
ශ්‍රී ලංකාවේ අංක එකේ පෞද්ගලික විශ්වවිද්‍යාලය ලෙස පිළිගැනෙන සහ 2025 වසරේ Times Higher Education ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලට අනුව දිවයිනේ තෙවැනි ස්ථානයට පත්ව ඇති SLIIT (ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය), සිය 2025 සැප්තැම්බර් මස උපාධි ප්රදානෝත්සවය සාර්ථක ලෙස පවත්වනු ලැබීය.
සැප්තැම්බර් මස 29 වැනිදා සිට ඔක්තෝබර් මස 03 වැනිදා දක්වා දින පහක් පුරා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ මාලඹේ පරිශ්‍රයෙහි ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු මෙම අති උත්කර්ෂවත් උත්සවය, ආයතනයට සුවිශේෂී මෙන්ම ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.
මෙහිදී පශ්චාත් උපාධි සහ උපාධි අපේක්ෂකයින් 2,500කට අධික සංඛ්‍යාවකට උපාධි ප්රදානය කරන ලදී. ශාස්ත්‍රීය සාර්ථකත්වය සහ කැපවීම සමරනු ලැබූ මෙය, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය ඉතිහාසයේ මේ දක්වා පැවැත්වූ විශාලතම උපාධි ප්රදානෝත්සවය විය.
වසර ගණනාවක අධිෂ්ඨානය, කැපවීම සහ ශාස්ත්‍රීය ජයග්‍රහණවල කූටප්‍රාප්තිය සංකේතවත් කරමින්, විවිධ විෂය ක්ෂේත්රවල උපාධිධාරීන්ට මෙහිදී ගෞරව දැක්වීය. උපාධි ප්‍රදානයට අමතරව, ශාස්ත්‍රීය විශිෂ්ටත්වය පිළිබඳ විශ්වවිද්‍යාලයේ පවතින්නවූ ප්රගතිශීලීත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, ඉහළ දක්ෂතා දැක්වූ සිසුන් සඳහා විශේෂ දක්ෂතා සම්මාන ද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය විසින් පිරිනමන ලදී.
මෙම අවස්ථාවට කීර්තියක් එක් කරමින්, MAS Holdings හි ප්‍රධාන ඩිජිටල් නිලධාරී ස්ටීව් ඩොඩ් මහතා, OREL IT හි ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය උපේන්ද්‍ර පීරිස් මහතා, ශ්‍රී ලංකාවේ Standard Chartered බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී බිංගුමල් තෙවරාතංත්රි මහතා, ලිවර්පූල් ජෝන් මුවර්ස් විශ්වවිද්‍යාලයේ නීති හා අධිකරණ අධ්‍යයන පාසලේ අධ්යක්ෂ මහාචාර්ය ඩැනියෙල් සිල්වර්ස්ටෝන් මහතා, ලිවර්පූල් ජෝන් මුවර්ස් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සයිමන් කූපර් මහතා, සහ බෙඩ්ෆෝර්ඩ්ෂයර් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ වැඩබලන උපකුලපති ඒඩ්‍රියන් ඩච් මහතා ඇතුළු කීර්තිමත් ආරාධිත අමුත්තන් සහ කර්මාන්ත හවුල්කරුවන් මෙම උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වූහ.
බොහෝ සිසුන් සඳහා, මෙම උපාධි ප්රදානෝත්සවය ඔවුන්ගේ ජයග්‍රහණ පිළිගැනීමට අමතරව, ගෝලීය ශ්‍රම බලකාය, සහ විවිධ වෘත්තීයන් වෙත ඔවුන්ගේ ගමන ආරම්භ කිරීමේ තීරණාත්මක සංධිස්ථානයක් විය. මෙම උත්සවය තුළින් ලෝක මට්ටමේ අධ්‍යාපනයක් ලබා දීමට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය දක්වන අඛණ්ඩ කැපවීම මෙන්ම, නිරන්තරයෙන් වෙනස්වන වෘත්තීය භූ දර්ශනය තුළ සාර්ථකත්වය ළඟා කර ගැනීමට අවශ්‍ය කුසලතා, දැනුම සහ වටිනාකම්වලින් උපාධිධාරීන් සන්නද්ධ කිරීම ද ප්‍රදර්ශනය විය.
සිය සමීපතමයින්ගේ මෙම සුවිශේෂී ජයග්‍රාහී මොහොත දැකබලා ගැනීමට, සිසුන්ගේ පවුලේ සාමාජිකයන්, මිතුරන්, සම්භාවනීය ආරාධිතයින් සහ පීඨ කාර්ය මණ්ඩලය එක්වූහ. මෙම උපාධි ප්රදානෝත්සවය, දහස් ගණනක් සිසුන්ගේ අනාගතය හැඩගැස්වීම වෙනුවෙන්ම වූ, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයෙහි කාර්යභාරයට සාක්ෂියකි. එමෙන්ම නායකයින්ගේ සහ නවෝත්පාදකයින්ගේ මීළඟ පරම්පරාව සවිබල ගැන්වීමේ එහි මෙහෙවර තවදුරටත් තහවුරු කරන්නක් ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය ඉතිහාසයේ අභිමානවත් පරිච්ඡේදයක් ලෙස මෙය සටහන් වනු ඇත.


