Sensa Solutions Lanka ජාතික ව්‍යාපාර විශිෂ්ටතා රන් සම්මාන දිනයි

SENSA

Sensa Solutions Lanka පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සංවිධානය කළ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා 2025 සම්මාන උළෙලේදී මුද්‍රණ සහ ඒ ආශ්‍රිත සේවා අංශයේ රන් සම්මානයත්, මධ්‍ය පරිමාණ ව්‍යාපාර කාණ්ඩයේ කුසලතා සම්මානයත් දිනා ගත්තේය. කළමනකරණ අධ්‍යක්ෂ සුභාෂ් තලංගම සහ අධ්‍යක්ෂිකා සසිරු තලංගම වෙත සම්මානය පිරිනමන ලදී. වසර අටක පමණ කෙටි කාල පරිච්ජේදයකදී Sensa Solutions සමාගම මෙරට මුද්‍රණ සහ ඇසුරුම්කරණ ක්ෂේත්‍රයේ විශ්වාසනීය නමක් දිනා ඇත. බියගම පිහිටි ඔවුන්ගේ නිෂ්පාදන අංගනයේ සේවය කරන වෘත්තිකයන් සංඛ්‍යාව 120කට අධිකය. එක්සත් රාජධානියට, යුරෝපා සංගමයට, ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් ඇගැලුම් සන්නාම රැසකට එම සමාගම  සේවා සපයයි. වර්තමානයේදී එම සමාගම තේ, ආහාර හා ඖෂධ අපනයන ක්ෂේත්‍රවලට ප්‍රමුඛතාව දෙමින් තම නිෂ්පාදන කටයුතු පුළුල් කර ඇත.

 



 
Sensa Solutions පුළුල් පරාසයක ලේබල් සහ ඇසුරුම්කරණ විසඳුම් සපයයි. සදාචාරාත්මක සහ තිරසාර නිෂ්පාදන පුරුදුවලට මුල් තැන දෙන එහි මෙහෙයුම් කටයුතු SEDEX/SMETA, Oeko-TEX, ISO, GRS, FSC වැනි ජාත්‍යන්තර සහතික රැසක් ලබා ඇත. ශ්‍රී ලංකාවේ වඩාත් ස්ථාවර සහ ප්‍රේරණදායක තත්ත්ව නිෂ්පාදන සහ සේවාවල ගෝලීය වෙළෙඳපොළේ විශ්වාසනීය සහකරුවෙකු වීම එම සමාගමේ අපේක්ෂාවයි. එය ඔවුන්ගේ පූර්ණ ව්‍යාපාර දැක්මද වේ.  කළමනාකරණ අධ්‍යක්ෂ සුභාෂ් තලංගම සඳහන් කළේ මෙම ජයග්‍රහණය කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ හා පාරිභෝගිකයා පළමු කොට සැළැකීමේ ප්‍රතිපලයක් බවයි. ඖෂධ, FMCG, අත් වැසුම් හා ඇගැලුම් ආදී කර්මාන්තවල ප්‍රගමනයට දක්වන දායකත්වය තව දුරටත් ඉහළ නංවමින් නව්‍ය හා ගුණාත්මකභාවයෙන් යුතු ඇගැලුම් ලේබල් ජාත්‍යන්තර සන්නාම සදහා හදුන්වා දීම සහ ඒ ආශ්‍රිත මුද්‍රණ ක්ෂේත්‍රයේ නවෝත්පාදනවලට හා අගය එකතු කිරීමේ ක්‍රියාවලියට ප්‍රමුඛතාව දෙමින් තම නිෂ්පාදන ඉලක්ක සපුරා ගැනීම ආයතනයේ දීර්ඝ කාලීන සැළැස්ම බවද ඔහු සඳහන් කළේය.

 

Home  Facebook

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව