SLASSCOM සංවිධානය කළ ‘National Integrity’ සම්මාන උළෙලේදී හොඳම නවෝත්පාදනය (බස්නාහිර පළාත) සඳහා වන දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට Ophtha Innovations සමත් විය. දියවැඩියා රෝගය හේතුවෙන් ඇති වන දෘෂ්ටි රෝගවල බරපතල බව වටහා ගැනීම සහ පාලනය සදහා නිපදවූ ලාභදායි සහ නිවැරදි ක්‍රමවේදය වෙනුවෙන් Ophtha Innovations ඇගැයීමට ලක් විය. මෙම තාක්‍ෂණය මඟින් දෘෂ්ටි රෝග කලින් හඳුනා ගෙන ප්‍රතිකාර කිරීමට හැකි වන අතර අන්ධභාවය ඇති වීමේ අවදානම සහ ප්‍රතිකාර සඳහා වන සමස්ත පිරිවැය අවම කිරීමට හැකිය. තරුණ නවෝත්පාදකයන් පිරිසක් ඇරඹූ Ophtha Innovations වර්තමානයේදී තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු බවට පත් වී ඇත. කීර්ති කොඩිතුවක්කු, ශෂික චමෝද් මුණසිංහ සහ අකිරා ඉකේඩා යන අයගේ ප්‍රධානත්වයෙන් යුතු Ophtha Innovations දක්ෂ සහ පළපුරුදු ඉංජිනේරුවන් සහ දත්ත විද්‍යා වෘත්තිකයන් රැසකගෙන් සමන්විතය.
2022දී පොදු රාජ්‍ය මණ්ඩලීය ඩිජිටල් සෞඛ්‍ය සම්මාන උළෙලේදී Ophtha Innovations ජූරියේ විශේෂ සම්මානයකින් පිදුම් ලැබීය. 2021දී ICTA විසින් දියත් කරන ලද ඩොලර් 15,000ක අරමුදල් ලබන ව්‍යාපෘතිය සඳහා තෝරා ගත් සමාගම් 15 අතරට එක් වීමටද Ophtha Innovations සමත් විය. SLT දියත් කළ ඩොලර් 10,000ක අරමුදල් ලබන ව්‍යාපෘතියක අවසන් 10 දෙනා අතරට එක් වීමටද Ophtha Innovations සමත් වූ අතර තවත් සම්මාන උළෙල රැසකදී ඔවුන් ඇගැයීමට ලක් වී තිබේ. “දිනෙන් දින ඉහළ යන දෘෂ්ටි රෝග සඳහා නවෝත්පාදන විසඳුම් සෙවීමට අපි ඉතා උනන්දුවෙන් කටයුතු කරනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ නව මාවත් ගවේෂණය කරමින් අප ඉටු කරන කාර්යභාරය තුළින් අපේ නිෂ්පාදන හරහා ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව අනිකුත් රටවල පවා අක්ෂි රෝග ක්ෂේත්‍රයේ පෙරළියක් ඇති කරන්න අපට පුළුවන්.” ප්‍රධාන තාක්ෂණ නිලධාරී ශෂික චමෝද් මුණසිංහ පැවසීය.