Shuttle Time පාසල් වැඩසටහනට ගුරුවරුන් පුහුණු කිරීමට බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගෙන් අයැදුම්පත් කැඳවයි

Capture11

 



 

 

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ, ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ  බැඩ්මින්ටන් ආයතනයේ කලාපීය සංවර්ධන කමිටුව විසින් පාසල් දරුවන් වෙනුවෙන් දීපව්‍යාප්ත ආරම්භ කිරීමට නියමිත Shuttle Time වැඩසටහනට ගුරුවරුන් පුහුණු කිරීමේ පුහුණුකරුවන් බඳවා ගැනීමට අයැදුම්පත් කැඳවා තිබේ. ඒ සඳහා සෑම දිස්ත්‍රික්කයකින්ම පුහුණුකරුවන් (Tutors) දෙදෙනා බැගින් බඳවා ගැනීමට නියමිතය.

ඒ සඳහා පළපුරුදු බැඩ්මින්ටන් පුහුණුකරුවන්ගෙන් අයැදුම්පත් කැඳවා ඇති අතර, අයැදුම්පත් බාර ගැනීම 20 වැනිදායින් අවසන් වන බව බැඩ්මින්ටන් ආයතනයේ කලාපීය සංවර්ධන කමිටුව දන්වා සිටී.

වසර 2012දී  ලෝක බැඩ්මින්ටන් සම්මේලනය විසින් ආරම්භ කරනු ලැබූ Shuttle Time  වැඩසටහන මේ වනවිට රටවල් 140ක ක්‍රියාත්මකය. බැඩ්මින්ටන් ක්‍රීඩාව දීපව්‍යාප්තව ක්‍රියාත්මක කරන එකම රට ලෙස ශ්‍රී ලංකාව ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ පිළිගැනීමට ද ලක්වී තිබේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව