Softlogic Stockbrokers වෙතින් ගනුදෙනු ආරම්භ කිරීම සඳහා නවතම ඩිජිටල් විසඳුමක්

Image (LBN)

 



 

 

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ මූල්‍ය සමාගමක් වන Softlogic Capital හි පූර්ණ සේවා සපයනු ලබන තැරැව්කාර අංශය වන Softlogic Stockbrokers විසින් කොළඹ කොටස් වෙළෙඳපොළට එක්වන නව ආයෝජකයින් සඳහා පළමු වරට නව ඩිජිටල් විසඳුමක් හඳුන්වා දෙමින් ක්ෂේත‍්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරන ලදී. මෙම නව හඳුන්වා දීම හරහා කොටස් වෙළඳපලේ ගණුදෙණු කිරීමට බලාපොරොත්තු වන නව ආයෝජකයින්ට මධ්‍යම තැන්පතු ක‍්‍රමයේ (CDS) ඇති සිය ගිණුම් පැයක් වැනි කෙටි කාලයක් තුලදී තුළ විවෘත කිරීමට හැකියාව ලැබේ. මෙතෙක් ඒ සඳහා පැය 24-48 ක් ගත වු අතර මෙමගින් ක්ෂේත‍්‍රය තුළ කැපී පෙනෙන වෙනසක් සිදුව ඇත. මෙම නව්ය විසඳුමත් සමඟල පූර්ණ ඩිජිටල් ක‍්‍රියාවලියක් හරහා 5,000 කට අධික ගනුදෙනුකරුවන් සංඛ්‍යාවක් හඳුන්වා දෙමින්, සුවිශේෂී වර්ධනයක් කරා යන ශ‍්‍රී ලංකාවේ පළමු වැනි සමාගම Softlogic Stockbrokers පත් වීමද සුවිශේෂී කරුණකි.

2022 නොවැම්බරයේ ස්ථාපිත කළ, මෙම online වේදිකාව නවතම ඩිජිටල් විසඳුමකි. එමගින් අනාගත ආයෝජකයින්ට වඩා පහසුවෙන් CSE හි ආයෝජනය කිරීමට අඛණ්ඩව ඩිජිටල් සේවාවක් ලබා දීමෙන් මෙරට කොටස් වෙළෙඳපල ඉදිරියට ගෙන යනු ලබයි. මෙම ඩිජිටල් සේවාව දේශීය සහ පරිශීලක-හිතකාමී වන අතර, ගිණුම් විවෘත කිරීමේදී පහසු, වේගවත් සහ කාර්යක්ෂම අත්දැකීමක් ලබා දෙයි.

Softlogic Stockbrokers හි අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී ඩිහාන් දැඩිගම මහතා පැවසුවේ, ”CSE හි ආයෝජනය කිරීමට  ඕනෑම කෙනෙකුට  ඕනෑම වේලාවක  ඕනෑම තැනක සිට ප‍්‍රවේශ විය හැකි ඩිජිටල් වේදිකාවක් හඳුන්වා දීමට ලැබීම ගැන අපි සතුටු වනවා. මෙම ඩිජිටල් විසඳුම සංවර්ධනය කිරීමට අපගේ කණ්ඩායම් වෙහෙස මහන්සි වී වැඩ කළා. මෙම සේවාව ලබා දෙන ශ‍්‍රී ලංකාවේ පළමු තැරැව්කාර සමාගම වීම ගැන අප නිහතමානීව ආඩම්බර වනවා.

Online CDS ගිණුම් 5000ක් නවතම ඩිජිටල් විසඳුම හරහා විවෘත කළ පළමු සමාගම වීමත් සමඟම අපි තාක්ෂණික නවෝත්පාදනයන් අතින් අනෙක් සමාගම්වලට වඩා ඉදිරියෙන්ම සිටිනවා. අපගේ ගනුදෙනුකරුවන්ට ලබා දිය හැකි හොඳම ප‍්‍රතිලාභ ලබා දෙමින් වෙනස් වන තාක්ෂණය සමඟ හැඩ ගැසීමට ඇති අපගේ කැපවීම මෙම online විසඳුම කදිම සාක්ෂියක්. රටේ සෑම ප‍්‍රදේශයකටම ප‍්‍රවේශ විය හැකි පරිදි ශ‍්‍රී ලංකාවේ ප‍්‍රාග්ධන වෙළඳපොළ පරිවර්තනය කරන නව්‍ය ඩිජිටල් විසඳුම් සමඟින් අඛණ්ඩව ඉදිරියට යාමට අපි බලාපොරොත්තු වනවා.’’ යනුවෙනි.

පසුගිය දශකය පුරාවට ආයෝජකයින් කිහිප දෙනෙකුගෙන් තැරැව්කාර කටයුතු ආරම්භ කිරීමේ සිට අද වන විට දේශීය සහ විදේශීය ගනුදෙනුකරුවන් දහස් ගණනකට තම ප‍්‍රාග්ධනය වැඩි කර ගැනීමට සහාය වීමට Softlogic Stockbrokers සමාගම සමත් වී ඇත. හොඳම මූල්‍ය තීරණ ගැනීමේදී තම ගනුදෙනුකරුවන්ට සහාය වන වෙළඳපල උපායමාර්ග නිර්මාණය කිරීමට, වෙනස්වන වෙළෙඳපල තත්වයන් නිරන්තරයෙන් අධ්‍යයනය කරන කැපවූ පර්යේෂණ කණ්ඩායමක් (Market Research Team) සමාගම සතුව සිටී. නව ආයෝජන අවස්ථා හඳුනාගැනීමට අවශ්‍ය වන තොරතුරු WhatsApp updates, audio reports, වෙබ් සම්මන්ත‍්‍රණ (webinars) සහ වටිනා පර්යේෂණ වාර්තා (Market Research Reports) ඇතුළු සමාජ ජාල මාධ්‍ය හරහා පාරිභෝගිකයින් වෙත ලබාදීමට ද සමාගම කටයුතු කරයි.

Softlogic Stockbrokers හි විධායක අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඞ් මහතා ”මූල්‍ය පද්ධතිය ඩිජිටල්කරණය කිරීමට සහ කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීමට ශ‍්‍රී ලාංකිකයින් දිරිගැන්වීමේ අරමුණ පෙරදැරිවයි මෙම විසඳුම අප විසින් නිර්මාණය කලේ. අනෙකුත් බොහෝ අංශ මෙන්ම, විශේෂයෙන්ම පහසුව සහ කාලය ගැන සැලකීමේදී නව ආයෝජකයින්ගේ වෙනස් වන අවශ්‍යතා සහ අපේක්ෂාවන් සපුරාලීමට මූල්‍ය ක්ෂේත‍්‍රයට සුදානම්ව සිටීම අත්‍යවශ්‍ය වනවා. අද වන විට පාරිභෝගිකයින්ට ඉක්මන් සහ පහසු විසඳුම් අවශ්‍ය වන අතර අපගේ online ක‍්‍රමවේදය හරහා CDS ගිණුම් විවෘත කිරීමේ ක‍්‍රමය මගින් ලබා දෙන්නේ එයයි. කොටස් වෙළඳපොලේ අයෝජනය කරනු ලබන අනාගත ආයෝජකයින්ට මෙම නව්‍ය විසඳුම මගින් නවමු අත්දැකීමක් ලබා දෙනු ඇතැයි අපි විශ්වාස කරනවා.’’ යනුවෙන් වැඩිදුරටත් පැවසුවේය.

පර්යේෂණ ක්ෂේත‍්‍රයේ සිය ප‍්‍රවීණත්වය මැනවින් නිරූපණය කරමින් Softlogic Stockbrokers පසුගියදා පැවති ‘CFA Capital Market Awards 2021’ හිදී කොටස් වෙළෙඳපොල ආශ‍්‍රිත ශ‍්‍රී ලංකාවේ හොඳම පර්යේෂණ වාර්තාව සඳහා ඇගයීමට ලක් විය.

මාධ්‍ය කතිකාවන් පැවැත්වීම, භාෂා ත‍්‍රිත්වයෙන්ම ආයෝජනය කිරීම සඳහා වන උපදේශන පැවැත්වීම, නියාමකයින් සමඟ මහජන සාකච්ඡා පැවැත්වීම සහ කොළඹ කොටස් වෙළෙඳපොළ සමඟ එක්ව දේශීය ආයෝජකයින් සඳහා අධ්‍යාපනික සංසද සංවිධානය කිරීමට අමතරව මෙම නව CDS ගිණුම් විවෘත කිරීමේ ඩිජිටල් විසඳුම හඳුන්වා දීම හේතුවෙන් වෙනත් සමාගම්වලට වඩා නව්‍යවූත් වේගවත්වූත් සේවයක් ලබා දීමෙන් Softlogic Stockbrokers ඉදිරියෙන්ම සිටී.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven − 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව