SolarTherm ‘සෝලා ණය’ ලබා දීමට Alliance Finance සමඟ අත්වැල්බැඳගනී

Photo Caption 02

වසර 40ක ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වසනීය සූර්ය බලශක්ති නිෂ්පාදන සන්නාමය වන SolarTherm සිය ගණුදෙනුකරුවන් උදෙසා ‘AFC සෝලා ණය’ ලබා දීමේ වැඩපිළිවෙළ සාර්ථකව සිදු කිරීමට Alliance Finance Company (AFC) සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹෙන ලදී.

SolarTherm හි අධ්‍යක්ෂ නිශාන්ත ජයසූරිය මහතා සහ AFC හි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කුසල් ජයවර්ධන මහතා විසින් දෙපාර්ශවයේම නියෝජිතයින්, ජ්‍යෙෂ්ඨ නායකයින් ඉදිරියේ මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලදී. SolarTherm විසින් ආනයනය කොට බෙදා හරිනු ලබන සියලුම on-grid සෝලා පද්ධති, SolarTherm සේවාදායකයින් සහ පාරිභෝගිකයින් හට ‘AFC සෝලා ණය’ පහසුකම හරහා ලබා ගැනීමේ හැකියාව උදාවේ.
 



 

උත්සව සභාව අමතමින් SolarTherm හි අධ්‍යක්ෂක නිශාන්ත ජයසූරිය මහතා පවසා සිටියේ “දශක හයකට වැඩි කාලයක් ශ්‍රී ලාංකිකයින්ගේ කාලීන අවශ්‍යතා සපුරාලීම සඳහා මූල්‍ය ආධාර ලබා දෙමින් සේවය කළ එලායන්ස් ෆිනෑන්ස් සමාගම සමඟ මෙම ගිවිසුම අත්සන් කිරීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙමු. මෙම AFC සෝලා ණය පහසුකම මගින්, අපගේ ගණුදෙනුකරුවන්ට ඔවුන්ගේ දිගුකාලීන ආයෝජනයක් වශයෙන් පුනර්ජනනීය බලශක්තිය වෙත ප්‍රවේශ වීමේ හැකියාවන් වර්ධනය කිරීමට හැකි වීම පිළිබදව අපි ආඩම්බර වෙමු. 2030 වසර වන විට රටේ බලශක්තියෙන් 70%ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් උත්පාදනය කිරීමේ රජයේ ඉලක්කයට ශක්තියක් වීමට අප බලාපොරොත්තු වෙමු” යනුවෙනි.

සෝලා ණය ගිවිසුමේ කොටසක් ලෙස, AFC විසින් SolarTherm හි අභ්‍යන්තර අනුමැතීන්ට අනුව ණය පහසුකම ලබා ගැනීමට සුදුසුකම් සම්පූර්ණ කරන SolarTherm පාරිභෝගිකයින් වෙත මූල්‍ය ආධාර ලබා දීමට කටයුතු කරයි. ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සහ ලංකා විදුලි(පුද්ගලික) සමාගම (LECO) වෙත ඉදිරිපත් කිරීමට නියමිත සූර්යබල පද්ධතියේ සවිස්තරාත්මක සැලැස්ම, සවි කිරීමට අවශ්‍ය උපකරණ බෙදා හැරීම සහ ස්ථාපනය කිරීම සඳහා SolarTherm විසින් වගකීමට බැදී සිටියි.

ශ්‍රී ලංකාවේ සූර්ය බලශක්ති පුරෝගාමියෙකු ලෙස SolarTherm මේ වන විට 100,000කට අධික විශ්වසනීය පාරිභෝගික පදනමකට හිමිකම් කියනු ලබයි. SolarTherm සතුව දැවැන්ත කර්මාන්තශාලා ද්විත්වයක් කදානේ සහ ඒකල කර්මාන්තපුරයේ පිහිටා ඇත. සූර්යබල උණු වතුර පද්ධති කර්මාන්තයේ (solar water heating industry) ගෝලීය ප්‍රමුඛයෙකු වන, ඕස්ට්‍රෙිලියාවේ නිෂ්පාදිත Solahart නිෂ්පාදන මෙන්ම, චීනයෙන් ආනයනය කරනු ලබන ට්‍රීනා සූර්ය පැනල (Solar electricity modules) සඳහා බලයලත් අලෙවිකරුවෙකු ලෙස SolarTherm කටයුතු කරනු ලබයි.

වැඩිදුර විමසීම් සඳහා SolarTherm නිල වෙබ් අඩවිය වන www.solartherm.lk වෙත පිවිසීමෙන් ලබා ගත හැක.

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව