැබෑවටම මතුකරන සන්නාමයක්. මෙම ප‍්‍රවර්ධන වැඩසටහන මඟින් කා අතරත් Sprite ගැන තිබෙන හැඟීම නැවත ඉස්මතුවන බව අපට විශ්වාසයි. ඒවගේම මෙමඟින් සැමදෙනා අතරටම නැවුම්බව ගැන අලූත් කතාබහක් සහ වින්දනයේ ප‍්‍රබෝධයක් ශ‍්‍රී ලංකාව පුරා ඇතිවනු ඇතැයි අප විශ්වාස කරනවා.”

කොකාකෝලා බේවරේජ් ශ‍්‍රී ලංකා ආයතනයේ අලෙවි සහ වානිජ අධ්‍යක්ෂ ශාමල් ගුණවර්ධන මහතා සිය අදහස් දැක්වීමේ දී පවසා සිටියේ,” හැමදාමත් Coca-Cola විසින් සිය සන්නාමයන් සමඟ වඩා හොඳින් සම්බන්ධවීමට අවස්ථාව ලබාදීම මඟින් සිය පාරිභෝගික ජනතාවට වටිනා අගයක් ලබාදීමට කටයුතු කළා, දැන් මේ Sprite  හඳුන්වාදෙන මූඩිය යට ප‍්‍රවර්ධන වැඩසටහන මඟින් මිලියන 4කට වඩා වැඩි මුදල් අගයක් දිනා ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබෙනවා. ඉදිරියේ එන උත්සව සමයට වඩා හොඳ ප‍්‍රබෝධමත් ආරම්භය ලෙස අපි මේ වැඩසටහන දකිනවා වගේම සතුට සහ නැවුම්බවේ ප‍්‍රබෝධය ශ‍්‍රී ලංකාව තුළ විහිදී විසිරී යනු ඇතැයි අප විශ්වාස කරනවා.”

මෙම ආකර්ශණීය ප‍්‍රවර්ධන වැඩසටහනට සම්බන්ධවීම සඳහා පාරිභෝගිකයන්ට ඉතාම සරල ක‍්‍රියාදාමයක් සිදුකළයුතු අතර අදාළ Sprite  බීම බෝතල් හෝ සඳහන් කරඇති කොකාකෝලා සන්නාමය යටතේ පවතින වෙනත්  ඕනෑම බීම බෝතලයක් මිලදී ගෙන එහි මූඩියයට ඇති අංකය පරීක්ෂා කිරීමෙන් මෙම දිනුම් අවස්ථා උදාකර ගැනීමට ඔබට හැකියාව ලැබේ. මූඩිය යට ඇති සුවිශේෂී කේත අංකය  “SP (Space) pin number” ලෙස සටහන් කර 2343ට SMS කිරීමෙන් ඔබ දිනුම් අවස්ථාවට සුදුස්සෙක් වන අතර, සියලූම කහපාට මූඩි ක්ෂණික රීලෝඞ් දිනාගැනීමට භාවිතා කළ හැක. එම ක්ෂණික දිනුම් අවස්ථා ඇති කහපාට මූඩි අදාළ PET බෝතලය මිලදී ලබාගත් වෙළඳ ස්ථානයට එවලේම ලබාදී ඔබේ රීලෝඞ් මුදල ලබාගැනීමේ අවස්ථාව ද සලසා ඇත.

ජයග‍්‍රාහකයන් තෝරාගැනීමේදී කිසිදු මානව සම්බන්ධතාවක් නොමැතිව ස්වයංක‍්‍රීය ක‍්‍රමවේදයක් මඟින් දිනුම් අවස්ථා තෝරාගැනීම සිදුකරනු ලැබේ.

ලෝකයේ වඩාත්ම ජනප‍්‍රිය සන්නාමයක්වන කොකාකෝලා දශක හයක කාලයක් ශ‍්‍රී ලාංකික ජනතාවගේ ආදරය දිනාගත් ප‍්‍රබෝධයේ පානය ලෙස කා අතරත් ප‍්‍රචලිත වී තිබේ. ශ‍්‍රී ලාංකිකයන්ගේ හදවත්වල සදානොමැකෙන ලෙස සටහන්වන සන්නාම කිහිපයක් වෙළඳපොලට හඳුන්වාදීමට කොකා-කෝලා වලට හැකියාව ලැබී ඇති අතර අද ශ‍්‍රී ලංකාවේ ඉදිරියෙන්ම සිටින සන්නාමයක් බවට පත්වී තිබේ. ජාත්‍යන්තරව සහ ජාතික වශයෙන් සියලූ දෙනා අතර ජනප‍්‍රියව ඇති සන්නාම කිහිපයක් ශ‍්‍රී ලංකාවේ සැමට හඳුන්වාදුන් ඔවුන් Coca-Cola, Coca-Cola Light, Coke Zero, Sprite, Sprite Zero, Fanta Orange, Portello, Fanta Cream Soda, Fanta Pineapple, Fanta Fruit Punch, Lion Soda, Lion Ginger Beer සහ Kinley Water ආදී නිෂ්පාදන ලබාදෙමින් ඔබ සමඟම සිටී.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen − eleven =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව