
කොළඹ නගරයේ පිහිටි ප්‍රමුඛ පෙළේ හෝටලයක් වන Sofia Colombo හෝටලය ගෝලීය සංචාරක ප්‍රමිති පිළිබඳ පිළිගත් ආයතනයක් වන Global Sustainable Tourism Council (GSTC) පිරිනමන GSTC සහතිකය ලබමින් ශ්‍රී ලංකාවේ එම සහතිකය හිමි කර ගත් පළමු හෝටලය බවට පත් වී ඇත. GSTC සහතිකය යනු සංචාරක කර්මාන්තය තුළ පරිසර ආරක්ෂාව, සමාජ වගකීම් සහ ආර්ථික තිරසාරභාවය යන අංශ තුළ ඉහළම ජාත්‍යන්තර ප්‍රමිති පවත්වා ගෙන යාමට හෝටල් සහ සංචාරක සේවා සපයන්නන් දිරිමත් කරන වැදගත් සම්මතයකි.
මෙම සහතිකය ලැබීමට විගණන හා සහතික කිරීම සිදු කරන්නේ Control Union Certification නම් ආයතනයයි. 2016 සිට GSTC විසින් පිළිගනු ලැබූ මෙම ආයතනය ලොව පුරා හෝටල් හා සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාර GSTC ප්‍රමිති අනුව පරීක්ෂා කර සහතික කරයි. Control Union Certification කළ විගණන ක්‍රියාවලියකින් පසුව Sofia Colombo හෝටලයට මෙම GSTC සහතිකය ලැබී ඇත. සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයත් සමඟ තිරසාර සංචාරක ව්‍යාපාර ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම හෝටල් කර්මාන්තයට අත්‍යවශ්‍ය කරුණක් බව හෝටල් කළමනාකාරිත්ව අවධාරණය කරයි. එමඟින් පරිසරයට සහ සමාජයට ධනාත්මක බලපෑමක් ඇති කරන අතර දීර්ඝකාලීන වාණිජ වර්ධනයටද මඟ පාදයි. අනාගතයේදී බොහෝ රටවල් විශේෂයෙන් යුරෝපීය සංගමයේ රටවල් තිරසාර ප්‍රමිති අනුගමනය කරන හෝටල්වලට ප්‍රමුඛත්වය දීමට සැළැසුම් කර ඇති අතර 2027න් පසු එවැනි සහතික ලැබූ හෝටල්වලට වැඩි වාසි හිමි වනු ඇත. මෙම සම්මානය Sofia Colombo හෝටලයේ ස්ථිර සංචාරක ප්‍රතිපත්ති, පරිසර හිතකාමී ක්‍රියා මාර්ග සහ සමාජ වගකීම් පිළිබඳ කැපවීම පිළිබඳ ජාත්‍යන්තර පිළිගැනීමක් ලෙස සැළැකේ.


