Sahasra Holdings වසරේ විදේශ රැකියා බඳවා ගැනීම් සන්නාමය ලෙස Asia Miracle සම්මාන දිනයි

SAHARSA

විදේශ රැකියා සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Air Link Sahasra Holdings පෞද්ගලික සමාගම Asia Miracle 2025 සම්මාන උළෙලේදී වසරේ විදේශ රැකියා බඳවා ගැනීම් සන්නාමය ලෙස සම්මාන දිනුවේය. 2005දී ඇරැඹුණු Sahasra Holdings පුළුල් පරාසයක විහිදුණු සේවා රැසක් සපයන විදේශ රැකියා සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ කීර්තිමත් සහ විශ්වාසනීය සමාගමකි. දහස් ගණනක් ශ්‍රී ලාංකිකයන් එම සමාගම හරහා විවිධ රටවල රැකියා සහ අධ්‍යාපන අවස්ථා ලබා ඇත. ප්‍රධාන කාර්යාලය මහනුවරත්, අනෙකුත් ශාඛා ගාල්ලේ සහ දෙහිඅත්තකණ්ඩියේත් පිහිටා තිබේ.
 



 

Sahasra Holdings ඊශ්‍රායලය, රුමේනියාව, ජෝර්දානය, ග්‍රීසිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕස්ට්‍රේලියාව, ජපානය සහ මැදපෙරදිග රටවල රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකිකයන් යොමු කරයි. විදේශ අධ්‍යාපනය හා සම්බන්ධ සේවා රැසක්ද එම ආයතනය සපයයි. විශ්ව විද්‍යාල සඳහා අයැදුම් කිරීම, උපදේශනය, වීසා ආශ්‍රිත සේවා ඒ අතරින් කිහිපයකි. එම ආයතනය අන්තර්ජාතික ගුවන් ප්‍රවේශ පත්‍ර සහ Transit සහාය ඇතුළු සංචාරක ක්ෂේත්‍රයට අදාළ සේවා රැසක්ද සපයයි. රැකියා අවස්ථා සොයන්නන් වෙනුවෙන් හඳුන්වා දී ඇති Sahasra Holdings මාර්ගගත රැකියා ලැයිස්තුවද සුවිශේෂ සේවාවකි. වර්තමානයේදී එහි ප්‍රදර්ශනය කෙරෙන රැකියා සංඛ්‍යාව 7,400කට අධිකය. 400,000කට අධික ලියාපදිංචි පරිශීලක සංඛ්‍යාවකට හිමිකම් කියන එම වේදිකාව දේශීය සහ විදේශීය සේවායෝජකයන් 2,400කට අධික පිරිසක් සමඟ කටයුතු කරයි. Air Link Sahasra Holdings සමාගම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පූර්ණ ලියාපදිංචිය ලබා ඇත. ඔවුන්ගේ සියලු බඳවා ගැනීම් සහ අනෙකුත් කටයුතු ජාතික කම්කරු නීති සහ රෙගුලාසිවලට අනුව සිදු කෙරෙන බව ඒ හරහා තහවුරු වේ. 2020දී ජපානයේ තාක්ෂණික සීමාවාසික පුහුණුව සඳහා වන ආයතනයේ (OTIT) ලියාපදිංචිය ලැබීමටද ඔවුන්ට හැකි විය. ඒ හරහා ජපානයේ තාක්ෂණික සීමාවාසික වැඩසටහන්වලට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගැනීමට සහ පුහුණු කිරීමට අවශ්‍ය අනුමැතිය ඔවුන්ට හිමි විය. එම සමාගම මීට පෙරද දේශීය සහ ජාත්‍යන්තර මට්ටමේ සම්මාන රැසක් දිනා ඇත. ඒ අතරට විශිෂ්ටතා සම්මාන (2012 සහ 2018) සහ රන් සම්මාන (2022) ඇතුළත් වේ

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව