SLIIT, කීර්තිමත් ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලය සමඟ සහයෝගිතා ගිවිසුමකට එළඹෙමින් සිසුන්ට ගෝලීය මට්ටමේ අධ්‍යාපන අවස්ථාවන් පුළුල්කර දෙයි.

Image 3

 




 

 

-එම විශ්ව විද්‍යාලය ජී-අට සමූහයේ විශ්ව විද්‍යාලවල ආරම්භක සාමාජිකයෙකි-

උසස් තත්ත්වයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා ප්‍රවේශය ලබා දීමේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයා වන SLIIT විසින් UQ ඉංජිනේරු විද්‍යාව සහ ව්‍යාපාර උපාධි හැදෑරීම සඳහා හුවමාරුවීම් සපුරා දීම වෙනුවෙන් ලොව කීර්තිමත් ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලය (University of Queensland) සමඟ ගිවිසුම්ගත වෙමින් ගෝලීය මට්ටමේ විශිෂ්ඨතාවයන් තවත් පියවරකින් පුළුල් කර තිබේ.

UQ යනු ඕස්ට්‍රේලියාවේ පිහිටි ප්‍රමුඛ පෙළේ පර්යේෂණ විශ්ව විද්‍යාල වලින් එකක් වන අතර එය ලොව හොඳම අධ්‍යාපන ආයතන 50 අතරට ශ්‍රේණිගත කර ඇත. එය කීර්තිමත් යුනිවර්සිටාස් 21(Universitas 21) හි සාමාජිකයෙකු වන අතර ජී-අට (G – 8) විශ්ව විද්‍යාල වල ආරම්භක සාමාජිකයෙකි.

මීට අදාළ ගිවිසුම් අත්සන් කිරීමේ උත්සව අවස්ථාව මාර්ගගත සූම් තාක්ෂණය ඔස්සේ පසුගියදා අත්සන් කරනු ලැබූ අතර, ඒ සඳහා SLIIT සහ ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ (UQ) සම්භාවනීය අමුත්තන් කිහිප දෙනෙකු සහභාගී විය. UQ නියෝජනය කරමින් උප කුලපති සහ සභාපති මහාචාර්ය ඩෙබොරා ටෙරී අඕ, උප උපකුලපති ආචාර්ය ජෙසිකා ගැලැගර්, (ගෝලීය සබඳතා සහ ව්‍යවසායකත්ව), විධායක පීඨාධිපති මහාචාර්ය ඇන්ඩෘ ග්‍රිෆිත්ස්, ව්‍යාපාර, ආර්ථික විද්‍යාව සහ නීතිය පිළිබඳ මහාචාර්ය ඇලෙක්සැන්ඩර් රාකීච් – සහකාර පීඨාධිපති (බාහිර සබඳතා)  ඉංජිනේරු පීඨය, ගෘහ නිර්මාණ ශිල්පය සහ තොරතුරු තාක්‍ෂණය යන අංශවල ආචාර්ය මහාචාර්ය මහත්ම මහත්මීන් සහභාගී විය.

SLIIT ආයතනය නියෝජනය කරමින් උපකුලපති හා ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ලලිත් ගමගේ, සභාපති හා කුලපති මහාචාර්ය ලක්ෂ්මන් රත්නායක, නියෝජ්‍ය උපකුලපති (අධ්‍යයන) මහාචාර්ය නිමල් රාජපක්ෂ, නියෝජ්‍ය උපකුලපති (ජාත්‍යන්තර) ආචාර්ය අතුල පිටිගලආරච්චි, පීඨාධිපති (ජාත්‍යන්තර) මහාචාර්ය මහේෂා කපුරුබණ්ඩාර, ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය සමන් තිලකසිරි  සහ SLIIT ව්‍යාපාරික පාසලේ පීඨාධිපති මහාචාර්ය සමන්ත තෙලිජ්ජගොඩ යන මහත්ම මහත්මීන් මීට සහභාගී විය.

UQ සහ SLIIT මෙම සහයෝගීතාව තුළින් සිසුන් හට SLIIT හි පළමු හා දෙවන වසර සම්පූර්ණ කිරීමෙන් පසු වසර දෙකකින් UQහි ඉංජිනේරු විද්‍යාව සහ ව්‍යාපාරික උපාධිය ලබා ගැනීමට හැකි වන පරිදි පැහැදිලි ක්‍රමවේදයක් සකසා ඇත. මෙම ගිවිසුම මඟින් SLIIT හට UQ හි ශක්තිමත් හවුල්කරුවෙකු වීමට සහ වැඩමුළු, පර්යේෂණ පුහුණුව, ඉගැන්වීමේ ගුණාත්මක පුහුණු වැනි හවුල්කාරී වැඩසටහන් සඳහා සහභාගී වීමට හැකි අවස්ථාවක් ද නිර්මාණයවේ.

මෙහිදී අදහස් දක්වමින් මහාචාර්ය ඩෙබොරා ටෙරී අඕ සඳහන් කළේ “ඇත්ත වශයෙන්ම SLIIT සමඟ අපගේ සබඳතාවය ගැඹුරින් ශක්තිමත් කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. SLIIT වෙත සංචාරයක නිරතවීමට මට විශාල වරප්‍රසාදයක් ලැබී ඇති අතර ඔබ එහි කරන සෑම ක්‍රියාකාරකමක් පිළිබඳව මගේ සංචාරයේදී පැහැදීමක් ඇති කළේය. ඉංජිනේරු සහ ව්‍යාපාර පීඨවල වැඩසටහන් මාලාවන් දෙකක් සහ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය පිළිබඳ සංකල්පයන් ආරම්භ වීම සහ

පර්යේෂණ සඳහා සබඳතා ගොඩනඟා ගැනීම සහ ඒ මඟින් සිසුන් හුවමාරු කිරීම දෙස බැලීම අනාගත මුලපිරීම් වර්ධනය වීම සඳහා ඉතා අර්ථවත් වූවක් වනු ඇත .”

UQ ට ස්තූතිය පළකරමින් මහාචාර්ය ලලිත් ගමගේ මෙසේ පැවසීය. ජී 8 විශ්ව විද්‍යාලයක් සමඟ අපි පළමු වතාවට අත්සන් කරන වැදගත්ම හා පුළුල්ම  ගිවිසුම මෙයයි. එමඟින් UQ හි අප කෙරෙහි ඇති විශ්වාසය, SLIIT හි අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ සිසුන්ට හොඳම අත්දැකීම ලබා දීම සඳහා වූ අපගේ කැපවීම ද පෙන්නුම් කරයි. ජාත්‍යන්තර හා දේශීය සිසුන් ආකර්ෂණය කර ගැනීම සඳහා සහ ඉහළ පෙළේ ගෝලීය විශ්ව විද්‍යාල වෙත මාරු වීමේ හැකියාව ලබා දීම සඳහා සංක්‍රාන්ති අධ්‍යාපන මධ්‍යස්ථානයක් පිහිටුවීමේ ශ්‍රී ලංකාවේ ඉලක්කය සඳහා මෙම හවුල්කාරිත්වය ඉතා වැදගත් වේ. අප ඉංජිනේරු සහ ව්‍යාපාර උපාධි වලින් ආරම්භකර එය අනාගතයේදී පරිගණක, ගෘහ නිර්මාණ ශිල්පය සහ අනෙකුත් අංශ දක්වා ව්‍යාප්ත කිරීමට උනන්දු වන්නෙමු. මෙම සහයෝගිතා ගිවිසුම පර්යේෂණ දක්වා දීර්ඝ කර ගැනීමටත්, අපේ තරුණ උගතුන්ට UQ හි ආචාර්ය උපාධිය හැදෑරීමටත්, UQ  සිට SLIIT වෙත සිසුන් හුවමාරුව ආකර්ෂණිය කර ගැනීමටත් අවස්ථාව සැලසීමට අප බලාපොරොත්තු වෙමු. අපගේ හවුල්කාරිත්වයේ ශක්තිය තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට යා හැකි යැයි අපි විශ්වාස කරන අතර මෙම උත්සාහය සඳහා අප බෙහෙවින් කැපවී සිටින්නෙමු.”

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව