Sirocco නවීන පිහිණුම් තටාක තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වා ‌දෙයි

Mattias Nordin (LBN)

 



 

 

Sirocco සමූහයේ අනුබද්ධ ආයතනයක් වන Sirochem Aqua (Pvt) Ltd විසින් ක්ලෝරීන් රහිත තාක්ෂණය භාවිතයෙන් ගෘහස්ථ හා කර්මාන්ත පිහිනුම් තටාක ඉදි කිරීම හා නව්‍යකරණය සඳහා වන ඔවුන්ගේ දැක්ම ඉදිරිපත් කිරීමේ විවෘත සංසදය පසුගියදා කොළඹ ජෙට්වින් හෝටලයේදී පවත්වනු ලැබීය. තමන්ගේ ව්‍යාපෘති ඉහළ නැංවීමේ හැකියාව සහිත තටාක තාක්ෂණයේ නවෝත්පාදන හා වර්ධනය පිළිබද උනන්දුවක් දක්වන කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පීන් හා ඉංජිනේරුවන් රැසක් ඊට එක්ව සිටියහ. Sirochem Aqua හි ජාත්‍යන්තර සහකරු වන NatureSwim හි සත්කාරකත්වයෙන් පැවති මෙම සංසදයේදී එහි ප්‍රධාන විධායක/ සංවර්ධන අධ්‍යක්ෂ Mattias Nordin මහතා විසින් හානිකර ද්‍රව්‍ය ඉවත් කිරීමට හැකි වන පරිදි ස්වභාවික පද්ධතීන්හි උපකාරයෙන් විද්‍යාත්මක පවිත‍්‍ර කිරීමේ ක‍්‍රම ඇති කිරීම සදහා භාවිත කරනු ලබන අති නවීන තාක්ෂණය පිළිබද පැමිණ පිරිස දැනුවත් කරන ලදී. පිහිනුම් තටාකයේ ජලය පානය කිරීමට පවා ආරක්ෂිත බවට පත් කරන එම තාක්ෂණයේ පුළුල් ඔක්සිකරණ, අයනීකරණ සහ අති ධ්වනික ක‍්‍රියාවලීන් තුළින් පිරිපහදු නොකළ ජලය නිසැක වශයෙන්ම පිරිසිදු පානීය ජලය බවට පත් කරනු ඇත.

වසර 14කට වැඩි කාලයක් තිස්සේ සිය මෙහෙයුම් දියත් කරන, වෙළෙදපොලේ විශාලතම සුළං ෆෑන් නිෂ්පාදන පෙළට හිමිකම් කියන Sirocco සිය ප‍්‍රධාන ව්‍යාපාරය වන වාතය පිරිසිදු කිරීමේ හා වාතාශ‍්‍ර පද්ධතිවල දේශීය හා ජාත්‍යන්තර ගනුදෙනුකරුවන් සඳහා ව්‍යාපෘති 1500කට වැඩි ප‍්‍රමාණයක් සම්පූර්ණ කොට ඇත. COVID 19 වසංගතය තුළ වායු පිරිසිදු කිරීමේ පද්ධතීන් වැඩි අවධානමකට ලක් වූ අවස්ථාවේදී වාතය පිරිසිදු කිරීමේ අවශ්‍යතාව වෙනුවෙන් ප‍්‍රමුඛත්ව දී කටයුතු කළ Sirocco සමාගමට ඔවුන්ගේ සුවිශේෂී ප‍්‍රවීනත්වය තුළින් රෝහල්වල දැඩි සත්කාර ඒකක වැනි අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් වෙනුවෙන් උපකාර කිරීමට හැකියාව උදා විය. මිරිදිය පිහිනුම් තටාක විවිධාංගීකරණයට ලක් කිරීමේදී ක්ලෝරීන් රහිත පිහිනුම් තටාක සදහා විසදුම් සෙවීමේ පුරෝගාමී ව්‍යාපාරයක් ලෙස සමාගමේ උරුමය ඉදිරියට ගෙන යමින් තම පියාගේ සිහිනය සැබෑ කර ලීමට Sirochem Aqua (Pvt) Ltd සමගින් කටයුතු කළ සුරේන් චන්ද්‍රරත්න මහතා ඒ හරහා නේවාසික හා වාණිජ පිහිනුම් තටාක සඳහා වඩාත් සෞඛ්‍ය සම්පන්න හා තිරසාර විසදුමක් වෙළෙදපොලට ඉදිරිපත් කිරීමට සමත් විය. වත්මන් කර්මාන්න රෙගුලාස් මගින් ජලයෙහි පිරිසිදු බව විශ්ලේෂණයය කිරීමට වඩා ජලයේ ක්ලෝරීන් ප‍්‍රමාණය තක්සේරු කිරීම තුළින් පිහිනුම් තටාකවල ප‍්‍රමිතීන් තීරණය කිරීම අඛණ්ඩව සිදු කළ හැකි බව චන්ද්‍රරත්න මහතා මෙහිදී පෙන්වා දෙන ලදී. ඔහු වැඩි දුරටත් සදහන් කළේ අනාගතය වෙනුවෙන් ප‍්‍රමිතීන් සහතික කිරීම සඳහා මෙම තත්වය නැවත සලකා බැලිය යුතු බවයි.

ක්ලෝරීන් භාවිතය තුළින් මානව භාවිතය සඳහා ආරක්ෂිතව ලබා දී ඇති සාම්ප‍්‍රදායික පිහිනුම් තටාකයන්හි දුෂ්කරතාවයන් මිරිදිය තටාකවල ගුණාංග සමග දිගු කාලීන ලෙස සංසන්දනය කරනු ලබන අතර එය පරිවර්තනය කිරීම සඳහා සලකා බැලි යුතු හේතු රාශියක් හදුනාගෙන ඇත. විශේෂයෙන් සමෙහි හානිකර තත්වයන් වැඩි කිරීමේ සිට නඩත්තු වියදම් වැඩි කිරීම දක්වා පරිසර හිතකාමී, නවීන, දියුණු ඔක්සිකරණ ක‍්‍රියාවලි තාක්ෂණය Sirochem Aqua සහකරු ‘NatureSwim’ විසින් හදුන්වා දී ඇත්තේ වසර 20කට වැඩි කාලයක් පුරා ලොව පුරා 10,000කට අධික පද්ධති ස්ථාපනයන් සමග තටාක සනීපාරක්ෂාව සහතික කරමිනි. දැනට ක‍්‍රියාත්මක තටාක පද්ධතීන්හි සවිකළ හැකි නවතම සනීපාරක්ෂක යාන්ත‍්‍රණයක් සහිත මිරිදිය තටාක පද්ධතියක් සපයන ඔවුන් පරිපූර්ණ පිරිසිදු හා රසායනික ද්‍රව්‍යයන්ගෙන් තොර මිරිදිය තටාක බවට පත් කරනු ඇත

Mattias Nordin මහතා මෙහිදී සදහන් කර සිටියේ තටාකයන්හි ජලය පිරිසිදු කිරීම සදහා හානිකර රසායන ද්‍රව්‍ය භාවිත කිරීමේ සාම්ප‍්‍රදායික ක‍්‍රමවලින් ඉවත් වීමට කඩිනම් පියවර ගත යුතු බවයි. මෙම යෝජිත යාන්ත‍්‍රණය ක්ලෝරීන්වලට වඩා 100 ගුණයකින් ශක්තිමත් හා 1000 ගුණයකින් වේගවත් වන අතර ඒ තුළින් ඔබේ මෙහෙයුම් හා නඩත්තු වියදම් අඩු කිරීමෙන් ආයෝජනයට ඉක්මන් ප‍්‍රතිලාභ හිමි වනු ඇත. සිය කාර්මික කණ්ඩායමේ හා යටිතල පහසුකම් වල සහාය තුළින් Nordin මහතා Sirochem Aqua වෙත ලබා දුන් පූර්ණ සහාය  චන්ද්‍රරත්න මහතා විසින් පිළිගන්නා ලදී. මේ සඳහා වන උපදෙස් Sirochem Aqua (Pvt) Ltd විසින් ලබා ගත හැකි අතර ඔවුන් මිරිදිය පිහිනුම් තටාක සැලසුම් කිරීම, ඉදිකිරීම හා පරිවර්තනය කිරීම මෙන්ම තටාක උපකරණ සැපයීම හා jacuzzis ස්ථාපනය හා ඒ ආශ‍්‍රිත තටාක නඩත්තු කිරීමේ ප‍්‍රමුඛයා ලෙස කටයුතු කරයි. යෝජිත NATA පද්ධතිය,  ඕස්ට්‍රේලියාවේ සහතික ලත් NSF සහ තටාක හා ස්පා සංගමය විසින් 2018 වසරේදී ප‍්‍රදානය කරන ලද ‘වසරේ තිරසාර නිෂ්පාදනය’ ලෙසද ඇගයීමට ලක් විය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 − 5 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව