SLCE සහ Morison එක්ව ක්‍රියාවට නංවන දියවැඩියා පාලනය පිළිබඳ පුහුණු පාඨමාලාවේ දෙවැනි කණ්ඩායම පුහුණු කිරීම ඇරඹේ

Image

ශ්‍රී ලංකා අන්තරාසර්ග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය (The Sri Lanka College of Endocrinologists – SLCE) සහ මොරිසන් සමාගම (Morison Ltd)  එක්ව පවත්වන දියවැඩියා පාලනය පිළිබඳ  පුහුණු පාඨමාලාවේ දෙවැනි කණ්ඩායම පුහුණු කිරීම 2024 ඔක්තෝබර් 13 දින ආරම්භ විය. මෙහි පළමු අදියර බෙහෙවින් සාර්ථක වූ අතර, වෛද්‍යවරු 65 දෙනෙක් ඒ යටතේ පුහුණුව ලැබූහ. දෙවැනි අදියර සඳහා වෛද්‍යවරු 60 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධ වී සිටිති.
 



 

මෙවැනි වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ ආරම්භ කරන ලද්දේ ප්‍රථම වරට වන අතර, දියවැඩියාව පාලනය කිරීම සම්බන්ධ නවතම දැනුම හා ක්‍රමවේදයන් වෛද්‍යවරුන් වෙත හඳුන්වා දීම එහි අරමුණ විය. දියවැඩියාව යනු ශ්‍රී ලංකාව තුළ බහුලව වාර්තා වන රෝග තත්ත්වයක් නිසා එය පාලනය කිරීම විශේෂඥ වෛද්‍යවරුන්ට පමණක් සිදුකළ නොහැකි අතර, ඒ සඳහා සෙසු වෛද්‍යවරුන්ද දායක කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා අන්තරාසර්ග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ මොරිසන් සමාගම එක්ව 2024 පෙබරවාරි මාසයේදී මෙම වැඩසටහන ආරම්භ කරන ලදි.

පාඨමාලාවේ සාර්ථකත්වය මෙන්ම එය අඛණ්ඩව පවත්වාගෙන යෑමේ අරමුණ ඇතුව ශ්‍රී ලංකා අන්තරාසර්ග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ මොරිසන් සමාගම එහි දෙවැනි අදියරද ක්‍රියාවට නැංවීමට තීරණය කළේ ය. ශ්‍රී ලංකා අන්තරාසර්ග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය යනු මෙරට දියවැඩියාව පාලනය සම්බන්ධයෙන් පෙරමුණ ගෙන කටයුතු කරන සංගමයක් වන අතර, මොරිසන් යනු මෙරට ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ වසර 60 කට අධික  ඉතිහාසයක් ඇති, රටේ දියවැඩියාව පාලනය කිරීමේ මෙහෙවරට දායකත්වයක් ලබාදෙන සමාගමකි.

ශ්‍රී ලංකාවේ දියවැඩියා අර්බුදය වැඩි වෙමින් පවතින අතර, එවැනි පසුබිමක් තුළ ආරම්භ කරන ලද මෙම වැඩසටහන එම අර්බුදය පාලනය කිරීම සඳහා ක්‍රියාවට නංවන ලද ඵලදායී, විශ්වාසනීය හා දීර්ඝකාලීන මෙහෙවරක් ලෙස හැඳින්විය හැකි වේ. විශේෂයෙන්ම එය දියවැඩියා රෝගීන්ට සුවිශාල යහපතක් සිදුකරමින්, දියවැඩියාව හේතුවෙන් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මත ඇති වන පීඩනය අවම කිරීම සඳහා කැපීපෙනෙන දායකත්වයක් දක්වනු නිසැක ය.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව