SLISA සමාරම්භක පාසල් නායක සමුළුව සාර්ථකව සංවිධානය කරයි

Image III (LBN)

අධ්‍යාපනයේ අනාගත පරිවර්තයෙහි නව පියවරක්

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (SLISA) 2025 ජූලි 6 වනදා, නුගේගොඩ ලයිසියම් කැම්පස් ශ්‍රවණාගාර පරිශ්‍රයේදී පාසල් නායක සමුළුව සාර්ථකව පැවැත්විය. “පරිවර්තනශීලී අනාගතයක් උදෙසා පාසල් නායකයින් සවිබල ගැන්වීම” යන තේමාව යටතේ පැවති මෙම සමුළුව, දිවයින පුරා පිහිටි ජාත්‍යන්තර පාසල්වලින් නියෝජිත පාසල් නායකයින් 75ක් සම්බන්ධ කරගනිමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා නව යුගයක අරඹුමක් ලෙසින් පැවැත්විණි.

 



 

“SLISA” 2025 ජනවාරියේ දී ආරම්භ වූ අතර, ලයිසියම් ජාත්‍යන්තර පාසල් ජාලයේ නියමුවානන් වන ගරු නිකිත ග්‍රේරෝ මහතාගේ නායකත්ව දැක්මක් යටතේ ද ගරු චන්දන බස්නායක මහතාගේ  මූලිකත්වයෙන් ද ක්‍රියාත්මක විය. අතිවිශිෂ්ට නායකත්වයකින් පිරුණු දැයේ දුවා දරුවන්ට ජාත්‍යන්තර පාසල් අතර එකමුතුවක් හා වෘත්තීමය පරිසරයක් නිර්මාණය කරදීමට උත්සාහ කරන නූතන අදහස්වලින් මෙය සමන්විත විය.

මෙම සමුළුවේ දී ප්‍රවීණ අධ්‍යාපනවේදීන් තිදෙනෙකු විසින්  ප්‍රධාන දේශන තුනක් පැවැත්වීය. ඔවුන් විසින් අද දින පාසල් නායකයින් මුහුණ දෙන අභියෝග සහ අනාගත අවස්ථා සම්බන්ධයෙන් ගැඹුරු සාකච්ඡාවක යෙදෙමින්, ඒවට ප්‍රයෝගික විසඳුම් ලබාදෙමින් අනාගතයට ගැළපෙන නායකත්ව පෞරුෂයක් ගොඩනැගීමට කටයුතු  කරන්නට විය. දේශනවලින් ලැබුණු අභිප්‍රේරණය පාසල් නායකයින්ට සිය පාසල්වල පරිවර්තනශීලී මාවත් හඳුන්වාදීම සඳහා ද නවෝත්පාදන බිහිකිරීම සඳහා ද තෝතැන්නක් විය.

පාසල් පද්ධතියේ සිටින විවිධ අදහස්, දක්ෂතා ඇති දුවා දරුවන්ට තම අදහස් බෙදා ගනිමින් ඵලදායී වූ අධ්‍යාපන මාවතකට පිවිසීමට අවශ්‍ය මාවත් සකස්කර  දීම සාකච්ඡා මාතෘකා අතර විය. වැඩසටහන්කරණයෙන් ඔබ්බට ගොස් පාසල් දුවා දරුවන්ගේ අධ්‍යාපන මාවත හැඩගැස්වීම මෙම සමුළුවේ අරමුණ විය.

ජාත්‍යන්තර පාසල්වල නායකත්වය, පෞරුෂය සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා SLISA විසින් ගනු ලබන මෙම පියවර, අනාගතයේදී සිසුන්ට ලෝකයේ ඕනෑම තැනක තරඟ කිරීම සඳහා අවශ්‍ය ශක්තිය සපයන අතර ම SLISA සමුළුව අනාගතයේදී වර්ධනය වී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඇති සමගිය, විශිෂ්ටත්වය සහ නවෝත්පාදන බිහි කිරීමේ හැකියාව වර්ධනය කරන සංකේතයක් වෙනවා නිසැකය.

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව