SportUnleash Throwers ශූරතාවලිය නොවැම්බර් 12 වැනිදා කොළඹදී

Throwers Championships 2022 Logo

 



 

 

පළමුවරට සංවිධානය කෙරෙන SportUnleash Throwers ශූරතා තරගාවලිය නොවැම්බර් 12වැනිදා පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා කොළඹ 7 ටොරින්ටන් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ජාත්‍යන්තර මට්ටමේ තරග අත්දැකීමක් ගෙනෙන මෙම ශූරතාවලියට ජවන හා පිටිය තරග ක්‍රීඩා ඉසව් කිහිපයක්ම ඇතුළත් ය.

ඒ අනුව, යගුලිය විසිකිරීම, කවපෙත්ත විසිකිරීම සහ හෙල්ල විසිකිරීම යන තරග අංශ ඔස්සේ වයස අවුරුදු 14න් පහළ, 16න් පහළ සහ 18න් පහළ යන කාණ්ඩ යටතේ බාලක සහ බාලිකා තරග පැවැත්වෙනු ඇත. ඒ සඳහා තනි පුද්ගල තරගකරුවන් මෙන්ම පාසල් මට්ටමින් (සමස්ත දිවයිනම ආවරණය වන පරිදි) ද සහභාගී විය හැක. www.sportunleashthrowers.com වෙබ් අඩවිය ඔස්සේ තරග සඳහා ලියාපදිංචි විය හැක.

සෑම තරග ඉසව්වක් සඳහාම 24 දෙනෙකු වශයෙන් සීමිත තරගකරුවන් පිරිසකට අවස්ථාව හිමිවන අතර, එක් තරග වාරයකට උපරිම තරගකරුවන් ගණන 12කි. ඒ අතුරින් හොඳම ක්‍රීඩකයින් 8 දෙනාට විසිකිරීමේ අවස්ථා 6ක් හිමිවන අතර, එම සෑම විසිකිරීමක්ම මැන බැලේ. හොඳම දක්ෂතා දක්වන ක්‍රීඩකයින් 8දෙනාට සහතික පත්‍ර ද, හොඳම ක්‍රීඩකයින් තිදෙනාට රන්, රිදී සහ ලෝකඩ පදක්කම් ද පිරිනැමේ. සෑම තරග වටයක් සඳහාම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ විනිසුරුවරු සහභාගී වන අතර, ශ්‍රී ලංකා වාර්තා අභිබවා යන අවස්ථා සටහන් කරගැනීමට ද ඔවුන් කටයුතු කරනු ඇත.

″SportUnleash Throwers ශූරතාවලිය හරහා මලල ක්‍රීඩා ඉසව් සංවිධානය කිරීම පිළිබඳ නව ක්‍රීඩා සංස්කෘතික අත්දැකීමක් සමීප කිරීම අපගේ බලාපොරොත්තුවයි. අපි රටක් වශයෙන්, ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණයක් ලබාගැනීමට නම් සෑම තරගයක් තුළින්ම සුවිශේෂී දක්ෂතා දැක්වීමට ක්‍රීඩකයින්ට අවස්ථාව සැලසිය යුතුයි. SportUnleash Throwers ශූරතාවලිය ඊට කදිම නිදසුනක්. ඉහළ මට්ටමේ ප්‍රමිතීන් රඳවා ගනිමින්, ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ සැබෑ පෙරළියක් ළඟා කරගැනීම අපගේ අරමුණයි″, යනුවෙන් තරගාවලි සංවිධායක කමිටුවේ සභාපති ටලවොව් අලයිලීමා ප්‍රකාශ කළේය.

තරගාවලි සංවිධායක කමිටුව, එහි සභාපති ටලවොව් අලයිලීමා, පුහුණුකරුවන් වන මේජර් (විශ්‍රාමික) උපාලි වික්‍රමසිංහ, ජෝයි ධනුෂ්ක පෙරේරා, ජයකොඩි, ෆොන්සේකා සහ චේතන් ද සිල්වා යන අයගෙන් ද උප කමිටුව, පුහුණුකරුවන් වන මෙන්ඩිස්, හේමන්ත සහ ජානක යන අයගෙන් ද සමන්විත වේ.

SportUnleash හි මෙම ප්‍රථම තරගාවලිය හරහා දරුවන්ට සිය දක්ෂතා උපරිමයෙන් පෙන්නුම් කිරීමටත්, විශේෂයෙන්ම වයස අවුරුදු 9-11 අතර දරුවන්ගේ ක්‍රීඩා කුසලතා කලින් හඳුනාගැනීම පිළිබඳ පරිපූර්ණ වාර්තාවක් ලබාගැනීමටත් වටිනා අවස්ථාවක් වනු නිසැක ය.

මෙම තරගාවලියට ලියාපදිංචිවීම සඳහා https://www.sportunleashthrowers.com/register/ වෙත පිවිසෙන්න. නැතහොත් 075 219 8524 (චේතන්) හෝ 077 351 1897 (උපාලි) හෝ 077 362 2383 (ජෝයි) අමතන්න.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 + sixteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව