
කාර්මික සහ වාණිජ ක්ෂේත්‍ර සඳහා උසස් තත්ත්වයේ සූර්ය බලශක්ති විසඳුම් සපයන Sakura Power Solutions සමාගම Leapton සූර්ය බලශක්ති මොඩියුල මෙරටට හඳුන්වා දී තිබේ. ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ බලයලත් Leapton සූර්ය පැනල බෙදාහරින්නා වන එම සමාගම කාර්යක්ෂමතාව, විශ්වසනීයත්වය, සහ දිගුකාලීන තිරසාරභාවය තුළින් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ විප්ලවීය වෙනසක් ඇති කරමින් සිටී.
100% ජපන් සම්භවයක් ඇති සන්නාමයක් වන Leapton චීනයේ නිෂ්පාදිත පළමු පෙළ සූර්ය පැනලයක් ලෙස වර්ගීකරණය කර ඇත. පළමු පෙළ සූර්ය පැනල කාණ්ඩයට අයත් එකම ජපන් සන්නාමය වන එය ඉහළ මට්ටමේ කාර්ය සාධනයක් සහතික කරයි. නිල හඳුන්වා දීමෙන් පසු හෝටල් සහ සංචාරක නිකේතන ඇතුළු මාලදිවයිනේ කාර්මික සහ වාණිජ ව්‍යාපාර සඳහා මෙම සූර්ය පැනල සැපයීමට සැලසුම් කර ඇත.
සූර්ය බලශක්ති ප්‍රමිතීන් ඉහළ නැංවීම
මෙම මුලපිරීම ගෝලීය වශයෙන් පිළිගත් පුනර්ජනනීය බලශක්ති විසඳුම් සැපයීම සඳහා Sakura Power Solutions සමාගම සතු දැක්ම සමඟ ඉතා හොඳින් සමපාත වේ. විනිවිදභාවය, පාරිභෝගික තෘප්තිය සහ උසස් තත්ත්වයේ පසු විකුණුම් සේවා සඳහා කැප වී සිටින එම සමාගම පාරිභෝගික ප්‍රජාවගේ ඉමහත් විශ්වාසය දිනා ඇත.
මෙරට සූර්ය බලශක්ති වෙළෙඳපොලේ ඇති ප්‍රධාන අභියෝගයක් වන්නේ ආනයනික සූර්ය පැනල සඳහා පරීක්ෂණ පහසුකම් නොමැතිකමයි. එමඟින් ඒවායේ ගුණාත්මක බව පිළිබඳ ගැටලු ඇති වේ. Sakura Power Solutions සමාගම ඉහළම බලශක්ති උත්පාදන අගයන් සහිත සූර්ය පැනල අලෙවි කරයි. සාමාන්‍ය කර්මාන්ත ප්‍රමිතීන්ට අනුව එම උත්පාදන ධාරිතාව කිලෝවොට් පැය 110-115 අතර අගයක් ගනී. එම සමාගම කිලෝවොට් පැය 130ක් වැනි ඉහළ උත්පාදන ධාරිතාවක් සහතික කරයි.
වසරක කාලයක් තුළ අපේක්ෂිත උත්පාදන ධාරිතාවෙන් 90%ක් සපුරා ගැනීමට නොහැකි නම් පාරිභෝගිකයින් ගෙවූ මුදල් ආපසු ගෙවන අතර, එය සුවිශේෂී මුලපිරීමකි. ඒ තුළින් ව්‍යාපාරවල ආයෝජන ශක්‍යතාව ඉහළ නැංවිය හැක.
මේ පිළිබඳව අදහස් දක්වමින් Sakura Power Solutions සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී හරේන් පෙරේරා මහතා මෙසේ පැවැසුවේය: “අප උසස් තත්ත්වයේ සහ විශ්වසනීය සූර්ය බලශක්ති විසඳුම් සැපයීමට කැප වී සිටිනවා. Leapton සන්නාමය මෙරට වෙළෙඳපොළට හඳුන්වා දීම අප තැබූ සුවිශේෂී ඉදිරි පියවරක්. ඒ තුළින් කාර්යක්ෂමතාව සහ දීර්ඝකාලීන කාර්ය සාධනයක් සහිත උසස් තත්ත්වයේ සූර්ය බලශක්ති විසඳුම් සඳහා වන ප්‍රවේශය වඩාත් පුළුල් කළ හැකියි.”
අසමසම ගුණාත්මක බව විශ්වසනීයත්වය
Sakura Power Solutions සමාගම ගිනිගැනීම් සහ පද්ධති බිඳ වැටීම් අවම කිරීම සඳහා දැඩි තත්ත්ව පාලන ක්‍රමවේද අනුගමනය කරයි. Leapton ප්‍රධාන කාර්යාලය සමඟ සෘජුව ගනුදෙනු කිරීම මගින් නිෂ්පාදනවල සත්‍යතාව සහතික කරන අතර, උසස් තත්ත්වයේ සංරචක සහ සූක්ෂම ස්ථාපන පිළිවෙත් අනුගමනය කරයි. වසර පහක කාලයක් පුරාවට නොමිලේ සේවා සහ නඩත්තු සේවා සපයන අතර, ගනුදෙනුකරුවන්ට සිය ආයෝජන සඳහා ඉහළ ප්‍රතිලාභ ලබා ලබා ගත හැක.
කාර්ය සාධන ප්‍රතිඵල පිළිබඳ සම්පූර්ණ වගකීම භාර ගන්නා (පාලනය කළ නොහැකි සාධක හැර) සමාගමේ කාර්ය මණ්ඩලය දිනකට තුන් වරක් ස්ථාපිත සූර්ය බලශක්ති පද්ධති ක්‍රියාකාරීව නිරීක්ෂණය කරයි. මෙම ප්‍රවේශය තුළින් උපරිම විශ්වසනීයත්වයක් සහතික වේ. එය පුනර්ජනනීය බලශක්ති කර්මාන්තයේ සුවිශේෂී සන්ධිස්ථානයකි.
වෙළඳපල ප්‍රවේශය පුළුල් කිරීම සහ ව්‍යාපාර දැනුම්වත් කිරීම
Leapton සන්නාමය වෙළෙඳපොළට හඳුන්වා දීම හුදු නිෂ්පාදනයක් දියත් කිරීමක් පමණක් නොවේ. එය පුනර්ජනනීය බලශක්තිය තුළින් ලැබෙන අසීමිත ප්‍රතිලාභ පිළිබඳව ව්‍යාපාර ආයතන දැනුම්වත් කිරීමේ මූලික පියවරකි, තිරසාරභාවය සහ පරිසර හිතකාමී බව ප්‍රවර්ධනය කිරීම සඳහා වන දිගුකාලීන ආයෝජනයකි. කාර්මික සහ වාණිජ ව්‍යාපාර අංශ තිරසාර බලශක්ති විසඳුම් වෙත යොමු කරවීම Sakura Power Solutions සමාගමේ අරමුණයි.
එම සමාගම මාලදිවයින් වෙළෙඳපොල කෙරෙහි, විශේෂයෙන් කාබන් දහනය සහ බලශක්ති පිරිවැය අඩු කිරීම ඉලක්ක කොට ගත් නිවාඩු නිකේතන සහ හෝටල් කෙරෙහි පිළිබඳව සැලකිය යුතු අවධානයක් යොමු කරයි. නිශ්චිත අවශ්‍යතාවලට ගැලපෙන විශ්වාසදායක සූර්ය බලශක්ති විසඳුම් සපයන එම සමාගම කලාපයේ තිරසාර බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකි.
අලෙවියෙන් පසු සේවාව සහ නඩත්තුව
මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේඇති ප්‍රධාන ගැටලුවලින් එකක් ලෙස සැපයුම්කරුවන්ගෙන් පාරිභෝගිකයින්ට දිගුකාලීන සහයෝගයක් නොලැබීම හැඳින්විය හැක. බොහෝ සමාගම් වෙළෙඳපොළට ප්‍රවේශ වී, සූර්ය පැනල ස්ථාපනය කර, පිටව යැයි. ඉන් අනතුරුව ගනුදෙනුකරුවන්ට ප්‍රමාණවත් සහායක් නොලැබේ. කෙසේවෙතත්, Sakura Power Solutions සමාගම දිගුකාලීන පාරිභෝගික සබඳතාවලට ප්‍රමුඛත්වය දෙමින් උසස් තත්ත්වයේ පසු විකුණුම් සේවා සපයයි.
“කර්මාන්ත විශේෂඥයින් වෙතින් පුහුණුව ලැබූ අපගේ කණ්ඩායම පද්ධති නඩත්තු කිරීමේදී ඉහළම මට්ටමේ ප්‍රමිතීන් සහතික කරයි. අප සමාගම සතු සුවිශේෂී හවුල්කාරිත්වයන් තුළින් සූර්ය පැනල නිෂ්පාදන ක්‍රියාවලි සහ ප්‍රධාන නඩත්තු කටයුතු නිරීක්ෂණය සඳහා අපගේ කාර්ය මණ්ඩලය චීනයට යැවීමට ඉඩ ලැබෙනවා. ඊට අමතරව, ඔවුන්ගේ තාක්ෂණික විශේෂඥතාව වැඩිදියුණු කිරීම සඳහා ජාත්‍යන්තර පුහුණු වැඩසටහන් දියත් කරනවා,” යනුවෙන් හරේන් පෙරේරා මහතා පැවසුවේය.
‘Roof leaks’ වැනි ගැටලු වළක්වා ගැනීම සඳහා එම සමාගම හැකිලීමට ලක්වන සිලිකන් වෙනුවට ඉහළ ශ්‍රේණියේ fibre භාවිතා කරයි. ආනයනික රසායනික සීලන්ට් සඳහා වසර 15 ක වගකීමක් හිමි අතර, ඒවා කල්පැවැත්ම සහතික කරයි. බොහෝ සමාගම් පිරිවැය අඩු කිරීම කෙරෙහි අවධානය යොමු කරන පසුබිමක Sakura Power Solutions දිගුකාලීන විශ්වසනීයත්වය ප්‍රමුඛ කොට සලකයි. නඩත්තුව සහ සහාය සඳහා වසර 20ක් දක්වා වන ගිවිසුම්වලට එළඹේ.
බලශක්ති කාර්යක්ෂමතාව සඳහා තාක්ෂණය උපයෝගී කර ගැනීම
එම සමාගමේ තවත් කැපී පෙනෙන නවෝත්පාදනයක් වන්නේ ප්‍රශස්ත බලශක්ති උත්පාදනයක් සහතික කිරීම සඳහා උසස් සමාකරණ මෘදුකාංග භාවිතා කිරීමයි. පද්ධතියක් ස්ථාපනය කිරීමට පෙර අදාළ ස්ථානයේ GPS පිහිටීම ඔවුන් සතු සමාකරණ මෘදුකාංගයට ඇතුළත් කරන Sakura Power Solutions එමඟින් අපේක්ෂිත කාර්යක්ෂමතාව, පාරිසරික තත්ත්වයන්, සෙවන, සහ කාලගුණ රටා වැනි සාධක ගණනාවක් විශ්ලේෂණය කරයි. මේ තුළින් ස්ථාපනයට පෙර නිවැරදි තොරතුරු ලබා ගත හැක.
“අපගේ විශ්ලේෂණයේදී යම්කිසි ස්ථානයක කිලෝවොට් එකකට ඒකක 140ක් ජනනය කළ හැකි බව අනාවරණය වන අවස්ථාවක අපි කිලෝවොට් එකකට ඒකක 135ක් සහතික කරනවා. සියයට 90ක මුදල් ආපසු ගෙවීමේ සහතිකයක් ලබා දීමෙන් අපි මෙම කැපවීම තවත් පියවරක් ඉදිරියට ගෙන යනවා.” ප්‍රධාන විධායක නිළධාරී සඳහන් කළේය.
අති නවීන තාක්‍ෂණය, කර්මාන්ත විශේෂඥතාව සහ පාරිභෝගික තෘප්තිය සඳහා වූ කැපවීම තුළින් Sakura Power Solutions ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන් ඔබ්බටද පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය උඩු යටිකුරු කරමින් සිටී.