SLIIT විසින් 2025 වසර සඳහා නව බඳවාගැනීම් විවෘත කරමින්, සිසුන්ට උසස් අධ්‍යාපන සීමාවන් පුළුල් කිරීමට ආරාධනා කරයි

Main Intake (LBN)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනය ලෙස ශ්‍රේණිගත කර ඇති ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT), 2025 වසර සඳහා වන නව බඳවා ගැනීමේ කටයුතු මේවන විට ආරම්භ කර ඇත. ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රයන්ගේ පවතින අවශ්‍යතාවන් සපුරාලීම සඳහා විවිධ වූ පරාසයකින් නිර්මාණය කර ඇති උපාධි පාඨමාලා අධ්‍යයනය කිරීමට පසුගිය අ.පො.ස උ /පෙළ හමාර කළ උපාධි අපේක්ෂක සිසුන්ට ආරාධනා කරයි.

SLIIT ආයතනය, 1999 වසරේ ආරම්භ කරන ලද අතර එය අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (University Grants Commission – UGC) විසින් අනුමත කරනු ලැබූ උපාධි පිරිනමමින් වසර 25කට වැඩි ශක්තිමත් අධ්‍යාපන විශිෂ්ටත්වයක් ගොඩනගා තිබේ. මාලඹේ, කොළඹ, මහනුවර සහ යාපනය යන ප්‍රදේශවල SLIIT මණ්ඩප හතරක් සහ මාතර සහ කුරුණෑගල ශාඛා දෙකක් පිහිටා ඇත.
 



 
අධ්‍යාපනයේ විශිෂ්ටත්වය සඳහා SLIIT විසින් දක්වනු ලබන කැපවීම ගෝලීය හා කලාපීය ශ්‍රේණිගත කිරීම් තුළ  ඉහළ පිළිගැනීමකට ලක්ව ඇත. SLIIT ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා  අංක එකේ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනය වශයෙන්ද, Times Higher Education World University Rankings 2025 ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අතරින් දිවයින පුරා සියලුම විශ්වවිද්‍යාල අතර තුන්වන ස්ථානයටද එක්ව තිබේ. මෙම ඇගයීම්වලට අමතරව, 2025 වසරේ AD විද්‍යාත්මක දර්ශකයේ ලෝක තරුණ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අතුරින්, ශ්‍රී ලංකාවේ ඉහළම ස්ථානය හිමිකර ගැනීමට SLIIT සමත්ව ඇත. එමෙන්ම SLIIT ආයතනය පොදුරාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාල සංගමයේ (Association of Commonwealth Universities – ACU) සහ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සංගමයෙහි (International Association of Universities – IAU) සාඩම්බර සාමාජිකත්වය ද දරනු ලබයි.

SLIIT හි පරිගණක පීඨය, නවීන තාක්ෂණික අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පෙරමුණ ගනිමින් ක්‍රියාකරනු ලබයි. එම පීඨය විසින් අධ්‍යාපන සහ නවෝත්පාදනයේ අනාගතය ලෙස AI (කෘතීම බුද්ධිය) තාක්ෂණය හඳුනාගනිමින්, එහි පුළුල් පරාසයක විහිදී ගිය විශේෂත්වයන් සම්පූර්ණ කිරීම සඳහා සිව් වසරක BSc (Hons) in Information Technology Specialising in Artificial Intelligence උපාධි පාඨමාලාව හඳුන්වා දී තිබේ. එමෙන්ම සිසුන්ට Software Engineering, Information Technology, Cyber Security, Computer Systems & Network Engineering, Data Science, Information Systems Engineering සහ Interactive Media පිළිබඳ BSc (Hons) in Information Technology Specialising උපාධි පාඨමාලා හැදෑරීමට අවස්ථාව සැලසේ. තවද සිසුන්ට BSc (Hons) in Computer Science හෝ BSc (Hons) in Computer Systems Engineering උපාධි පාඨමාලාව හැදෑරිය හැකිය. මෙම උපාධි පාඨමාලා බ්‍රිතාන්‍යයේ ඉංජිනේරු හා තාක්ෂණ ආයතනය (IET) විසින් අනුමත කර ඇති අතර කර්මාන්ත ක්ෂේත්‍රය තුළ පවතින අවශ්‍යතාවයන් සහ නැගී එන තාක්‍ෂණයන් සමගින් පෙළගැස්වීම සඳහා ඉතා සැලකිලිමත් අයුරින් නිර්මාණය කර ඇත.

AACSB හි සාමාජිකයෙකු වන SLIIT Business School, ප්‍රායෝගික කුසලතා සහ ක්ෂේත්‍රයන්ට අදාළ විෂය මාලා සමගින් වෙනස් වූ ව්‍යාපාරික අවකාශයන් සඳහා සිසුන් සූදානම් කිරීම වෙනුවෙන් නිර්මාණය කර ඇති නවීන, වෘත්තීය අවස්ථාවන් කේන්ද්‍රකර ගත් උපාධි පාඨමාලා ඉදිරිපත් කරනු ලබයි. සිසුන්ට Business Analytics, Business Management, Human Capital Management, Marketing Management, Accounting & Finance, Logistics & Supply Chain Management, Management Information Systems සහ Quality Management විෂය මාලාවන්  ඇතුළත්  BBA (Hons) Specialising උපාධි හිමි කර ගැනීමට අවස්ථාව හිමිවේ. මීට අමතරව, SLIIT Business School විසින් එක්සත් රාජධානියේ, මැන්චෙස්ටර් මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලයේ Manchester Metropolitan University හි Manchester Fashion Institute සමග සහයෝගීතාවය ඇතිව පවත්වනු ලබන BSc (Hons) Fashion Business and Management උපාධිය පිරිනමනු ලබන්නේ පවතින විලාසිතා ව්‍යාපාර ක්ෂේත්‍රයේ දියුණුව සඳහා සිසුන් කුසලතාවයන්ගෙන් හා හැකියාවන්ගෙන් බලගැන්වීම සඳහා ය.

SLIIT ඉංජිනේරු පීඨය විසින් Electrical & Electronic Engineering, Civil Engineering, Materials Engineering, Mechanical Engineering සහ Mechatronics Specialisation විෂය මාලාවන් පිළිබඳව ඇතුළත් BSc Engineering (Hons) උපාධිය පිරිනමනු ලබයි. එමෙන්ම එම පීඨයේ BSc Engineering (Hons) in Mechanical Engineering සහ BSc Engineering (Hons) in Civil Engineering උපාධි සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ (Institute of Engineers in Sri Lanka – IESL) කොන්දේසි සහිත පිළිගැනීමක් හිමිවී ඇත. SLIIT ඉංජිනේරු පීඨය විසින් න්‍යායික විශේෂඥතාවන් හා ප්‍රායෝගික අත්දැකීම් මුසු කරමින් පුළුල් වූ උපාධි පාඨමාලා ඉදිරිපත් කරන අතර, මීට අමතරව BSc (Hons) Quantity Surveying උපාධි පාඨමාලාව, SLIIT ආයතනය එක්සත් රාජධානියේ පිහිටි Liverpool John Moores විශ්වවිද්‍යාලය හා සහයෝගීතාව ඇතිව පිරිනමනු ලබයි.

SLIIT මානව ශාස්ත්‍ර හා විද්‍යා පීඨය විසින් වසර 4ක් දක්වා ක්‍රියාත්මක කෙරෙන BSc (Hons) Psychology, LLB (Hons) සහ BA (Hons) English යන නව උපාධි පාඨමාලා හඳුන්වාදීමට පියවර ගෙන තිබේ. එම පීඨයේ BEd (Hons) උපාධි පාඨමාලාව යටතේ  Physical Sciences, Biological Sciences, English, Social Sciences යන උපාධි පිරිනමන අතර BSc (Hons) උපාධි පාඨමාලාවට Biotechnology වගේම, BSc (Hons) Financial Mathematics and Applied Statistics යන පාඨමාලා ද පිරිනමනු ලැබේ. ඊට අමතරව එම පීඨය විසින් ඕස්ට්‍රේලියාවේ Deakin University විසින් ඉදිරිපත් කරනු ලබන Bachelor of Nursing පාඨමාලාව හැදෑරීම සඳහා වන Higher Diploma in Nursing ඩිප්ලෝමා පාඨමාලාවක්ද පිරිනමනු ලබයි. මෙම පාඨමාලාව ශ්‍රී ලංකාවේ තෘතීයික සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (Tertiary and Vocational Education Commission – TVEC) විසින් ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම් 6 (NVQ L6) සඳහා අනුමත කර ඇත.

SLIIT හි ගෘහ නිර්මාණ අධ්‍යයන අංශය (SLIIT School of Architecture) විසින් පවත්වනු ලබන BSC (Hons) Architecture පාඨමාලවේ 1 වන කොටස සඳහා ශ්‍රී ලංකා වරලත් වාස්තුවිද්‍යාඥයින්ගේ ආයතනයේ (Sri Lanka Institute of Architects – SLIA)  පූර්ණ අනුමැතිය හිමිවී තිබේ. ඊට අමතරව, එම අධ්‍යයන අංශය විසින් BA (Hons) Interior Design උපාධිය ද පිරිනමනු ලබන අතර එම උපාධි පාඨමාලා ද්විත්වයම එක්සත් රාජධානියේ ලිවර්පූල් ජෝන් මුවර්ස් විශ්වවිද්‍යාලය හා එක්ව පිරිනමයි. මෙම උපාධි පාඨමාලා හරහා නිර්මාණ සැලසුම් විශේෂඥතාව, තාක්ෂණික ප්‍රවීණතාවය සහ තිරසර භාවිතාවන් වැඩිදියුණු කිරීම පිළිබඳව අවධානයක් ලබා දේ.

ඕස්ට්‍රේලියාවේ Deakin University සමගින් ආරම්භ කරනු ලැබූ, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පිරිනමනු ලබන ඕස්ට්‍රේලියානු Bachelor of Artificial Intelligence (AI) උපාධි පාඨමාලාව පිළිබඳ කළ සුවිශේෂී හඳුන්වාදීමත් සමගින් SLIIT හි ජාත්‍යන්තර උපාධි පාඨමාලා සැලකියයුතු මට්ටමකින් තවත් පුළුල් වී තිබේ. The University of Queensland – Australia, Deakin University – Australia, Curtin University – Australia, The University of Western Australia – Australia, Liverpool John Moores University – UK and The University of Edinburgh – UK වැනි ගෝලීය හුවමාරු වීම් සඳහා ලොව පුරා ශ්‍රේණිගත කර ඇති අනෙකුත් හොඳම විශ්වවිද්‍යාල 100 තුළ විවිධ අධ්‍යයන පීඨ, විනෝදාත්මක අත්දැකීම් සහ සබඳතාවයන් සමගින් ශිෂ්‍ය ජීවිතය තුළ ඉහළම මට්ටමේ උසස් අධ්‍යාපනයක් ලබා ගැනීම සඳහා සිසුන් අවස්ථාව හිමිවේ.

එක්සත් රාජධානියේ ලිවර්පූල් ජෝන් මුවර්ස් විශ්වවිද්‍යාලය හා සහයෝගීතාවය ඇතිව SLIIT ආයතනය විසින් BSc (Hons) Psychology, LLB (Hons) Law, BSc (Hons) Architecture, BA (Hons) Interior Design, BSc (Hons) Quantity Surveying, සහ Bachelor of Business Administration යන තුන් අවුරුදු උපාධි පාඨමාලා පිරිනමයි. මීට අමතරව සිසුන්ට එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලයේ මැන්චෙස්ටර් විලාසිතා ආයතනය හා එක්ව BSc (Hons) Fashion Business and Management උපාධිය සම්පූර්ණ කිරීමට සිසුන්ට අවස්ථාව හිමිවේ.

SLIIT විසින් අත්කර ගෙන ඇති අධ්‍යාපන විශිෂ්ටත්වය එහි සුවිශේෂී අයුරින් කැපවීමක් ලබා දෙන ආචාර්ය හා මහාචාර්යවරුන්ගෙන් ඔබ්බට එහි පවතින නවීන යටිතල පහසුකම් දක්වා විහිදී පවතී. මාලබේ පිහිටි SLIIT මණ්ඩපයේ මෑතකදී විවෘත කරන ලද පුස්තකාලය පර්යේෂණ, සහයෝගීතාවය සහ අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය සහාය ලබා දීම පිළිබඳව අවධානය යොමු කරමින් නවීන, තාක්‍ෂණය මත පදනම් වූ ඉගෙනුම් පරිසරයක් සිසුන්ට නිර්මාණය කර දී ඇත. ආයතනය තුළ සියලු උපාංග වලින් සමන්විත ව්‍යායාම් මධ්‍යස්ථානය, ක්‍රියාකාරකම් 20 වැඩි සංඛ්‍යාවක් සමගින් සිසුන්ට ක්‍රියාශීලීව සිටීමට අවශ්‍ය පහසුකම් සලසා දේ. එමෙන්ම තාක්‍ෂණය, කලාව, ක්‍රීඩා, ව්‍යවසායකත්ව මුලපිරීම්, සමාජ වගකීම යන කරණා පිළිබඳව අවධානය යොමු කරමින් සමාජවල විවිධ විෂය බාහිර ක්‍රියාකාරකම් වල නියැලීමට සිසුන්ට අවකාශය පවතී. SLIIT ආයතනය විසින් සිසුන්ගේ යහපැවැත්ම සඳහා වන මනෝවිද්‍යා  උපදේශන, ප්‍රවාහන පහසුකම් සේවා, වෛද්‍ය පහසුකම්, වෘත්තීය මාර්ගෝපදේශන සහ තවත් බොහෝ උපකාර සේවා සපයනු ලබයි.

වර්තමානය වන විට SLIIT හි සිසුන් 25,000 කට වැඩි පිරිසක් සහ 40,000 කට වැඩි ආදි ශිෂ්‍යයින් පිරිසකගෙන් 96% ක වෘත්තිමය අවස්ථා භුක්ති විඳින අතර SLIIT කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා සුදුසු උපාධිධාරීන් සූදානම් කිරීම සඳහා සිය කාර්යක්ෂමතාවය විවිධ පාර්ශවයන් සමගින් විදහා දක්වනු ලබයි. SLIIT ආයතනය විසින් සිසුන් වෙනුවෙන් ශිෂ්‍ය සේවා උපකාරක මැදිරියක්, ශිෂ්‍ය සංසදයක්, ඉංග්‍රීසි උපකාරක කවුළුවක් සහ වෘත්තීය උපදේශන සහ මගපෙන්වීම ඇතුළුව පුළුල් අයුරින් උපකාරක සේවා සපයනු ලබයි.

ඕනෑම විෂය ධාරාවක් යටතේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ (G.C.E. A/L (Sri Lanka)) විභාගයෙන් හෝ ලන්ඩන් උසස් පෙළ විභාගයෙන් (London A/L examinations) ඉහල දක්ෂතාවන් දක්වන සිසුන් සඳහා මෙම උපාධි පාඨමාලා වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනමනු ලබයි. අනෙකුත් ශිෂ්‍යත්ව අවස්ථා සිසුන්ගේ කාර්ය සාධනය මත පදනම් වූ සහ ක්‍රීඩා දක්ෂතාවයන් සඳහා පිරිනමනු ලබයි. අධ්‍යාපන සීමා මායිම් පුළුල් කර ගනිමින් තම හැකියාවන් එළිදැක්වීමට අපේක්ෂා කරන අනාගත සිසුන් වෙනුවෙන් SLIIT විසින් සිය නවීනතම උපාධි පාඨමාලා පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා ආරාධනා කරයි. පාඨමාලා සඳහා apply.sliit.lk හරහා සිසුන්ට අයදුම් කිරීමට හෝ උපාධි පාඨමාලා පිළිබඳව සහ අයදුම් කිරීමේ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් සිසුන්ට සවිස්තරාත්මක තොරතුරු ඕනෑම SLIIT පරිශ්‍රයක් වෙත පැමිණීමෙන් හෝ +94 11 754 4801 යන දුරකථන අංකය සහ www.sliit.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ info@sliit.lk යන විද්‍යුත් තැපෑල මාර්ගයෙන් ලබා ගත හැකිය.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව