SLIA’s Annual Product Awards 2024 දී සිය RBS සිමෙන්ති පැනල වෙනුවෙන් විශිෂ්ටතා සම්මානය ‘රයිනෝ රූෆින් ප්‍රොඩක්ට්ස්’ වෙත

Image 01 (2) (LBN)

ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනය හෙවත් SLIA  විසින් පවත්වනු ලබන Annual Product Awards 2024 සම්මාන උළෙලේදී සිය නව්‍ය නිපැයුම වන RBS සිමෙන්ති පැනල, ගෞරවනීය ‘විශිෂ්ටතා සම්මානයෙන්’ පිදුම් ලැබූ බව රයිනෝ රූෆින් ප්‍රඩක්ට්ස් සමාගම අභිමානයෙන් යුතුව දැනුම්දෙයි.

මෙම සම්මානය මගින් ‘රයිනෝ රූෆින් ප්‍රඩක්ට්ස්’ සමාගම නවොත්පාදන, තිරසරභාවය සහ පිරිවැය ඵලදායිතාවය හෙවත් අඩු පිරිවැය යන කරුණු ඔස්සේ කැපීපෙනෙන දේශීය නිෂ්පාදනයන් වෙනුවෙන් කරනු ලබන කැපකිරීම අවධාරණය කරයි.

 



 

මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් සිය කෘතවේදීත්වය පළකරමින්, රයිනෝ රූෆින් ප්‍රඩක්ට්ස් හී ප්‍රධාන විධායක ඉන්දික රාජපක්ෂ මහතා ” SLIA වෙතින් පිදෙන මෙම විශිෂ්ටතා සම්මානයට පාත්‍රවීම සැබැවින්ම අපට ගෞරවයක්. මෙම ඇගයීම, අපගේ කණ්ඩායම විසින් කර්මාන්ත ප්‍රමිතීන් සපුරාලීම පමණක් නොව ඉන් ඔබ්බටද විහිදෙන අයුරින් නිෂ්පාදන සංවර්ධනය කිරීම සඳහා කරනු ලබන කැපකිරීම සහ දරනු ලබන වෙහෙස සම්බන්ධයෙන් මනා සාක්ෂියක්” යැයි පවසා සිටියේය. ” මෙම සම්මානය දිනාගැනීම රයිනෝ රූෆින් ප්‍රඩක්ට්ස් සමාගමේ අභිමානවත් සන්ධිශ්ඨානයක් සනිටුහන් කෙරෙනවා.  ඉදිකිරීම් කර්මාන්තය වෙනුවෙන් පුරෝගාමී සහ පරිසර හිතකාමී විසඳුම් ඉදිරිපත් කරමින් එම ක්ශේත්‍රයේ උන්නතිය වෙනුවෙන් අපගේ අඛණ්ඩ උත්සහය ඉන් පිළිබිඹු වනවා” යැයි ඔහු වැඩිදුටත් පවසා සිටියි.

2024 පෙබරවාරි 22 වන දින BMICH හි පැවති SLIA Annual Awards 2024 සම්මාන උළෙල ‘රයිනෝ රූෆින් ප්‍රඩක්ට්ස් සමාගම’ වෙත මෙම ගෞරවනීය සම්මානය පිරිනැමූ වේදිකාව විය.  ගෘහ නිර්මාන ශිල්පීන්, ඉංජිනේරුවන්, ප්‍රමාණ සමීක්ෂකයන්, ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවන්, දේපල වෙ‍ළඳාම් ක්ශේත්‍රයේ පිරිස් ආදී ඉදිකිරීම් කර්මාන්තයේ නොයෙක් අංශවල වෘත්තිකයන් සහ එයට බලපෑම් කරන පිරිස් යන දෙපාර්ශ්වයම මධ්‍යයේ මෙම ඉසව්ව පැවැත්වුණි.

එහිදී ” නව්‍ය, තිරසර සහ ලාභදායී දේශීය නිෂ්පාදනයන් සහ ද්‍රව්‍ය” (Locally made products and materials that are innovative, sustainable, and cost-effective)  යන කාණ්ඩයෙන් සම්මානයට බඳුන් වූ RBS සිමෙන්ති බිත්ති පැනල, බිත්ති බැඳීමේ සාම්ප්‍රදායික ක්‍රමවේදයන්හිදී පැන නගින අභියෝග රැසකට විසඳුම් සපයයි. එය ශ්‍රම හිඟයට පිළියමක් වන අතර බිත්තිවල දෝෂ නිවැරදි කිරීම මෙන්ම ඉදිකිරීම සඳහා ගතවන කාලය සැලකිය යුතු ලෙස අවම කරයි. එයට අමතරව එය supportive grids සහ glass wool වැනි පිරවුම් ද්‍රව්‍ය වල අවශ්‍යතාව ඉවත් කරමින්, අභ්‍යන්තර බිත්ති ‘පාටිෂන් කිරීම’ සඳහා වඩාත් කාර්යක්ෂම විකල්පයක් ඉදිරිපත් කරයි.

පාරිභෝගික අත්දැකීම් සහ අගය එකතුකිරීම්වලට අනුව, සාම්ප්‍රදායික බිත්ති ඉදිකිරීමට සාපේක්ෂව RBS සිමෙන්ති පැනල මගින් ප්‍රතිලාභ රාශියක් පිරිනමයි. එය ලාභදායී වන අතරම ඉහළ බලශක්ති කාරයක්ෂමතාවක් වඩවයි. එය ඉක්මන් ඉදිකිරීමකට ඉඩ සලසන අතර බදාම අනවශ්‍ය බැවින් ස්ථාපනය පහසු කරවයි. තාප සහ ශබ්ද පරිවාරකබව අතින් මෙන්ම සැහැල්ලු ශක්තිමත්භාවය අතින්ද එය ඵලදායී වේ.

මෙම ව්‍යාපෘතියේ බලපෑම ඉලක්කගත ප්‍රාථමික සහ ද්වීතික ප්‍රේක්ෂකයන් කරා විහිදෙයි. ගෘහ නිර්මාන ශිල්පීන්, ඉංජිනේරුවන්, ප්‍රමාණ සමීක්ෂකයන් සහ කර්මාන්ත උපදේශන ප්‍රධානීන් මෙම නවොත්පාදනයේ ප්‍රතිලාභ ලබන අතරවාරයේ නිවාස ඉදිකරන්නන්, අලුත්වැඩියාකරන්නන් මෙන්ම පොදු මහජනතාවට මෙමගින් ඉදිකිරීම් ක්‍රියාවලියේ වැඩි දියුණුව සහ අඩු පිරිවැය අත්විඳිය හැක.

රයිනෝ රූෆින් ප්‍රඩක්ට්ස් සමාගම, නේවාසික මහල් නිවාස සහ සාමාන්‍ය නිවාස මෙන්ම වාණිජමය ඉදිකිරීම් ආදී සාර්ථක ව්‍යාපෘති සඳහා හවුල්කරුවකු ලෙසින් සිය ගම්‍යතාව වේගවත්ව පෙරට රැගෙන යමින් සිටියි. වැඩි කාලයක් ගතවන මෙන්ම වැඩි පිරිවැයක් දරන්නට සිදුවන සාම්ප්‍රදායික් බිත්ති බැඳීමේ ක්‍රමවේදය RBS සිමෙන්ති පුවරුවේ ආදේශනය මගින් විප්ලවීය වෙනසකට ලක්කිරීම, ඉදිකිරීම් ක්ශේත්‍රය ධනාත්මක වෙනසකට ලක්කිරීමේ එම සමාගමේ මෙහෙවර සමග මනාව සම්පාත වන බව මෙයින් කියාපායි.

‘රයිනෝ’ සිය නිෂ්පාදන නිපැයුම වෙනුවෙන් නවීනතම තාක්ෂණය සහ ඉස්තරම්ම ප්‍රමිතියෙන් යුත් අමුද්‍රව්‍ය යොදාගැනීම මගින් මෙන්ම ලෝක මට්ටමේ නිෂ්පාදන ක්‍රමවේදයන් යොදාගනිමින් අදාළ කර්මාන්ත මිනුම් දඬු ඉහළ නැංවීමට සමත්ව සිටියි. එසේම එම සමාගම, එහි අපද්‍රව්‍ය මනා ලෙස ප්‍රතිචක්‍රීකරණයට ලක්කිරීමෙන්, පරිසර දූෂණය දුරු කිරීමට මෙන්ම බලශක්ති පරිභෝජනය අඩුකිරීමෙන් ස්වභාවික සම්පත් සුරැකුම පිණිස ද ඉහළ ප්‍රමුඛතාවක් ලබාදෙයි.  එසේම සමාජ වගකීමක් සහිත ආයතනයක් ලෙසින්, ‘රයිනෝ’ සිය ව්‍යාපාරික ප්‍රවේශයට තිරසර භාවිතාවන් සහ ප්‍රජා සුබසාධනය අඩංගු කිරීම පිණිස අතිශය ඉහළ වැදගත්කමක් ලබා දී තිබේ. 2030 වසර වන විට කාබන් පියසටහන් උදාසීන කිරීම පිණිස වන ගමනේදී තිරසර සංවර්ධනය සඳහා වේදිකාවක් නිර්මානය කිරීම වෙනුවෙන් ‘රයිනෝ’ සිය ව්‍යාපාරික උපායමාර්ග ප්‍රතිනිර්මානය කර තිබේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව