Samsung Sri Lanka සිය පාරිභෝගික විදුලි උපකරණ වෙනුවෙන් සුවිශේෂී වට්ටම් ලබා දෙන ‘අවුරුදු වාසි’ දියත් කරයි

Avrudu Wasi

Samsung Sri Lanka උදා වන සිංහල හින්දු අලුත් අවුරුදු සමය නිමිති කරගනිමින් සිය පාරිභෝගිකයින් වෙත ඉහල ප්‍රතිලාභ ලබා දීම වෙනුවෙන් සුවිශේෂී ‘සැම්සුන් අවුරුදු වාසි’ ප්‍රවර්ධන වැඩසටහන දියත් කිරීමට පසුගියදා කටයුතු කරනු ලැබීය. ඉහළම තාක්ෂණය යොදා ගනිමින් නිෂ්පාදනය කර ඇති රූපවාහිනී, වායුසමීකරණ යන්ත්‍ර, ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර හා මයික්‍රොවේව් උදුන් ඇතුලු Samsung හි ගෘහ උපකරණ මිලදී ගැනීමේදී අසමසම වට්ටම් හිමි කරදෙන මෙම ප්‍රවර්ධන වැඩසටහන මාර්තු 1 වන දින සිට අප්‍රේල් 30 වන දින දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය. දිවයින පුරා පිහිටි Singer, Damro, Singhagiri සහ Softlogic අලෙවිසැල් තුළින් මෙම සුවිශේෂී දීමනා පහසුවෙන් ලබා ගැනීමේ අවස්ථාව දැන් පාරිභෝගිකයින් වෙත උදා කර දී තිබේ.
 



 

ශ්‍රී ලාංකිකයින් බහුතරයක් සමරනු ලබන සිංහල හින්දු අලුත් අවුරුදු සමය සතුටින්, විනෝදයෙන් ගත කිරීම වෙනුවෙන් පහසුවෙන් Samsung ගෘහ විදුලි උපකරණ මිලදී ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයා වෙත සලසා දී ඇති මෙම වැඩසටහන තුලින් ජාත්‍යන්තරව පිළිගත් උසස් තත්වයේ නිෂ්පාදනයක් අඩුම මිලකට ලබා ගනිමින් සැලකිය යුතු ඉතිරියක් අත්විඳීමට හැකි වනු ඇත. එහිදී රුපියල් 229,999ක් වටිනා Samsung 43-inch Crystal UHD රූපවාහිනිය රුපියල් 144,999ක මිලකට ලබා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට උදා වන අතර අඟල් 43 ක Full HD Smart TV මිලදී ගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයින් හට රුපියල් 149,999ක අවම මුදලකට එම අත්දැකීම විඳ ගැනීමේ අවස්ථාව උදා කර දී තිබේ. අඟල් 43 ක Full HD Smart TV හි සාමාන්‍ය මිල රු. 159,999 කි. තවද උත්සව සමය වෙනුවෙන් ශීතකරණ මිලදී ගැනීමේදී රුපියල් 159,999ක් වටිනා ලීටර් 253ක දොර දෙකේ ශීතකරණයක් රුපියල් 149,999ක මිලකට මිලදී ගත හැකිය. එසේම රුපියල් 619,999ක් වටිනා side-by-side ශීතකරණයක් රුපියල් 574,999කට තමන් සතු කර ගැනීමට ද මෙම ප්‍රවර්ධන වැඩසටහන තුළින් පාරිභෝගිකයින් වෙත අවස්ථාව හිමි වේ.

එපමණක් නොව ඉහළම කාර්යක්ෂමතාවක් හා දිගු කාලීන කාර්ය සාධනයක් සහතික කරන Samsung රෙදි සෝදන යන්ත්‍ර මිලදී ගැනීමේදීද මෙම සුවිශේෂී වට්ටම් අත්විඳීමේ අවස්ථාව පාරිභෝගිකයින් වෙත උදා කර දී තිබීම විශේෂත්වයකි. එහිදී රුපියල් 114,999ක් වටිනා කිලෝ ග්‍රෑම් 11ක Top-loading රෙදි සෝදන යන්ත්‍රයක් රුපියල් 99,999 කට මිලදී ගැනීමේ අවස්ථාව ලබා දී ඇති Samsung කිලෝ ග්‍රෑම් 124,999 ක් කිලෝ ග්‍රෑම් 13ක රෙදි සෝදන යන්ත්‍රයක්ද රුපියල් 114,999කට මිලදී ගැනීමේ අවස්ථාවද හිමි වේ. එසේම මයික්‍රොවේව් උඳුන් මිලදී ගැනීමේදීද මෙම සුවිශේෂී වට්ටම් පාරිභෝගිකයින් වෙත හිමි කර දීමට Samsung කටයුතු කර ඇත්තේ රුපියල් 44,999ක් වටිනා 23L Solo Microwave රුපියල් 43,999 කටද, රුපියල් 74,999ක් වටිනා 28L Convection Microwave රුපියල් 69,999 කටද මිලදී ගැනීමේ අවස්ථාව සලසා දෙමිනි. උත්සව සමයේ නිවසේ සිසිලස සුරකිමින් සුව පහසුවෙන් කාලය ගත කිරීම සඳහා කාමර සඳහා වන නවතම වායු සමීකරණ යන්ත්‍ර රුපියල් 229,999 සිට මිලදී ගැනීමේ හැකියාවද දැන් පාරිභෝගිකයින් වෙත උදා වී ඇත.

ජාත්‍යන්තර ඇගයීම් හා සම්මානවලින් නිරන්තරයෙන් පිදුම් ලබමින් සිය විශිෂ්ටත්වය සනිටුහන් කර ඇති  Samsung අඛණ්ඩව වසර 19ක් තිස්සේ ලොව අංක 1 රූපවාහිනී නිෂ්පාදකයා ලෙස පිළිගැනීමට ලක්ව ඇත්තේ නව්‍ය රූපවාහිනී තාක්ෂණයේ මහිමය පාරිභෝගිකයා වෙත ගෙන එමිනි. වසර කිහිපයක් ශ්‍රී ලංකාවේ People’s Youth Choice Brand of the Year ලෙස සම්මානයට පාත්‍ර වෙමින් ශ්‍රී ලංකාව තුළ තමන් අත්පත් කරගත් පිළිගැනීම ප්‍රදර්ශනය කිරීමට සමත්ව සිටියි. එපමණක් ද නොව වසර ගණනාවක් LMD හි Most Loved Home Appliance Brand බවට පත් වෙමින් වර්තමානය වන විටත් එම විශිෂ්ටත්වය ඉදිරියට පවත්වාගෙන යාමට Samsung සන්නාමයට හැකිව තිබේ. මේ සියලු දේ තුලින් ප්‍රකට කරනු ලබන්නේ Samsung හි ගුණාත්මකභාවය, විශ්වසනීයත්වය හා නවෝත්පාදනය කෙරෙහි තබා ඇති නොසැලෙන විශ්වාසයයි.

නිරන්තරයෙන් පාරිභෝගික කේන්ද්‍රීය ව්‍යාපාරික ප්‍රවේශයක් තුලින් සිය නිෂ්පාදන සඳහා සුවිශේෂී වගකීමක් ලබා දීමට Samsung කටයුතු කර ඇත්තේ ශීතකරණ හා රෙදි සෝදන යන්ත්‍ර සඳහා වසර 20ක අසමසම වගකීමක් හිමිකර දෙමිනි. එපමණක් නොව අලෙවියෙන් පසු සේවාව වෙනුවෙන් කැපවී කටයුතු කරන Samsung සෑම විටම දිගුකාලීන වගකීමක් පාරිභෝගිකයින් වෙත ලබා දීම කෙරෙහි අවධානය යොමු කර ඇත.

අප්‍රේල් 30 වන දින දක්වා ක්‍රියාත්මක ‘අවුරුදු වාසි’ ප්‍රවර්ධන වැඩසටහන යටතේ Singer, Damro, Singhagiri හා Softlogic ඇතුලු බලයලත් අලෙවිසැල් හා බෙදාහරින්නන් වෙතින් මෙම සියලු නිෂ්පාදන මිලදී ගැනීමේ අවකාශ උදා වේ. එසේම මේ උත්සව සමයේදී Samsung නිෂ්පාදන සඳහා ලබා දෙන සුවිශේෂී වට්ටම් පිළිබඳව Samsung හි ළඟම ඇති හවුල්කාර අලෙවිසැලට යාමෙන් හෝ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් දැනගත හැකිය. පාරිභෝගිකයින්ගේ නොමඳ විශ්වාසය දිනාගෙන ඇති Samsung නිෂ්පාදන සඳහා මේ උත්සව සමයේදීද ඉහළ ඉල්ලුමක් පවතිනු ඇති බැවින් ඔබට අවශ්‍ය සියලු නිෂ්පාදන කලින්ම වෙන්කර ගන්නා ලෙස ී්පිමබට සමාගම මතක් කර සිටියි.

පාරිභෝගික ඉලෙක්ට්‍රොනික් හා නව්‍යකරණ තාක්ෂණික විසඳුම් ක්ෂේත්‍රයේ පුරෝගාමියකු වන Samsung Sri Lanka අති නවීන නිමාවන් හා විශිෂ්ට ක්‍රියාකාරීත්වය සහිත භාණ්ඩ නිෂ්පාදනය හා පාරිභෝගිකයාගේ එදිනෙදා ජීවන තත්වය ඉහළ නැංවීම සඳහා කැපවී කටයුතු කරයි. තිරසාරත්වය, පාරිභෝගිකයා කේන්ද්‍ර කොටගත් නව්‍යකරණය හා කර්මාන්ත නායකත්වය කෙරෙහි අවධානය යොමු කර ඇති එය නවීන තාක්ෂණික ලෝකය හා උසස් තත්වයේ මිනුම් නැවත අර්ථ දැක්වීමට කටයුතු කරමින් සිටියි.

 

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව