
දන්ත වෛද්‍ය ප්‍රතිකාර සේවා සැපයීමේ ප්රමුඛයෙකු වන Shine Dental Care (www.shinedentalcare.lk) ආයතනයේ නිර්මාතෘ වෛද්‍ය අසංක සේනානායක මහතා BWIO 2025 සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම දන්ත වෛද්‍යවරයා ලෙස සම්මාන ලැබුවේය. අමෙරිකා එක්සත් ජනපදයේ Business World International Organization සංවිධානය කළ එම සම්මාන උළෙල කොළඹදී පැවැත්විණි. Facebook, Instagram, TikTok වැනි සමාජ මාධ්‍ය ජාලවල අතිශයින් ජනප්‍රිය සේනානායක මහතා ලොව පුරා ප්‍රසිද්ධ වී ඇත්තේ ‘Dr Shine’ යන අන්වර්ථ නාමයෙනි. Cosmetic Dentistry සහ Implantology යන අංශ පිළිබඳ විශේෂඥයෙකු වන ඔහු සුහුරු, නවීන සහ රෝගියා කේන්ද්‍ර කර ගත් සේවා තුළින් ශ්‍රී ලාංකික දන්ත වෛද්‍ය ප්‍රමිති ඉහළ නැංවීමට කැප වී සිටී. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් දන්ත වෛද්‍ය උපාධිය (BDS) ලබා ඇති ඔහු මෙහෙයවන Shine Dental Care ආයතනයේ ශාකා කෑගල්ලේ, (බුලත්කොහුපිටිය පාර), මාවනැල්ලේ (රෝහල පාර) සහ රඹුක්කන (රෝහල පාර) පිහිටා තිබේ.
වසර ගණනාවක ප්‍රයෝගික අත්දැකීම් සහිත දන්ත වෛද්‍යවරයෙකු වන සේනානායක මහතා රට පුරා විවිධ ප්‍රදේශවලින් පැමිණෙන රෝගීන් දහස් ගණනකට සාමාන්‍ය දත් පරීක්ෂා කිරීම්වල සිට උසස් තාක්ෂණය යොදා ගනිමින් සිදු කරන සම්පූර්ණ දන්ත ප්‍රතිස්ථාපන ක්‍රියාවලි දක්වා වන සියලුම දන්ත වෛද්‍ය ප්‍රතිකාර සහ සේවා සපයයි. නවීන තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරමින් මෙරට දන්ත වෛද්‍ය ක්ෂේත්රය නව මානයකට රැගෙන යන සේනානායක මහතා ‘Invisalign Bracers’, ‘Digital Smile Designing’, ‘Dental Implants’, ‘Laser Dentistry’, ‘Teeth Whitening’, ‘Crown/Bridge’ සහ ‘Endo-Motor Root Canal’ වැනි සියලු ආකාරයේ ප්‍රතිකාර සේවා සපයයි. එසේම ඔහු Veneering සහ Full Smile Makeovers වැනි රූපලාවණ්‍ය දන්ත වෛද්‍ය ප්‍රතිකාර සේවා රැසක්ද සපයයි. සේනානායක මහතා මීට පෙරද දෙස් විදෙස් සම්මාන රැසක් ලබා තිබේ. 0772345295 යන වට්ස්ඇප් අංකය ඔස්සේ ඔහුව සම්බන්ධ කර ගත හැකිය.