SOS ළමා ගම්මාන වැඩසටහන ශ්‍රී ලංකාවේ හතළිස් වසරක මෙහෙවර සමරයි

Image 8 (LBN Fill)

 



 

 

 

ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන පසුගියදා සිය වසර 40 ක මෙහෙවර සැමරීම සඳහා විශේෂ සැමරුම් වැඩසටහනක් සංවිධානය කළේ ය. මේ වනවිට ශ්‍රී ලංකාවේ 12,000 කට අධික පිරිසකට SOS ළමා ගම්මාන වැඩසටහන මගින් සෘජු ප්‍රතිලාභ හිමි වී ඇති අතර, ඊට අමතරව විවිධාකාර සමාජ සුභසාධන වැඩසටහන් ඔස්සේ සෙත සැලසුණු සංඛ්‍යාව 50,000 කට අධික වේ.

මෙම සැමරුම වෙනුවෙන් වූ ප්‍රධාන උත්සවය පිළියන්දල SOS ළමා ගම්මානයේ ජාතික පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වුණු අතර, එදින ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් විශේෂ මුද්දරයක් හා මුල්දින කවරයක්ද නිකුත් කරන ලදි. ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහනේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති නන්දසිරි පොන්නම්පෙරුම, තැපැල්පති රංජිත් ආරියරත්න, SOS තානාපති රොෂාන් මහානාම, SOS ජාතික අධ්‍යක්ෂ දිවාකර් රත්නදුරෙයි සහ ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහනේ තවත් සාමාජික සාමාජිකාවෝ පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

“අපගේ 40 වන සංවත්සරය වෙනුවෙන් මෙලෙස සමරු මුද්දරයක් නිකුත් වීම අපට මහත් ආඩම්බරයක්. ඒ වෙනුවෙන් අප ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට ස්තූතිවන්ත වනවා. ජාත්‍යන්තර SOS වැඩසටහන ආරම්භ කරන ලද්දේ ‘සෑම දරුවෙකුම පවුලකට අයත් විය යුතු අතර ආදරය, ගෞරවය සහ ආරක්ෂාව ඇතිව හැදී වැඩීමට ඔවුන්ට අවස්ථාව තිබිය යුතු ය’ යන දැක්ම මුල්කරගෙනයි.  මෙම විශ්වීය අරමුණ හා වගකීම පෙරදැරිව ශ්‍රී ලංකාවේ ළමා හා තරුණ පරපුර නගාසිටුවීම සඳහා අප මෙතෙක් ඉටුකර ඇති මෙහෙවර සම්බන්ධයෙන් අපට නිහතමානීව සතුටු වන්නට පුළුවන්. ඒ වෙනුවෙන් SOS මවුවරුන්, සහය කාර්ය මණ්ඩලය, ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන හයෙහි අධ්‍යක්ෂවරුන් සහ නන් අයුරින් මේ වැඩසටහන සාර්ථක කරගැනීමට දායක වූ අනෙකුත් සියලුම දෙනාට මගේ ස්තූතිය පළකිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා.” ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහනේ ජාතික අධ්‍යක්ෂ දිවාකර් රත්නදුරෙයි මහතා පැවසී ය.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව