මෑතක දී පැවැති ශ්‍රී ලංකා ඉස්ලාමීය බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍ර සම්මාන උළෙලේ දී අමානා තකාෆුල් (ATL) රන් සම්මාන දෙකක් තමන් සතුකරගත්තේය. ‘Takaful Entity of the Year’ කාණ්ඩය යටතේ ගෞරවනීය රන් සම්මානයක් ‘Product of the Year’ කාණ්ඩය යටතේ ATL ආයතනය ඉදිරිපත් ‘All-In-One’ රක්ෂණ සැලසුම් සංකල්පයට රන් සම්මානක් ලෙස මෙම සම්මාන දෙක දිනාගැනීමට සමත්විය.
මෙම සම්මාන උළෙල වාර්ෂිකව පැවැත්වෙන අතර 2018 වසරේ දී ඉස්ලාමීය බැංකුකරණ මූල්‍ය ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් ආයතන දැක්වූ දායකත්වය මෙහිදී ඇගයීමට ලක්විය. වසර ගණනාවක් මුළුල්ලේ SLIBFI සම්මාන උළෙලේදී සමාජ සුබසාධනය සහ නව්‍ය රක්ෂණ නිපැයුම් හදුන්වාදීම වෙනුවෙන් ATL ආයතනය නොකඩවා සම්මානයට පාත්රවිය. බොහෝ අවස්ථා වලදී ATL විසින් “Takaful Entity of the Year” සම්මානය තමන් සතු කරගත්තේය. පසුගිය වසර දෙකේදී රන් සම්මාන දෙකක් තමන් සතු කරගැනීමට සමත් වූ ATL ආයතනය 2012 වසරේ සිට මේ දක්වා නොකඩවා සම්මාන දිනාගෙන ඇත.
නොකඩවා 8 වෙනි වරටත් පවත්වනු ලබන SLIBFI සම්මාන උළෙල ඉස්ලාමීය බැංකු සහ මූල්‍ය ක්ෂේත්රයේ වඩාත්ම ගෞරවයට පාත්රවූ සම්මාන උළෙලක් වන අතර, ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය මූල්‍ය සේවා ලබාදෙන සියලූ ආයතන වල දක්ෂතාවන් හදුනාගනිමින් ඒවාට නිවැරදි ඇගයීමක් ලබාදීම සිදුකරයි. SLIBFI සහ ඔවුන්ගේ ආයතන බැංකු, මූල්‍ය ආයතන, රක්ෂණ සමාගම්, ප්‍රාග්ධන වෙළද අරමුදල් සහ අධ්‍යාපනික ආයතන යන ක්ෂේත්රයන් වලට අයත් වේ. මෙම සම්මාන උළෙල UTO අධ්‍යාපනික විශේෂඥයන් සහ KPMG සමග එකතු වී සංවිධානය කරයි.
මෙම සම්මාන ඇගයීමෙන් පසු ATL ආයතනයෙහි ප්‍රධාන විධායක නිලධාරී ෆසාල් ගෆූර් මහතා මෙසේ සිය අදහස් දැක්වීය. ”මෑතකදී පැවැත්වූ ශ්‍රී ලංකා ඉස්ලාමීය බැංකු සහ මූල්‍ය ක්ෂේත්‍ර සම්මාන උළෙලේදී රන් සම්මාන දෙකක් ලබාගැනීමට හැකිවීම ගැන ATL ආයතනයෙහි සියලූ සේවකයන් ලෙස අපි ඉතාමත් සතුටු වෙනවා. වසර ගණනාවක සිට එක දිගට KPMG සම්මාන උළෙලේදී සම්මාන ලබාගැනීම අපට ඉමහත් ආඩම්බරයක්. ශ්‍රී ලංකාවේ සෑම සමාජ තලයකටම ගැළපෙන පුළුල් පරාසයක පැතිරුණු රක්ෂණ විස`දුම් ලබාදීම හරහා අපේ පාරිභෝගිකයන්ට ඉතා ඉහළ සේවාවක් නිරන්තරයෙන් සැපයීම වෙනුවෙන් මෙම සම්මාන ඇගයීම සිදුකරනු ලැබීය.
සමාජයේ සියලූම තලවල ජීවත්වන ජනතාවට අවශ්‍ය විශාල පරාසයක පැතිරුණු රක්ෂණ නිපැයුම් සියලූ ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට ලබාදීම හරහා ඔවුන් වෙතට නිරන්තරයෙන් සමීපවීමට කටයුතු කරයි. පහසුව, දරාගත හැකි මිලකට අනුවිධ ‘Open to all’ සංකල්පය යථාවත් කිරීම වෙනුවෙන් විවිධ ජාතීන්ට අයත් රක්ෂණ සේවකයන් ශ්‍රී ලංකාව පුරා සියලූ පාරිභෝගිකයන්ට සේවය සැලසීම වෙනුවෙන් කැපවී කටයුතු කරයි.