
SLIIT (ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය ) විසින් පිරිනමන, ව්‍යාපාර පරිපාලනය පිළිබඳ දර්ශනපති උපාධිය (Master of Philosophy -MPhil) සහා දර්ශනය පිළිබඳ ආචාර්ය (Doctor of Philosophy – PhD) උපාධි පාඨමාලා හරහා තම පර්යේෂණ හා වෘත්තීය අපේක්ෂාවන් ඉටු කර ගැනීමට බලා සිටින සිසුන්ගේ හා වෘත්තිකයන්ගේ අයදුම්පත්, SLIIT හි උපාධි අධ්‍යන පීඨය (Faculty of Graduate Studies – FGS) විසින් මේ වන විට භාර ගනිමින් සිටියි.
SLIIT ආයතනය සතුව පවතින අති නවීන පහසුකම් සහ ගෝලීය වශයෙන් ඉහළ පිළිගැනීමක් සහිත මහාචාර්යවරුන්ගේ සබඳතා හරහා උපාධි අපේක්ෂකයින් හට, සිය පර්යේෂණ හා වෘත්තීය හැකියාවන් සමාජයට නිරාවරණය කෙරෙන සාධනීය වූ අධ්‍යයන ජයග්‍රහණ ලඟා කර ගැනීමට කදිම පරිසරයක් නිර්මාණය කරයි. මෙම උපාධි පාඨමාලා මගින් ශ්‍රී ලංකාව තුළ දැනුම හා නවෝත්පාදනයන් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් SLIIT විසින් දක්වනු ලබන අඛණ්ඩ කැපවීම නැවත වරක් විදහා දැක්වෙන අතර, අපේක්ෂිත විද්වතුන් සහ කර්මාන්ත වෘත්තිකයන් සඳහා ගෝලීය මට්ටමේ අධ්‍යාපන අවස්ථා සලසා දෙනු ලබයි.
SLIIT හි MPhil සහ PhD උපාධි පාඨමාලා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් අනුමත කර ඇති අතර අපේක්ෂකයින් හට උසස් පර්යේෂණවල නියැලෙමින්, ඔවුන්ගේ අධ්‍යයන සුදුසුකම් ඉහළම මට්ටම් කරා ලඟා කිරීමට අසමසම වූ අවස්ථාවක් ලබා දෙයි.
2017 වසරේ සිට පරිගණක පීඨයේ සහ ඉංජිනේරු පීඨයේ සමාන උපාධි පාඨමාලා හරහා ආරම්භ කරන ලද පශ්චාත් උපාධි පර්යේෂණ, SLIIT සතුව පවතින ශක්තිමත් අධ්‍යයන පදනම හරහා ගොඩනැගෙනු ඇත. විවිධ ව්‍යාපාරික විෂයමාලා තුළින් මූලික පර්යේෂණ කිරීමට උනන්දුවක් දක්වන, සුදුසුකම් සපිරූ අපේක්ෂකයින් SLIIT Business School වෙත සාදරයෙන් පිළිගනු ලබයි. මෙම උසස් මට්ටමේ පර්යේෂණ පාඨමාලා ශ්‍රී ලංකා සුදුසුකම් රාමුවේ (Sri Lanka Qualification Framework – SLQF)මාර්ගෝපදේශයන්ට අනුකූල වන අතර, Master of Philosophy උපාධි සහ Doctor of Philosophy උපාධි පාඨමාලා එම සුදුසුකම් රාමුවේ පිළිවෙලින් 11 වන සහ 12 වන මට්ටමින් ස්ථානගත කර ඇත. එමෙන්ම එය උසස් මට්ටමේ ශාස්ත්‍රීය දියුණුවකට සහ අධ්‍යයන දායකත්වයක් සඳහා සැලසුම් සහිත මාර්ගයක් නිර්මාණය කර දෙනු ලබයි.
ව්‍යාපාර කළමනාකරණය (Business Management), ආර්ථික විද්‍යාව (Economics)، මූල්‍ය හා ගිණුම්කරණය (Accounting & Finance), වෙළඳ හා වාණිජ්‍ය (Trade & Commerce), බැංකුකරණය හා රක්ෂණ (Banking & Insurance), තොරතුරු කළමනාකරණය (Information Management), රාජ්‍ය කළමනාකරණය (Public Management) සහ මානව සම්පත් කළමනාකරණය (Human Resource Management) ඇතුළු විවිධ ව්‍යාපාරික විෂයමාලා හරහා අති නවීන පර්යේෂණවල නිරත වීමට මෙම උපාධි පාඨමාලා තුළින් සිසුන්ට සුවිශේෂී අවස්ථාවක් සලසා දෙයි.
ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් පශ්චාත් උපාධි සුදුසුකම් සහ පුළුල් පර්යේෂණ අත්දැකීම් සහිත පර්යේෂකයින්ගෙන් සැදුම්ලත් සුවිශේෂී අධීක්ෂණ මණ්ඩලයක් සිටීම හේතුවෙන් SLIIT හි පර්යේෂණ වැඩසටහන් ප්‍රසිද්ධියක් උසුලනු ලබයි. මීට අමතරව, ජාත්‍යන්තර විශ්වවිද්‍යාලවල කීර්තිමත් විද්වතුන් ඇතුළු ගෞරවණීය මහාචාර්යවරුන්ගේ එකතුවක් විසින් ඒකාබද්ධ අධීක්ෂණ අවස්ථාවන් සපයාදෙන අතර, ආචාර්ය උපාධි අපේක්ෂකයින්ට අනාගත ගෝලීය දැක්ම සහ විශේෂඥතාවයන් වෙත ප්‍රවේශ වීමට අවස්ථාව ලබා දෙයි.
SLIIT හි සහකාර උපකුලපති (අධ්‍යයන ) මහාචාර්ය රාහුල අත්තලගේ මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසීය. “SLIIT හි අපි පර්යේෂණ සහ සොයාගැනීම් සංස්කෘතිය වැඩිදියුණු කිරීමට කැපවී කටයුතු කරනවා. අපගේ පශ්චාත් උපාධි පර්යේෂණ පාඨමාලා හරහා විද්වතුන්ට ශාස්ත්‍රීය හා කර්මාන්ත ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වෙනසක් ඇති කිරීමට අවශ්‍ය සම්පත්, උපදේශන සහ සහයෝගීතා සඳහා අවස්ථාවන් ලබාදෙනවා.”
SLIIT හි විවිධ අධ්‍යයන පීඨ, අති නවීන විද්‍යාගාර පහසුකම්, පුස්තකාල අධ්‍යයන කටයුතු සඳහා වූ පොදු පහසුකම් සහ නවීන පර්යේෂණ වැඩිදියුණු කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති විශේෂ අධ්‍යයන අවකාශයන් මගින් සිසුන්ට වටිනා ප්‍රතිලාභ ලඟා කර දීමට සමත්ව තිබේ.
මෙම උපාධි පාඨමාලා හැදෑරීම සඳහා වන මූලික විභාගයට මුහුණ දීමෙන් සහ ඉන් අනතුරුව පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගී වී, සාර්ථක කාර්ය සාධනයක් අත්කර ගන්නා අපේක්ෂකයින්හට ඒ සඳහා ලියාපදිංචි වීමට අවස්ථාව හිමිවේ. තම අධීක්ෂකවරයා සමගින් මාස හයක කාලයක් වැඩ කිරීමෙන් අනතුරුව, අපේක්ෂකයින් විසින් ස්ථිර කරන ලද ලියාපදිංචිය සඳහා පුළුල් යෝජනාවක් ඉදිරිපත් කළ යුතු වේ.
SLIIT ආයතනය, විශේෂිත වූ උපාධි පාඨමාලාවලට අයත් නිර්ණායක මත පදනම්ව, දක්ෂතා සහිත සිසුන් සඳහා පූර්ණ ශිෂ්‍යත්වයක් සහිත ආකර්ශණීය වූ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රම පිරිනමනු ලබයි. තවද මෙම ශිෂ්‍යත්ව යෝජනා ක්‍රම යටතේ, දක්ෂතා සහිත අයදුම්කරුවන් සඳහා 90% දක්වා වූ පාඨමාලා ගාස්තු සඳහා සහන ලබා ගත හැකි වේ. එමෙන්ම, උපාධි පාඨමාලාවේ සෑම කොටසකම ආරම්භයේ දී පාඨමාලා ගාස්තු වාරික වශයෙන් ගෙවීමට නම්‍යශීලී විසඳුම් අවස්ථා සලසා දී ඇත.
SLIIT හි උපාධි අධ්‍යන පීඨයේ මහාචාර්ය රේණුකා හේරත් මහත්මිය තවදුරටත් මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසුවාය. ”අපගේ පර්යේෂණ වැඩසටහන් නිර්මාණය කර ඇත්තේ තීරණාත්මක අවබෝධය, නවෝත්පාදනය සහ අධ්‍යයන විශිෂ්ටත්වය වැඩිදියුණු කිරීම සඳහා ය. අපගේ පීඨයේ මග පෙන්වීම සහ අති නවීන පහසුකම් සඳහා පවතින ප්‍රවේශයන් සමගින්, සිසුන්ට තම අදාළ ක්ෂේත්‍රවල සැබෑ දියුණුවක් අත්කර ගැනීම සඳහා ඔවුන්ව බලගන්වනු ලබනවා.”
SLIIT ආයතනය උසස් අධ්‍යාපන විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ නායකත්වය සමගින් අභිමානවත් වසර 25ක් සනිටුහන් කරයි. ශ්‍රී ලංකාවේ අංක 1 රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලය ලෙස ද, Times Higher Education World University Rankings 2025 ශ්‍රේණිගත කිරීම් අනුව දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල අතරින් 3වන ස්ථානයට SLIIT එක්වෙමින්, ක්ෂේත්‍රයට අදාළ අධ්‍යාපනයක් සහ අනාගතයට සූදානම් දක්ෂතවයන්ගෙන් පිරි සිසුන් සවිබල ගැන්වීමට අඛන්ඩව කටයුතු කරයි.
ව්‍යාපාර පරිපාලනය පිළිබඳ MPhil සහ PhD උපාධි පාඨමාලා සඳහා අයදුම්පත් දැන් ලබා ගත හැකි අතර, එම අයදුම්පත් භාර ගැනීම වසර පුරාම සිදුකරනු ලබයි. මෙම උපාධි පාඨමාලා සඳහා උනන්දුවක් දක්වන අපේක්ෂකයින් SLIIT හි නිල වෙබ් අඩවිය හරහා මාර්ගගතව අයදුම් කිරීමට හෝ renuka.h@sliit.lk විද්‍යුත් ලිපිනය ඔස්සේ SLIIT හි උපාධි අධ්‍යන පීඨයේ පාඨමාලා සම්බන්ධීකාරක මහාචාර්ය රේණුකා හේරත් වෙත සෘජුවම අයදුම්පත් ඉදිරිපත් කිරීමට ද හැකියාව ඇත.
මෙම උපාධි පාඨමාලා සහ ඒ සඳහා අයදුම් කිරීමේ ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු www.sliit.lk යන SLIIT වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් හෝ SLIIT හි උපාධි අධ්‍යන පීඨය හා සම්බන්ධවීමෙන් ලබා ගත හැකිය.