ශාස්ත්‍රීය අධ්‍යාපනයෙන් ඔබ්බට ගොස්, ක්‍රීඩා විශිෂ්ටත්වය සහ නායකත්ව ගුණාංගවලින් පිරිපුන් ශිෂ්‍ය ප්‍රජාවක් බිහි කිරීමට SLIIT ආයතනයෙන් සුවිශේෂී මෙහෙවරක්

Image - Beyond the Classroom How SLIIT Is Building Sporting Excellence and Student Leaders (LBN)

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT), සිය අධ්‍යාපනික කටයුතුවලට සමාන්තරව සිසුන්ගේ පෞරුෂ වර්ධනය උදෙසා ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ පුළුල් සහ විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටියි. ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබන අතරතුර නායකත්වය, විනය සහ කණ්ඩායම් හැඟීම වර්ධනය කර ගැනීමට සිසුන්ට අවස්ථාව සලසා දෙමින්, තරගකාරී ක්‍රීඩා අත්දැකීම් රාශියක් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය විසින් හඳුන්වා දී ඇත. දැනට බැඩ්මින්ටන්, පැසිපන්දු, ක්‍රිකට්, පාපන්දු, හොකී, සටන් කලා, දැල්පන්දු, සවි එසවීම, රග්බි, පිහිනුම්, මේස පන්දු, ටෙනිස්, මලල ක්‍රීඩා සහ වොලිබෝල් ඇතුළු ක්‍රීඩා ඉසව් 23ක් සඳහා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය පූර්ණ අනුග්‍රහය සහ සහයෝගය ලබා දෙන අතර, එමගින් විවිධ කුසලතා මට්ටම්වල පසුවන සිසුන්ට සිය දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව උදා වී තිබේ.




පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා අංශය, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ක්‍රීඩා කවුන්සිලය සමඟ එක්ව විශ්වවිද්‍යාල සහ පාසල් මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් ප්‍රධාන පෙළේ ආරාධිත අන්තර් විශ්වවිද්‍යාලයීය සහ විවෘත තරගාවලි 14ක් සාර්ථකව පවත්වා ඇත. “Shuttlebuds බැඩ්මින්ටන් තරගාවලිය”, “SLIIT T20 ක්‍රිකට් තරගාවලිය” සහ “Momentum මලල ක්‍රීඩා ශූරතාවලිය” ඇතුළු ජනප්‍රිය තරගාවලි රැසක් මීට ඇතුළත් වන අතර, මෙම වසරේදී අන්තර් විශ්වවිද්‍යාලයීය කැරම්, කරාතේ සහ ෆුට්සල් (Futsal) ලීග් තරගාවලි අලුතින් හඳුන්වා දීමට ද කටයුතු යොදා ඇත. වසරකට තරගාවලි 100කට අධික ප්‍රමාණයකට සිය දායකත්වය සපයමින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ සිසුන් දේශීය මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩා පිටිවල ද සිය දක්ෂතා දක්වන අතර, මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අංශයෙන් ඉදිරියෙන්ම සිටින රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලය ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය පිළිගැනීමට ලක්ව තිබේ.

ක්‍රීඩාව සඳහා නිරන්තරයෙන් සිසුන් දිරිමත් කිරීම ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ප්‍රධාන ප්‍රමුඛතාවක් වන අතර, දක්ෂතා දක්වන සිසුන් සඳහා විශේෂ ශිෂ්‍යත්ව ක්‍රමවේද ද ක්‍රියාත්මක වේ. මීට අමතරව, ක්‍රීඩා විශිෂ්ටත්වයන් ඇගයීමට ලක් කරන අතරම සිසුන්ට සිය අධ්‍යාපන කටයුතු සහ ක්‍රීඩා කටයුතු සමබරව පවත්වාගෙන යාමට අවශ්‍ය මගපෙන්වීම සහ දිරිගැන්වීම් ද ආයතනය විසින් පිරිනමනු ලබයි. නවීන පුහුණු පහසුකම්, පළපුරුදු පුහුණුකරුවන්ගේ සහය සහ පුළුල් ක්‍රීඩා දින දර්ශනයක් සහිතව, සිසුන්ට ක්‍රීඩාවෙන් ජයග්‍රහණ අත්කර ගැනීමටත්, නායකත්ව ගුණාංගවලින් පිරිපුන්, මනා පෞර්ෂයකින් හෙබි පුද්ගලයින් ලෙස සමාජයට පිවිසීමටත් අවශ්‍ය හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය අඛණ්ඩව කැපවී සිටියි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව