පසුගියදා පැවැති ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදයේ 59 වන වාර්ෂික මහා සම්මේලනයේදී කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය 2020/21 වර්ෂය සඳහා එහි සභාපති ලෙස SLCPI විසින් ඒකමතිකව තෝරා ගන්නා ලදීx හේමාස් ෆාමසූටිකල්ස් හි කළමනාකාර අධ්‍යක්ෂවරිය සහ වර්තමානයේ හේමාස් සමූහයේ ප්‍රධාන විධායක නිළධාරිනිය වන චෙල්ලරාජා මහත්මිය, දෙවන වසරටත් නව නිළධාරී මණ්ඩලය හා සාමාජිකත්වය සමඟ සංසදයේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ඇති අතර රජයේ හා පුද්ගලික අංශයේ කොටස්කරුවන් සමඟ එක්ව රටේ සෞඛ්‍ය සේවා න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යනු ඇත.
සෞඛ්‍යාරක්ෂාව පුද්ගලයෙකුට ආවේණික ලක්ෂණවලට සරිලන පරිදි එක් එක් පුද්ගලයාට ආවේණික වූ ඖෂධ හා වෛද්‍ය ප්‍රතිකාර කරා යොමුවන බවත් එනිසා වගකිව යුතු හා උසස් තත්වයේ ඖෂධ බෙදා හැරීමේදී ඖෂධ ක්ෂේත්රයට වැදගත් කාර්යභාරයක් පැවරී තිබූ බව චෙල්ලරාජා මහත්මිය පැවසුවාය.
පෞද්ගලික ආනයනකරුවන් තමන් විසින්ම නියාමනය කරන ක්ෂේත්රයකට කැපවන ලෙස සිය ප්‍රධාන දේශනයේදී, චෙල්ලරාජා මහත්මිය ඉල්ලා සිටියාය. ‘‘අප සැවොම ශ්‍රී ලාංකිකයෝ. ඔව්, අප ව්‍යාපාරයන් පවත්වා ගෙන යනවා, නමුත් අපගේ ප්‍රමුඛතාවය විය යුත්තේ රෝගීන්ගේ සුභ සාධනයයි,’’ යනුවෙන් ඇය අවධාරණය කළාය.
ඖෂධ සඳහා සාධාරණ මිල යාන්ත්‍රණයක් ඇතුළුව ජාතික අවශ්‍යතා සඳහා රජය ගෙන යන වැඩ පිළිවෙලට එකතු වීමට SLCPI දක්වන උනන්දුව පිළිබඳව ඇය විස්තර කළාය. එමඟින් පුළුල් පරාසයක විහිදී ගිය උසස් තත්වයේ ඖෂධ පාරිභෝගිකයින්ට පහසුවෙන් ලබා ගත හැකි වනු ඇත.
‘‘සාධාරණ මිල යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම සඳහා රජය සමඟ එක් වීමට අප සූදානම්’’ යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසූවාය. මිල නියම කිරීම් සම්බන්ධ රෙගුලාසි, රුපියල අවප්‍රමාණය වීම, උද්ධමන අනුපාතය සමස්තයක් ලෙස ඉහළ යාම සහ මිල යාන්ත්‍රණයක් නොමැති වීම ආදිය ක්ෂේත්රයට විශාල අභියෝගයක් වී ඇත. ඉන්ධන වැනි ආනයන මත යැපෙන අත්‍යාවශ්‍යය සේවා මෙන් නොව, ඖෂධ නිෂ්පාදන මිල යාන්ත්රණයකට යටත් නොවේ.
පසුගිය මාස කිහිපය තුළ මුහුණ දුන් විවිධ අභියෝගයන් හමුවේ ඉදිරියෙන්ම සිටි කණ්ඩායම් ලෙස, සියලූම කාර්ය මණ්ඩල, සැපයුම් ජාල කොටස්කරුවන් සහ කර්මාන්තයේ සියලූම නියෝජිතයින්ගේ අද්විතීය කාර්යභාරය සහ ඒ සඳහා ඔවුන් සූදානම් වීමට දෑරූ උත්සාහය චෙල්ලරාජා මහත්මිය පැසසුමට ලක් කළාය. ‘‘කොවිඞ්-19 වසංගතය අපගේ ක්ෂේත්රයට පෙර නොවූ විරූ අභියෝග රැගෙන ආවා. අපගේ ව්‍යාපාර බොහොමයක් තවමත් අරගලයක යෙදී සිටින නමුත් රෝගීන් සහ රට අපගේ ප්‍රමුඛතාවය ලෙස සැලකීමට ක්ෂේත්රය වගබලා ගත්තා. ඖෂධ හිඟයක් ඇති නොවන බවත්, එසේ නොවූ බවත් රටට හා සෞඛ්‍ය ඇමතිනියට සහතික වීමට අපට හැකි වුනා’’, යනුවෙන් ඇය මහත් අභිමානයෙන් සඳහන් කළාය.
මෑතකදී ඇති වූ වසංගත තත්වය හේතුවෙන් උගත් පාඩමක් ලෙස, රටේ බෝ නොවන රෝග පිළිබඳ ගැටළු සහ ඒවා සමඟ ජීවත් වන ජනතාවගේ ප්‍රමාණය විශාල ලෙස ඉහළ ගොස් ඇති බවත් ඒවා සමඟ ඔවුන්ට දෛනික ඖෂධ සැපයීම මත යැපීමට සිදුව ඇති බවත් නිරීක්ෂණය කළ බව ඇය පෙන්වා දුන්නාය. ‘‘ශ්‍රී ලංකාවේ NCDs වැළැක්වීමට හා සුව කිරීමට අප රජයට සහාය වීමට අවශ්‍යයි. ඒ සඳහා අප කළයුත්තේ උසස් තත්වයේ ඖෂධ ලබා දීම හා නව ඖෂධ ලබා දීමත් අවශ්‍ය බව ඇය පෙන්වා දුන්නාය. කෙසේවෙතත්, ශ්‍රී ලංකාවේ සෞඛ්‍යසේවා පද්ධතියේ ප්‍රධාන අංශයක් ලෙස, අපගේ ජනතාව අතර හොඳ සෞඛ්‍ය පුරුදු සහ වටිනාකම් ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අප අවධානය යොමු කළ යුතුයි’’, යනුවෙන් ඇය අවධාරණය කළාය.
ක්ෂේත්රය වෙනුවෙන් 2020/21 වර්ෂය සඳහා ඇයගේ දැක්මට ඇතුළත් කරුණු:
- තමන් විසින්ම නියාමනය කරන සහ ආචාර ධර්ම කරා යන ඔවුන්ගේ ගමන අඛණ්ඩවම කර ගෙන යාම
- සාධාරණ මිල යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා අදාල පාර්ශ්ව සමඟ සම්බන්ධ වීම
- ක්ෂේත්රයට පනවා ඇති රෙගුලාසිවල ප්රායා්ගික බව සහතික කිරීම සහ ඒවායේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට ඉඩ දීම.
SLCPI හි 2020/21 වර්ෂය සඳහා නිළධාරී මඩුල්ල වන්නේ, ජ්‍යෙෂ්ඨ උප සභාපති – සංජීව විෙඡ්සේකර මහතා, විධායක අධ්‍යක්ෂක, ජෝර්ඡ් ස්ටුවර්ට් හේල්ත් (පුද්) සමාගම, උප සභාපති – අසාම් ජාවඞ් මහතා, කළමනාකාර අධ්‍යක්ෂක, සිප්ලා ෆාර්මා ලංකා සමාගම, ගරු. ලේකම් – රොල්ෆ් බ්ලේසර් මහතා, ප්‍රධාන විධායක නිළධාරී/කළමනාකාර අධ්‍යක්ෂක, ඒ. බවර් සහ සමාගම, භාණ්ඩාගාරික – සිරිමල් ප්‍රනාන්දු මහතා, නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂක, ඇස්ට්රන් ලිමිටඞ්.
SLCPI වර්තමානයේදී පුද්ගලික ඖෂධ ක්ෂේත්රයෙන්, නිෂ්පාදකයින්, ආනයනකරුවන් බෙදාහරින්නන්, සහ වෙළෙඳුන්ගෙන් 80%කට වඩා දායකත්වය දක්වන සාමාජිකයින් 60 කට වැඩි සාමාජිකයින් සංඛ්‍යාවකගේ නියෝජිත ලෙස සේවය කරයි.