SLIIT සිසුන් ‘CONNECT- රාජ්‍ය පාලම් නිර්මාණ තරඟාවලිය 2021’ විශ්ව විද්‍යාල කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනා ගනී.

Webp.net-resizeimage

 



 

 

 

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වනු ලැබූ ‘CONNECT- රාජ්‍ය පාලම් නිර්මාණ තරඟාවලිය 2021’ (CONNECT – State Bridge Design Competition 2021) සඳහා SLIIT හි ඉංජිනේරු පීඨයේ සිවිල් ඉංජිනේරු අංශය නියෝජනය කරන ‘Transformers’ කණ්ඩායම ඔවුන්ගේ නිර්මාණ කුසලතා සහ නව අදහස් එළිදක්වමින් විශ්වවිද්‍යාල කාණ්ඩ යටතේ පැවති තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය.

ජයග්‍රාහී කණ්ඩායමට එම්.බී.එන්. අහ්මඩ්, එච්.එස්.එම්. ඉසාඩීන්, කේ. ජාතුසන්, එම්.ඩබ්ලිව්. දිල්ෂාඩ් අහ්මඩ්, එම්.එන්.එම්. නජිල්, වී. විවේක් සහ එම්.එම්. ආෆිර් යන අය ඇතුළත් විය. කණ්ඩායමට රුපියල් 350,000 ක ත්‍යාග මුදලක් සහ සහතිකපත් ප්‍රදානය කරන ලදී.

‘Transformers’ කණ්ඩායමේ සාමාජිකයින් තම අත්දැකීම් පිළිබඳව අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය. ”අපගේ උපාධි අපේක්ෂක ජීවිතයේදී අප ලබාගත් දැනුම තුළින් මෙම සාර්ථකත්වය ළඟා කර ගැනීමට හැකි වුණා. මේ ගමන් මඟ පුරාවට අප වෙත ලබා දුන් විශාල සහයෝගය වෙනුවෙන් සිවිල් ඉංජිනේරු අංශයේ කාර්ය මණ්ඩලයට අපි බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.”

මෙරටේ මාර්ග පද්ධතියට සම්බන්ධ පාලම් පද්ධතිය නවීකරණයට ලක් කිරීම ඇතුළු ග්‍රාමීය පාලම් 2000ක් සම්පූර්ණ කිරීමේ ඉලක්කය සඳහා මෙම රාජ්‍ය අමාත්‍යාංශය විශේෂ ප්‍රමුඛතාවයක් ලබාදෙමින් තිබේ. මේ වනවිට පාලම් ඉදිකිරීමේදී හඳුනාගෙන ඇති බොහෝ අභියෝගයන් හේතුවෙන් එම කාර්යය සම්පූර්ණ කිරීම සඳහා නවීනත්වයෙන් යුත් ඉංජිනේරු විසඳුම් අත්‍යවශ්‍ය වේ.

‘CONNECT – රාජ්‍ය පාලම් නිර්මාණ තරඟය 2021’ පාසල්, විශ්ව විද්‍යාල සහ විවෘත වශයෙන් කාණ්ඩ තුනක් යටතේ සැලසුම් කරන ලදී. ඒ අනුව විශ්ව විද්‍යාල කාණ්ඩය යටතේ කරනු ලබන ඉදිරිපත් කිරීම් අතරට නවෝත්පාදන, ගෘහ නිර්මාණ චිත්‍ර, අත්පොත/පරිගණක ආධාරක ව්‍යුහාත්මක සැලසුම් සහ තාක්ෂණික විස්තර ආදිය ඉස්මතුවන සැලසුම් පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් ඇතුළත් කෙටි ඉදිරිපත් කිරීමක් ඇතුළත් විය.

ග්‍රාමීය පාලම් සංවර්ධන වැඩසටහන වේගවත්ව ඉදිරියට ගෙන යාමට සහ සාර්ථක ලෙස අවසන් කිරීමේ කාර්යය සඳහා සංවිධායකයින් දැඩි ලෙස විශ්වාස කරනුයේ CONNECT තරඟයේ නව අදහස් හා ඒවා ඵලදායී අයුරින් වැඩිදියුණු කිරීම තුළින් ඔවුන්ගේ ඉලක්ක සාර්ථක කර ගැනීමට හැකියාව ලැබෙන බවයි. මෙම තරඟය ඉදිරියේදී වාර්ෂිකව පැවැත්වීමට කටයුතු යොදන බව සංවිධායකයින් සඳහන් කරයි. තවද, විශ්ව විද්‍යාල මට්ටමේ පර්යේෂණ හැකියාවන් කර්මාන්තය තුළට රැගෙනයාමට සහ සියලුම පාර්ශ්වකරුවන් අතර සක්‍රීයව දැනුම හුවමාරු කර ගැනීම ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම තරඟය තුළින් විශිෂ්ඨ වේදිකාවක් නිර්මාණය වූ බව සංවිධායකයෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව