Saegis Campus සිසුන්ට පොලී රහිත ණය පහසුකමට අමතරව ක්ෂේත්‍ර පුහුණු අවස්ථා

Webp.net-resizeimage

 



 

 

 

උසස් අධ්‍යාපනය හදාරන විද්‍යාර්ථයින්ට රැකියා ලෝකය තුළ සැබෑ අත්දැකීම් පිරිනැමීම අරමුණු කරගනිමින්, ඔවුන්ට සිය විෂය ක්ෂේත්‍රය තුළ කර්මාන්ත පුහුණු අවස්ථා ලබාදීමට Saegis Campus පියවර ගෙන තිබේ. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ලත් එමෙන්ම, පොලී රහිත ශිෂ්‍ය ණය පහසුකම හිමිවන Saegis Campus උපාධි පාඨමාලා හදාරන සිසුන්ට තරගකාරී රැකියා ලෝකයට සරිලන ලෙස තම නිපුණතා සහ හැකියා සංවර්ධනය කරගැනීමේ වටිනා අවස්ථාවක් උදා වී ඇත.

කොළඹ පිහිටි ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක් වන Saegis Campus, තම විද්‍යාර්ථයින්ට කර්මාන්ත පුහුණු අවස්ථා හිමිකරදීම පිළිබඳ යොමු කර ඇත්තේ විශාල අවධානයකි. ඊට ප්‍රධාන හේතුව වන්නේ උසස් අධ්‍යාපනය ලබන අතරතුර කර්මාන්ත පුහුණුව ලැබීම තුළින් සිසුන්ට හිමිවන අත්දැකීම්වල වැදගත්කම, කලාපීය සහ ගෝලීය රැකියා සමීක්ෂණ ඇසුරින් ද තහවුරු වී තිබීම ය. එනම්, මෙම කර්මාන්ත පුහුණු අවස්ථා හරහා සැබෑ රැකියා ලෝකයේ අත්දැකීම් ලබාගන්නා අතරම, තමන් අපේක්ෂා කරන අනාගත වෘත්තිය පිළිබඳ වඩාත් හොඳින් අවබෝධ කරගැනීමේ අවස්ථාවක් සිසුන්ට උදා වේ.

SLT-Mobitel, DirectPay, PayMedia, Epic Technology Group, Royal Ceramic Lanka PLC, Prosoft, Manjari, Revo වැනි මෙරට ප්‍රමුඛ පෙළේ ආයතනවල Saegis Campus සිසුන්ට මෙසේ කර්මාන්ත පුහුණු අවස්ථා ලබාගත හැක.

මෙසේ තම උපාධිය සම්පූර්ණ කිරීමට ද පෙර වටිනා ප්‍රතිලාභ රැසක් අත්විඳීමට Saegis Campus සිසුන්ට හැකි වේ. වෘත්තීය සබඳතා නිර්මාණය කරගැනීම, අන්තර්පුද්ගල කුසලතා දියුණු කරගැනීම, විවිධ අභියෝග හා දුෂ්කර අවස්ථාවලට මුහුණදීම, තම ශක්තීන් සහ දුබලතා හඳුනාගැනීම මෙන්ම අදාළ වෘත්තීය තමන්ට ගැලපේද යන්න තීරණය කරගැනීම වැනි බොහෝ ප්‍රතිලාභ ඉන් සැලසේ. ඊට අමතරව, සේවා යෝජකයින්ට ද, තම අනාගත රැකියා අවස්ථා සඳහා සුදුසු වෘත්තීකයින් තෝරාගැනීමට මෙම කර්මාන්ත පුහුණුව හරහා ඉඩ විවර වේ.

ඒ අනුව 2018, 2019 සහ 2020 වර්ෂවලදී සාර්ථකව උසස් පෙළ විභාගය අවසන් කළ සිසුන්ට,  අලෙවිකරණය, මානව සම්පත් කළමනාකරණය, ගිණුම්කරණය හා මූල්‍ය යන ක්ෂේත්‍රවලට අදාළ විශේෂවේදී ව්‍යාපාර කළමනාකරණ (ගෞරව); ව්‍යාපාර පරිපාලනවේදී (BBA); පරිගණක විද්‍යාව, මෘදුකාංග ඉංජිනේරුවේදය සහ තොරතුරු තාක්ෂණය යන ක්ෂේත්‍රවලට අදාළ විශේෂවේදී විද්‍යාවේදී (ගෞරව) – (BSc (Hons)) සහ තොරතුරු තාක්ෂණවේදී (BIT) යන උපාධි පාඨමාලා මෙම පොලී රහිත ණය පහසුකම යටතේ හැදෑරීමටත්, කර්මාන්ත පුහුණු අවස්ථා හිමිකරගැනීමටත් අවකාශ උදා වේ.

දක්ෂ සහ ප්‍රසිද්ධ ආචාර්යවරු මගින් මෙහෙයවෙන දේශන තුළින්, කාලීන සහ වර්ධනය වෙමින් පවතින විෂය ධාරාවලට අයත් උසස් තත්ත්වයේ ඉගෙනුම් අත්දැකීමක් ලබාගැනීමට හැකි අතරම, WiFi පහසුකම්, නවීන තොරතුරු තාක්ෂණ විද්‍යාගාරය, භාෂා විද්‍යාගාරය, පුස්තකාලය, ශිෂ්‍ය විවේකාගාරය, වඩාත් ඉඩකඩ සහිත වායු සමීකරණය කළ ඩිජිටල් දේශන ශාලා, ක්‍රීඩා සහ විශ්‍රාන්ති ක්‍රියාකාරකම්, ඉඩකඩ සහිත ආපනශාලාව ආදී පොදු පහසුකම් රැසක් ද සිසුන්ට හිමි වේ.

මීට අමතරව, වෘත්තීය මාර්ගෝපදේශනය සහ පෞරුෂත්ව සංවර්ධන වැඩසටහන්, නොමිලේ පැවැත්වෙන ඉංග්‍රීසි භාෂා පන්ති, ලියෝ සමාජය සහ රොට්‍රැක්ට් සමාජය, ඇතුළු තවත් පහසුකම් බොහෝමයක් ද මෙහිදී සිසුන්ට ලබාගත හැක.

මෙම පොලී රහිත ණය පහසුකම යටතේ ක්‍රියාත්මක උපාධි පාඨමාලාවලට අදාළ අයදුම්පත් ක්‍රියාවලිය සඳහා සිසුන්ට අවශ්‍ය සියලු සහාය හා මාර්ගෝපදේශන සැලසීමට Saegis Campus සැදී පැහැදී සිටියි. එම අයදුම්පත්‍ර 2022 පෙබරවාරි 15 දක්වා අධ්‍යාපන අමාත්‍යංශ වෙබ් අඩවිය හරහා ලබාගත හැකි අතර, ඒ යටතේ 6 වැනි කාණ්ඩයේ ශිෂ්‍ය අධ්‍යයන වර්ෂය 2022 ජුනි මාසයේදී ආරම්භ වීමට නියමිත ය. 0770430000 දුරකථන අංකය ඇමතීමෙන් හෝ www.saegis.edu.lk වෙබ් අඩවියට පිවිසීමෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැක.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 − eight =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව