Scope Cinemas IMAX®️ මගින් ශ්‍රී ලංකාවට විප්ලවීය සිනමා අත්දැකීමක්

1000194230 (LBN)

 Scope Cinemas ගෙන එන නවීන තාක්ෂණයෙන් සමන්විත IMAX®️ සිනමා ශාලාව  2024 ජූලි 26 වන දින හැව්ලොක් සිටි වෙළෙඳ සංකීර්ණයේ දී  විවෘත කෙරෙන අතර,  එමගින් ශ්‍රී ලාංකේය සිනමා ප්‍රේක්ෂකයින් වෙත අද්විතීය රසවින්දනයක් ලබා දීමට අරමුණු කරයි. මෙරට සිනමා ක්ෂේත්‍රය තුළ විප්ලවීය වෙනසක් සිදු කිරීමට සූදානමින් සිටින Scope Cinemas IMAX®️  මෙරට  විනෝදාස්වාද ක්ෂේත්‍රය තුළ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සූදානමින් සිටී.

 



 

හැව්ලොක් සිටි වෙළෙඳ සංකීර්ණ පරිශ්‍රයේ ස්ථාපිත Scope Cinemas IMAX®️ සිනමා ශාලාව අති නවීන ලේසර් ප්‍රක්ෂේපණ පද්ධතියකින්, සුපැහැදිලි ශබ්දවාහිනී පද්ධතියකින් හා සුව පහසු ආසන පද්ධතියකින් සමන්විත වන නිසා ජාත්‍යන්තර මට්ටමේ සිනමා අත්දැකීමක් ලබා ගැනීමේ පහසුකම් මෙරට සිනමා ලෝලීන් වෙත ලබා දෙයි.

Scope Cinemas යනු ශ්‍රී ලංකාවේ ප්‍රථම බහු සංවේදී සුඛෝපභෝගී විනෝදාස්වාද සමාගම වන අතර, 2017 වසරේ සිට දේශීය සිනමා කර්මාන්තයේ සුවිශේෂී සලකුණක් බවට පත් වී ඇත. එම සමාගම සිය චිත්‍රපට ප්‍රවේශ පත් ලබා දීමේ ක්‍රමවේදයේ සිට ම සාම්ප්‍රදායික රාමුවෙන් බැහැර වී කටයුතු කළ අතර, අන්තර්ජාලය ඔස්සේ ටිකට්පත් හා ආහාර පාන  වෙන් කරවා ගැනීමේ හැකියාව ලබා දෙමින් සිනමා ලෝලීන්ට වඩාත් පහසු මෙන් ම ආරක්ෂිත සිනමා අත්දැකීමක් ලබා දීමට කැප විය. පසු කාලීනව  Scope Cinemas විසින් සිය ජංගම යෙදුම හරහා පරිශීලකයින්ට ඔවුන්ගේ ස්මාර්ට් ජංගම දුරකතනයෙන් ටිකට් පත් සහ ආහාර පාන වෙන් කරවා ගැනීමේ හැකියාව ලබා දෙමින් පාරිභෝගික අත්දැකීම තවදුරටත් වැඩිදියුණු කිරීමට කටයුතු කෙරිණි.

Scope Cinemas සිය මෙහෙයුම් ක්‍රියාවලිය වඩාත් ප්‍රශස්ත කරමින් මංගල දර්ශන, චිත්‍රපට ප්‍රවර්ධන කටයුතු සහ චිත්‍රපටයේ  තේමාවට අනුකූල සැරසිලි ආදී එම සමාගමට ම ආවේණික ක්‍රමවේද හරහා විප්ලවීය වෙනසක් සිදු කිරීමට කටයුතු කර ඇති අතර, එම සමාගම මගින් ම ප්‍රවර්ධනය කරන ආහාර හා පාන වර්ග තුළින් චිත්‍රපට නරඹන්නන්ට සම්පූර්ණ ආහාර වේලක් ලබා ගනිමින් චිත්‍රපටය නැරඹීමේ අවස්ථාව ලබා දෙයි. එමෙන් ම  මෙම සියලුම සේවාවන් ලබා දීම මනා ලෙස පුහුණු වූ කාර්‍යමණ්ඩලයක් වෙතින් ලබා දීම නිසා ගුණාත්මක සේවාවක් අත් විඳීමේ හැකියාව සේවාදායකයින් වෙත හිමි වීම ද සුවිශේෂත්වයකි.

Scope Cinemas හි අධ්‍යක්‍ෂ / ප්‍රධාන විධායක නිලධාරී තුෂාන් රංගන මීමනගේ මහතා මේ පිළිබඳ ව සිය අදහස් පළ කළේ මේ අයුරිණි. “අපගේ නවතම  සිනමා ශාලාව වන, ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් IMAX®️ සිනමා ශාලාව ශ්‍රී ලංකාව වෙත හඳුන්වා දීමට හැකි වීම ගැන අපි ආඩම්බර වෙනවා.  ආරම්භයේ පටන්  Scope Cinemas සමාගමේ අරමුණ බවට පත් වූයේ ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් අසමසම සිනමා අත්දැකීමක් ලබා දීමයි. IMAX®️ සිනමා ශාලාව ශ්‍රී ලංකාව වෙත හඳුන්වා දීම අපගේ එම අරමුණ මල් ඵල ගැන්වීමක් විදියට සඳහන් කිරීමට පුළුවන්. ” යනුවෙනි.

Scope Cinemas හි විධායක සභාපති  නවීඩ් කාදර් මහතා මේ පිළිබඳ ව අදහස් දක්වමින්, “ශ්‍රී ලාංකිකයින්ට විප්ලවීය සිනමා අත්දැකීමක් ලබා ගැනීමට අවස්ථාව සැලසීම වෙනුවෙන් අපි නිරන්තරයෙන් අවධානය යොමු කරනවා.  ඒ අනුව ජාත්‍යන්තර තත්ත්වයේ IMAX®️  සිනමා ශාලාව විවෘත කිරීම වෙනුවෙන් අප සියලු දෙනා දැඩි කැපවීමෙන් යුතු ව කටයුතු කරන බව පැවසිය යුතු ම යි. අපගේ පාරිභෝගිකයින්ට ශ්‍රී ලංකාවේ දී ගෝලීය මට්ටමේ සිනමා අත්දැකීමක් ලබා දීම  IMAX®️ සමඟ හවුල්කාරිත්වයේ ප්‍රධානතම අරමුණයි.” යනුවෙන් ප්‍රකාශ කළේය.

2024 ජූලි 26,  හැව්ලොක් සිටි වෙළෙඳ  සංකීර්ණ පරිශ්‍රයේ Scope Cinemas IMAX®️ සිනමා ශාලාවට පැමිණ මෙම අසම සම අත්දැකීම ලබා ගන්නා ලෙස  Scope Cinemas වෙතින් මෙරට සිනමා ලෝලීන්ට ආරාධනය කර සිටී.

 


 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව