Socomec ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් ශක්තිමත් කරයි

Image 1 (LBN)

~ ඉදිරි වසර 3 තුළ සිය පැවැත්ම තෙගුණයකින් ඉහළ නැංවීමට සැලසුම් ~

කොළඹ, ශ්‍රී ලංකාව, මාර්තු 07, 2024 – සියවසක ඉතිහාසයක් හිමි ප්‍රංශ බහුජාතික සමාගමක් සහ අඩු වෝල්ටීයතා (LV) බලශක්ති කළමනාකරණය පිළිබඳ ගෝලීය විශේෂඥයෙකු වන Socomec, ඉන්දියාව සඳහා ක්‍රමෝපායික උපාය මාර්ගයන් හී කොටසක් ලෙසින් ශ්‍රී ලංකාව තුළ සැළකිය යුතු අන්දමින් සිය මෙහෙයුම් දියත් කිරීම සාඩම්බරයෙන් නිවේදනය කරයි.  ඉදිරි වසර තුන තුළ ශ්‍රී ලංකාව තුළ සිය පැවැත්ම තුන් ගුණයකින්  ඉහළ නැංවීම සඳහා  සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස සුහාඩ් අමිට්  මහතා පත් කර ඇත. විවිධ ක්ෂේත්‍ර රැසක වසර 25 කට වැඩි කීර්තිමත් වෘත්තීය අත්දැකීම් හිමි අමිට් මහතා, ශ්‍රී ලංකාව තුළ සමාගමේ මෙහෙයුම් මෙහෙයවමින් බංග්ලාදේශය, මාලදිවයින, භූතානය, නේපාලය යන රටවල වෙළඳපලවල මෙහෙයුම් අධීක්‍ෂණය කිරීමේ වගකීම දරනු ඇත.

 



 

පාරිභෝගික අවශ්‍යතා මනාව හඳුනා ගනිමින් පාරිභෝගික තෘප්තියට ප්‍රමුඛත්වය දෙමින් කර්මාන්ත ප්‍රමිතීන් ඉක්මවා යාමේ Socomec හි මෙහෙවර, අති නවීන බලශක්ති පරිවර්තන විසඳුම් සැපයීම, බල ශක්ති හුවමාරුව සහ තීරණාත්මක යෙදවුම් සඳහා අධීක්ෂණ උපකරණ යනාදිය සැපයීම තුළින් අවධාරණය  කරයි.  නව ප්‍රංශ  ආභාසය ලත් නිෂ්පාදන ක්‍රම සහ පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශයක් හරහා Socomec විසින් සිය ගනුදෙනුකරුවන්ගේ සහ වෙළඳපලෙහි දිනෙන් දින වර්ධනය වන බලශක්ති සම්බන්ධ ඉල්ලීම් සපුරාලීම සහතික කරනු ලබයි.

Socomec හි ආසියා පැසිපික්  කලාපයේ ප්‍රධාන විධායක නිලධාරී ඔ’නීල් දිසානායක මහතා ක්‍රමෝපායික ව්‍යාප්තිය පිළිබඳ සිය  අදහස් ප්‍රකාශ කළේ, “නවෝත්පාදනයන් ඔස්සේ සියලු වෙළඳපල හරහා තිරසාර වර්ධනයක් කරා රැගෙන යාම අපගේ ප්‍රධාන ඉලක්කයයි.  ශ්‍රී ලංකාවේ  බලශක්ති සංක්‍රාන්ති සහ ඩිජිටල් මාධ්‍යයේ පරිවර්තනය අපගේ මෙහෙයුම් දියත් කිරීම සඳහා හොඳ වේදිකාවක්. Socomec හි හවුල්කරුවන් මතින් දශක තුනකට ආසන්න කාලයක් මෙරට තුළ දිගු කාලයක් ඔස්සේ සිය පැවැත්ම පවත්වා තිබියදීත්, අපගේ වටිනා හවුල්කරුවන් සහ ගනුදෙනුකරුවන් සඳහා අපගේ ආධාරක ජාලය ශක්තිමත් කිරීමට අප මෙම මොහොත අවස්ථාවක් කර ගන්නවා. අපගේ ගෝලීය නිෂ්පාදන  ප්‍රයෝජනයට ගනිමින්, අපගේ ආසියා-පැසිෆික් සහ ඉන්දීය සංවිධාන හරහා යුරෝපීය සම්භවයක් ඇති නිෂ්පාදන සහ විසඳුම් ශ්‍රී ලංකාවට ලබා දීමට අපි කැපවී සිටින්නෙමු.” යනුවෙනි.

Socomec Greater ඉන්දියා හි කළමනාකාර අධ්‍යක්ෂ මිනු සින්ගාල් මහතා ශ්‍රී ලංකා වෙළෙඳ පොළේ දිනෙන් දින විකාශනය වන බලශක්ති ඉල්ලුම සපුරාලීම සඳහා සමාගමේ කැපවීම යලි තහවුරු කළේය.  “අපගේ සම්බන්ධතා සවිමත් කිරීමට සහ ශ්‍රී ලංකාව තුළ සමාගම්වලට විශ්වාසදායක, කාර්යක්ෂම බලශක්ති විසඳුම් ලබා දීමේ ප්‍රමුඛයෙකු ලෙස Socomec තවදුරටත් ස්ථාපිත කිරීමට අපි කැප වී සිටිනවා.  “ආසියා පැසිෆික් සහ ඉන්දියාවෙන් පෙළ ගැසී සිටින අපගේ තාක්ෂණික විශේෂඥයින්, සැපයුම් ජාලය සහ සේවා කණ්ඩායම් අපගේ පාරිභෝගික අවශ්‍යතා වඩා හොඳින් ඉටු කිරීමට, අපගේ සම්බන්ධතාවය වැඩි දියුණු කිරීමට  සහ නිවැරදි කාලයට වෙළඳපොළට ප්‍රතිචාර දැක්වීම වෙනුවෙන් කටයුතු කරනවා. යනුවෙන් ඔහු සඳහන් කළේය.

Socomec හි සිය මෙහෙයුම් පුළුල් කිරීම සම්බන්ධව සිය අදහස් දැක් වූ සමාගමේ සාමාන්‍යාධිකාරී සුහාඩ් අමිට්  මහතා “තීරණාත්මක බලශක්ති විසඳුම් සඳහා ගුණාත්මක භාවය සහ කාර්ය සාධනය අතින් විශිෂ්ට නිෂ්පාදනයන් සඳහා කර්මාන්තයේ විශේෂඥයෙකු ලෙස  ප්‍රසිද්ධියට පත් Socomec සමඟ සම්බන්ධ වීමට අවස්ථාව ලැබීම සැබවින්ම භාග්‍යයක්.  අපගේ ගනුදෙනුකරුවන්ට අති නවීන විසඳුම් සහ ඉහළම මට්ටමේ සේවාවන් ලබා දීමට අපි ශක්තිමත් ස්ථානයක සිටිනවා.  අපගේ යෙදවුම් හා වෙළඳපොළ අංශ යන දෙකෙහිම ප්‍රවේශය පුළුල් කිරීම සඳහා අපගේ බෙදාහැරීමේ හවුල්කරුවන් වෙළදපොළ සමඟ සමීප සහයෝගීතාවයෙන්  අඛණ්ඩව කටයුතු කරනු ඇත.” යනුවෙන් සඳහන් කරමින් සමාගමේ මෙහෙයුම් ව්‍යාප්ත කිරීම සඳහා සිය නායකත්වය ලබා දීම පිළිබඳ උද්‍යෝගය පළ කළේය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව