Saram Auto Industries ජාතික කර්මාන්ත විශිෂ්ටතා ලෝකඩ සම්මාන දිනයි

Saram Auto Industries (LBN)

ප්‍රධාන පෙළේ නාවික නිෂ්පාදන සහ සේවා සැපයුම්කරුවෙකු වන Saram Auto Industries සමාගම කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික කර්මාන්ත විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී ලෝහ වාත්තු කිරීම් අංශයේ ලෝකඩ සම්මානය දිනා ගත්තේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවති සම්මාන උළෙලේදී සමාගමේ හිමිකරු රංජිත් සේරම් මහතා වෙත සම්මානය පිරිනැමිණි.




1974දී ඇරඹූ Saram Auto Industries සමාගම දේශීය හා ජාත්‍යන්තර පාරිභෝගිකයන්ට නාවික නිෂ්පාදන සහ සේවා සපයයි. අංක 7/A, මාන්කුලිය පාර, මීගමුව ලිපිනයේ සමාගමේ ප්‍රධාන කාර්යාලය පිහිටා ඇත. සේවක සේවිකාවන් 25 දෙනෙකුගෙන් සමන්විත Saram Auto Industries සමාගම ගුණාත්මක බව සහ නව්‍යකරණය ඉතා ඉහළින් සළකයි. සිය නිෂ්පාදන සහ සේවා නිරන්තරයෙන් වෙනස් වන තාක්ෂණය සමඟ යාවත්කාලීන කිරීම සහ කාර්මික ප්‍රමිති ඉහළ නැංවීම සඳහා එම සමාගම පාරිභෝගිකයන් සමඟ ඉතා සමීපව කටයුතු කරයි. සෑම විටම පාරිභෝගික අවශ්‍යතා අනුව සිය නිෂ්පාදන සහ සේවා සපයන Saram Auto Industries සමාගමේ කාර්ය මණ්ඩලය, විශේෂයෙන්ම ඉංජිනේරුවන් හා තාක්ෂණික ශිල්පීන් සෑම නිෂ්පාදනයකටම අමතර වටිනාකමක් එක් කරන අතර ඒ තුළින් ඔවුන්ගේ නිෂ්පාදන හා සේවාවල ප්‍රමිතිය හා ගුණාත්මක බව ඉහළ නැංවේ. සිය බෝට්ටු අංගනයේ සිදු කළ හැකි Propeller Filling, Anti-Fouling Painting, ෆයිබර් අලුත්වැඩියා, එන්ජින් අලුත්වැඩියා හා වෙනත් ඕනෑම බෝට්ටු හා උපකරණ අලුත්වැඩියා කටයුත්තක් භාර ගන්නා Saram Auto Industries සමාගම ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටී. එම සමාගමේ නිෂ්පාදන අතර Marine Propellers, Tuna Longline Haulers, Net Haulers, Stern Arrangements සහ Rudder Systems ප්‍රධාන තැනක් ගනී. ඊට අමතරව එම සමාගම ධීවර කර්මාන්තය සඳහා අවශ්‍ය නාවික එන්ජින්, මාලිම, සුක්කානම් පද්ධති, එන්ජින් අමතර කොටස්, ආරක්‍ෂිත උපකරණ, හයිඩ්‍රොලික් නළ, පාලක ලීවර, කේබල් සහ වෙනත් උපකරණ ගණනාවක්  ආනයනය කරයි.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 − five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව