SMIDEX 2019 ජාතික සම්මාන උළෙලේදී විශිෂ්ඨතම කර්මාන්තය කොළඹ දිස්ත්රි්ක්කයෙන්.

Untitled-1

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයට වසර 50 ක් පිරීම නිමිත්තෙන් ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඇගැයීම හා දිරි ගැන්වීම සඳහා දිවයිනේ සියළුම පළාත් ආවරණය කරමින් ක්ෂේත්‍ර 14 ක සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඇගයීමට ලක්කර, සම්මාන ප්‍රදානය කිරීම 2019.12.20 වැනි දින ප.ව. 2:00 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ ගරු අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් පැවැත්විය. මෙහිදී පළාත් හා ජාතික මට්ටමින් විශිෂ්ඨ ව්‍යාවසායකයාන් සඳහා සම්මාන ප්‍රදාන කිරීම සිදුවිය.

මෙම සම්මාන උළෙලේ දී කොළඹ දිස්ත්‍රික්කය සඳහා වැඩි වටිනාකමින් යුත් ජාතික සම්මාන හා පලාත් සම්මාන වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමට හැකියාව ලැබුණි.

ලංකාවේ විශිෂ්ඨතම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තය ලෙස ප්ලැටිනම් ජාතික සම්මානය කොළඹ දිස්ත්‍රික්කයේ ලංකා ස්පයිස් පුද්ගලික  සමාගම (Mac Curry) විසින් හිමිකරගන්නා ලදී.

තවද ලුහු ඉංජිනේරු ක්ෂේත්‍රයේ ජාතික ස්වර්ණ සම්මානය තොටවත්ත ඉංජිනියරිං වර්ක්ස් ආයතනයද, රසායනික ද්‍රව්‍ය ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත යටතේ ජාතික ස්වර්ණ සම්මානය ලේටෙක්ස් ලංකා පුද්ගලික සමාගම (WAPP), ආහාර පාන නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ ජාතික  ස්වර්ණ සම්මානය ලංකා ස්පයිස් පුද්ගලික  සමාගම හිමිකරගන්නා ලදී.

මේ අතර සෙව්කො පේපර් කෝපරේෂන් පුද්ගලික සමාගම හා ජවානා ග්‍රැ‍ෆික් (Panther) පුද්ගලික සමාගමද ජාතික රිදී සම්මානයෙන් පිදුම් ලැබීය.

මීට අමතරව පළාත් සම්මාන 5ක් දිනා ගැනීමට කොළඹ දිස්ත්‍රික්කයේ කර්මාන්තවලට හැකිවිය.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව