SLIIT විසින් අනාගත රොබෝ තාක්ෂණ නායකයින් බලගැන්වීම සඳහා ROBOFEST 2024 හි ලියාපදිංචි කටයුතු ආරම්භ කරයි

DSC_4806 (LBN)

මෙරටේ ප්‍රමුඛ පෙළේ රොබෝ තරගාවලිය වන ROBOFEST 2024 සඳහා තරගකරුවන් ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව SLIIT ආයතනය නිවේදනය කරයි. මෙවර තරගය තවත් පුළුල් කරමින්, AI තාක්ෂණය සහිත නවෝත්පාදන ඇතුළත් නව කාණ්ඩ සහ කාර්මික ක්ෂේත්‍රයේ සහභාගීවන්නන් සඳහා විවෘත කාණ්ඩයක් මෙම වසරේ ROBOFEST තරගාවලිය වෙනුවෙන් ඇතුළත් කර ඇති අතර මෙවර එය වඩාත් තරගකාරී හා සුවිශේෂී අවස්ථාවක් වනු ඇත.

 



 

‘ROBOFEST’ යනු SLIIT හි විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු අධ්‍යන අංශය විසින් 2010 වසරේදී ආරම්භ කොට වාර්ෂිකව සංවිධානය කරනු ලබන රොබෝ තරගාවලියකි. ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් අතර නවෝත්පාදන හැකියාවන් සහ නිර්මාණශීලිත්වය වර්ධනය කිරීම, රොබෝ තාක්ෂණයේ නව තාවයන් සැලසුම් කිරීම, ගොඩනැගීම සහ ඒ සමග සම්බන්ධ වීමට සෑම මට්ටමක සිසුන් සවිබල ගැන්වීම මෙම වැඩසටහනේ අරමුණ වේ.

මේවන විට ROBOFEST තරගය ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් අතර නවෝත්පාදන, නිර්මාණශීලිත්වය සහ තාක්ෂණික විශේෂඥතාව පෝෂණය කෙරෙන පිළිගත් ජාතික මට්ටමේ තරගාවලියක් දක්වා වර්ධනය වී ඇත. SLIIT විසින් මෙම තරගාවලිය සඳහා පාසල් සිසුන්, උපාධි අපේක්ෂකයින් සහ ප්‍රථම වරට කාර්මික නවෝත්පාදකයින් පිළිගනිමින්, රොබෝ විද්‍යාව සහ අති නවීන තාක්‍ෂණයන් පිළිබඳ ඔවුන්ගේ දක්ෂතාවයන් ඉදිරිපත් කිරීමට හා ඔවුන්ට රොබෝ විද්‍යා ක්ෂේත්‍රයේ අනාගත පරපුරේ ප්‍රමුඛයන් බවට පත්වීමට ආරාධනා කරයි.

ROBOFEST හි සැබෑ වටිනාකම තරගාවලියෙන් ඔබ්බට පුළුල් අයුරින් ව්‍යාප්තවන බවට SLIIT අපේක්ෂා කරයි. ROBOFEST 2024 වසරට පෙර පවත්වන ලද වැඩමුළු සහ ප්‍රවේශ වැඩසටහන් මෙම අධ්‍යාපනික වැඩසටහන සඳහා අන්තර්ගත කර ඇති අනිවාර්ය අංග වේ. මූලිකව පවත්වනු ලබන ක්‍රියාකාරකම් තීරණාත්මක අවධියක පවතින අතර මේ සඳහා සහභාගීවනන් හට වටිනා නිපුනතාවයක්, දැනුම සහ රොබෝ විද්‍යාව හා ඒ ආශ්‍රිත තාක්ෂණයන් පිළිබඳ අත්දැකීම් ලබා ගැනීමට අවකාශය හිමි වේ.

පාසල් සිසුන්ට මෙම වැඩමුළු හරහා ඔවුන්ගේ විෂයමාලාවේ නොමැති ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීමට සුවිශේෂී අවස්ථාවක් නිර්මාණය කර දේ. උසස් මට්ටමේ රොබෝ උපකරණ සමග ක්‍රියා කිරීමට, මූලික ක්‍රමලේඛන සංකල්ප ඉගෙන ගැනීමට සහ රොබෝ විද්‍යාවේ තීරණාත්මක වන සැලසුම් සහ ඉංජිනේරු මූලධර්ම පිළිබඳව අවබෝධ කර ගැනීමට සිසුන්ට මේ මගින් අවස්ථාව ලැබෙනු ඇත.

රොබෝ තාක්ෂණයේ කෘතිම බුද්ධිය (artificial intelligence in robotics), උසස් ක්‍රමලේඛන ශිල්පීය ක්‍රම (advanced programming techniques) සහ ක්ෂේත්‍රයේ නවතම ප්‍රවණතා (latest trends in the field) වැනි ක්ෂේත්‍ර පිළිබඳව අවධානය යොමු කරමින් වඩාත් උසස් මට්ටමේ වැඩමුළුවලින් විශ්වවිද්‍යාල සිසුන් ද මේ හරහා ප්‍රතිලාභ සලසා ගනු ඇත. මෙම සැසි කර්මාන්තයේ විශේෂඥයින් සහ SLIIT හි පීඨ සාමාජිකයින් විසින් මෙහෙයවමින් වටිනා අවබෝධයක් සහ ජාලකරණ අවස්ථා ද ලබා දෙනු ලබයි.

විශ්වවිද්‍යාල, පාසල් සහ විවෘත කාණ්ඩ සඳහා ලියාපදිංචි කිරීම් 2024 ජූලි මස 15 දක්වා විවෘතව පවතී. අවසන් තරගය 2024 සැප්තැම්බර් මස 19 සහ 20 යන දිනවල දී  පැවැත්වීමට නියමිතය.

වටිනා ත්‍යාග, වැඩමුළු සහ ප්‍රවේශ වැඩසටහන් සමගින්, ROBOFEST 2024 ශ්‍රී ලංකාවේ රොබෝ තාක්ෂණයේ සහ උසස් තාක්ෂණය වර්ධනය වැඩි දියුණු කරමින් සහභාගිවන්නන් දිරිමත් කිරීමට සහ සවිබල ගැන්වීමට කටයුතු කරයි.

මෙහි විශ්වවිද්‍යාල කාණ්ඩයේ ජයග්‍රාහකයන් සඳහා රුපියල් 100,000 මුදල් ත්‍යාගයක් ද, පළමු අනුශූරයන් සඳහා රුපියල් 75,000ක් ද, දෙවැනි අනුශූරයන්ට රුපියල් 50,000 බැගින් වූ මුදල් ත්‍යාග පිරිනමනු ලබයි.

SLIIT ආයතනය, ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සිසුන්ට සහ නවෝත්පාදකයින්ට ඔවුන්ගේ න්‍යායික හා ප්‍රායෝගික දැනුම, ආකර්ෂණීය වූ තරගකාරී වාතාවරණයක් තුළ ඉදිරිපත් කිරීම සඳහා මෙම අනගි අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ලෙසට ඔවුන්ව දිරිගන්වනු ලබයි.

මේ පිළිබඳව වැඩි දුර විස්තර හා ලියාපදිංචි කටයුතු robofest.lk යන වෙබ් අඩවිය හරහා ලබා ගත හැකිය.

පහත සඳහන් අපගේ සමාජ මාධ්‍ය හරහා අප සමගින් සම්බන්ධව සිටින්න,

Facebook:  facebook.com/RobofestSLIIT

Instagram:  instagram.com/sliit.robofest

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව