Spa Ceylon, තවත් අන්තර්ජාතික ජයග්‍රහණයක් දිනා ගනී!

Spa Ceylon

Natural & Organic Beauty Innovation Awards 2025 UK හීදී Spa Ceylon තවත් අන්තර්ජාතික ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා.

මෙහිදී නව තාක්ෂණය මුසු කළ SeaVeda සහ ForestVeda Wellness Collections දෙකත් හඳුන්වා දෙයි!

(2025-මැයි-16, කොළඹදී), ලොව විශාලතම Luxury Ayurveda ජාලය වන Spa Ceylon, පසුගියදා එක්සත් රාජධානියේ පැවති Natural & Organic Beauty Innovations Awards 2025 හීදී අපේ රටට තවත් අන්තර්ජාතික ජයග්‍රහණයක් ගෙන එන්නට සමත් වුණා. Natural & Organic Products Expo 2025 දී අලුතින්ම හඳුන්වා දුන් ForestVeda Soothing & Calming Balm වෙනුවෙන් The Best New Personal Care Product සම්මානයත්, තවත් අංශ 4කින් අවසන් වටය සඳහාත් සුදුසුකම් ලබන්නට හැකියාව ලැබී තිබෙනවා.




The Natural & Organic Beauty Innovation Awards තුළින් හොඳම නව නිෂ්පාදන හඳුනාගෙන ඒවා ඇඟයීමට කටයුතු කරන අතරම,  නවෝත්පාදනය, තිරසාර බව සහ විශිෂ්ටත්වය වෙනුවෙන් පෙනී සිටින ස්වභාවික හා කාබනික රූපලාවන්‍ය කර්මාන්තයේ හොඳම නව නිෂ්පාදන ඇඟයීම සිදු කරනවා. මේ කීර්තිමත් සම්මාන මඟින්, Clean Beauty සංකල්පය සඳහා නව ප්‍රමිති සකස් කරන සන්නාම තවත් දිරිමත් කරනු ලැබෙනවා.

මෙහිදී Spa Ceylon ආයතනය, ජාත්‍යන්තරව ප්‍රසිද්ධ තාක්ෂණයන්ගෙන් ආභාසය ලැබූ, නව තාක්‍ෂණික Wellness Collections දෙකක් වන SeaVeda සහ ForestVeda යන නවතම නිෂ්පාදන මේ උත්සවයේදී එළිදැක්වීමත් සිදු වුණා. නව්‍ය සහ ජාත්‍යන්තරව අධ්‍යයනය කරන ලද MARINE THERAPY තාක්ෂණය මුසු කරගනිමින් ආයුර්වේදයේ සහ නවීන විද්‍යාවේ එකතුව පෙන්නුම් කරන SeaVeda Range එක, සාගර වාතයේ ඇති සුව කරන ස්වභාවික සංයෝග අඩංගු නිෂ්පාදන පෙළක් වනවා.

ForestVeda Range එක ගස්වල ඇති ස්වභාවික ශාක සංයෝග අනුකරණය කරමින් ජාත්‍යන්තරව පරීක්ෂා කරන ලද FOREST THERAPY තාක්ෂණය භාවිත කර සුව කිරීමේ සහ ප්‍රබෝධමත් බවක් ලබාදෙන නිෂ්පාදන පෙළක් වනවා.

අපේ රටේ වටිනා ආයුර්වේද ඖෂධ පැළෑටි සහ Essential Oils සමඟ එක්ව සෑදුණු SeaVeda නිෂ්පාදන පෙළෙහි ක්‍රියාකාරීත්වය,  රට වටා ඇති සුන්දර වෙරළවල ප්‍රබෝධමත්, සන්සුන් බවක් සහ මනෝභාවය ඉහළ නංවන ශක්තියක් ප්‍රතිනිර්මාණය කරදෙනවා. මෙය ආතතිය සමනය කිරීමට, ඉන්ද්‍රියයන් අවදි කිරීමට සහ අභ්‍යන්තර සමතුලිතතාවය යථා තත්වයට පත් කිරීමට උපකාරී වනවා. ඒ වගේම ForestVeda හි ක්‍රියාකාරීත්වය, ඔබව අපේ රටේ සශ්‍රීක, නිසංසල වැසි වනාන්තරයක අත්දැකීමක් ගෙන දෙන හැඟීමක් නිර්මාණය කරදෙන අතරම, ආතතිය, තෙහෙට්ටුව මෘදු ලෙස සමනය කර, කලබලකාරී පරිසරයක තුළ වුවත් මනදට සුව සහනයක් ලබා දෙන්නට උපකාරී වනවා.

මෙහිදී තම අදහස් දක්වමින් Spa Ceylon සම නිර්මාතෘ සහ අධ්‍යක්ෂක ශලින් බාලසූරිය පැවසුවේ “මේ අතිශය තරඟකාරී Industry එක තුළ, අපි කරන හැම දෙයකදීම අලුත් දෙයක් කරන එක වැදගත් වෙනවා. අපි ඒ කරන  අලුත් දේවල්වලට හොඳ පිළිගැනීමක් ලැබෙන එක අපි ඉතාමත් ආඩම්බරයට පත් වෙන කාරණාවක්. ගෝලීය වෙළෙඳපොළ තුළ අපිට මේ අලුත් නිෂ්පාදනවලට හොඳ පිළිගැනීමක් ලැබෙන්නේ, නවීන පාරිභෝගික අවශ්‍යතා හඳුනා ගෙන, ඒ වෙනුවෙන් වසර 5000ක් පැරණි ආයුර්වේදයේ දැනුම, පිළිවෙත් එක්ක නව තාක්‍ෂණය එක්කර නිසාවෙනුයි.” ලෙසයි.

“මේ ජයග්‍රහණය; අඛණ්ඩ නවෝත්පාදන, ශක්තිමත් පර්යේෂණ, සංවර්ධන සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව උසස් තත්ත්වයේ අන්තර්ජාතික මට්ටමේ නිෂ්පාදන නිර්මාණය කිරීම සඳහා අපගේ කණ්ඩායමේ කැපවීම පෙන්නුම් කරනවා. අපේ  සාමූහික උත්සාහයන් නැවත වරක් ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක්වීම නිහතමානී සහ සතුටුදායී අත්දැකීමක්” බව  Spa Ceylon සම නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ ශිවන්ත ඩයස් ප්‍රකාශ කළා.

Spa Ceylon පිළිබඳව:

2009 මැයි මස ශිවන්ත ඩයස් සහ ශලින් බාලසූරිය සහෝදරයන් දෙදෙනා එක්ව ආරම්භ කළ Spa Ceylon, Global Luxury Wellness අංශයේ නමගිය බලවේගයක් බවට පත්ව ඇති අතර ඉන් Luxury Ayurveda සන්නාමය ලොවට ගෙන යාමට සමත් වී තිබෙනවා. රටවල් 33ක් පුරා අලෙවිසැල් 140කට වැඩි පුළුල් අන්තර්ජාතික ව්‍යාපාරයකට හිමිකම් කියන Spa Ceylon, ලොව විශාලතම Luxury Ayurveda දාමය ලෙස ද හඳුන්වනවා. Spa Ceylon අපේ රටේ පුරාණ ආයුර්වේද දැනුම ග්‍රහණය කර ගනිමින් සම්බාහන චාරිත්‍ර මාලාවක් සහ ගත, සිත, මනස සන්සුන් කෙරෙන රාජකීයත්වය පිරි නිෂ්පාදන පෙළක් නිර්මාණය කරන අපේ රටෙන් ජාත්‍යන්තරයට ගිය සන්නාමයක් ලෙස නම් දරන අතර Spa Ceylon නිෂ්පාදන තිරසාර පැවැත්ම සඳහා අඛණ්ඩ කැපවීමකින් මෙන්ම ප්‍රජාවන්ගේ යහපැවැත්ම පිළිබඳව ද සැලකිලිමත් වන සන්නාමයක් ලෙස ලොව පුරා ප්‍රසිද්ධ වී තිබෙනවා. Spa Ceylon නිෂ්පාදන සත්ත්ව හිංසනයෙන් තොර, සදාචාරාත්මකව මූලාශ්‍ර කරගත් තිරසාර ව්‍යාපාරික භාවිත සඳහා එහි අඛණ්ඩ කැපවීම සහ ප්‍රජාවන්ගේ යහපැවැත්ම සඳහා සවිගන්වන්නට සැලකිලිමත් වන සන්නාමයක් ලෙස සඳහන් කරන්නට හැකිවනවා.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව