Sinopec, ‘සිරි දළදා වන්දනාවට’ පැමිණි බැතිමතුන් වෙනුවෙන් පිරිසිදු පානීය ජලය ලබා දෙයි

Sinopec staff from Sunil Gunaratne Filling Station in Medamahanuwara and K. P. Thethumathi Filling Station in Panwila supported the fresh water distribution. (LBN)

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පසුගියදා පැවති දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාව දැක බලා  ගැනීමට පැමිණි ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් වෙනුවෙන් සිය අපරිමිත සහයෝගය ලබා දීමට Sinopec Energy Lanka (Pvt) LTD කටයුතු කරන ලදී.  එහිදී බැතිමතුන්ගේ අවශ්‍යතා මනාව හඳුනාගනිමින් ඊට අවශ්‍ය සේවාවන් නොමඳව ලබා දීමට Sinopec කටයුතු කරනු ලැබුවේ සිය කාර්ය මණ්ඩලයේ දායකත්වයද ඒ වෙත ලබා ගනිමිනි.

දළදා ප්‍රදර්ශනය පැවති දින 3ක කාලය තුළ දන්ත ධාතූන් වැඳපුදා ගැනීමට පැමිණි බැතිමතුන්ට අවශ්‍ය පිරිසිදුපානීය ජල පහසුකම් සපුරාලීමට කටයුතු කළ Sinopec ඔවුන්ට අවශ්‍ය වැසිකිළි පහසුකම් සැපයීමටද කටයුතු කරනු ලැබීය. තවද මෙම ප්‍රදර්ශනය සාර්ථකව පවත්වාගෙන යාම සඳහා කැපවීමෙන් කටයුතු කළ යුධ හමුදා හා පොලිස් නිලධාරීන් සඳහා මෙන්ම සනීපාරක්ෂක කාර්ය මණ්ඩලය වෙනුවෙන්ද මෙම අවස්ථාවන් ලබා දීමට Sinopec කටයුතු කිරීම විශේෂත්වයකි.

Sinopec හි මැදමහනුවර සුනිල් ගුණරත්න පිරවුම්හලේ සහ පන්විල එම්.පී. කේතුමතී පිරවුම්හලේ කාර්ය මණ්ඩලයේ සහයෝගයෙන් ක්‍රියාත්මක වූ මෙම සත්කාරක වැඩසටහන සඳහා ආයතනික කළමනාකරුවන් හා පොම්ප සහායකයින්ද එක් වූහ. කෙසේ වුවද අදාල පිරවුම්හල් හි සේවාවන්ට බාධාවක් නොවන අයුරින් මෙම සත්කාරයන් සිදු කිරීමට ඔවුන් කටයුතු යොදා තිබිණ.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව