Saegis Campus, 500කට වැඩි නව උපාධිධාරී පිරිසක් සමඟ උපාධි ප්‍රදානෝත්සවය උත්කර්ෂවත් අයුරින් පවත්වයි

1- Prof Nalaka Jayakody

 



 

 

ජාත්‍යන්තර දැනුම මෙරටට සමීප කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුුඛතම උසස් අධ්‍යාපන ආයතනයක්වන Saegis Campus සිය උපාධි ප්‍රදානෝත්සවය 2023 නොවැම්බර් 30 වැනිදා කොළඹ BMICH හිදී උත්කර්ෂවත් අයුරින් සංවිධානය කර තිබුණි. තම පාඨමාලා සාර්ථකව අවසන්කළ උපාධිධාරීහු 513 දෙනෙක් එහිදී තම උපාධි සහතික පත්‍ර ලබාගත්හ.

කැලණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට එක්වුණු අතර,  එක්සත් රාජධානියේ Canterbury Christ Church විශ්ව විද්‍යාලයේ උපකුලපති සහ පීඨාධිපති මහාචාර්ය මොහොමඩ් අබ්දෙල්-මගුයිඩ් මහතා  ගෞරවනීය ආරාධිතයා ලෙස සහභාගී වූයේය. මීට අමතරව, අධ්‍යාපන අමාත්‍යංශයේ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන අංශයේ අතිරේක ලේකම් එච්.ඩී. සී. ජානකී මහත්මිය සහ Pearson UK හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සූරිය බිබිලේ මහතා ද විශේෂ ආරාධිතයින් ලෙස මෙම අවස්ථාවට එක්වූහ.

Saegis Campus සහ Sakya Group of Higher Education සභාපති මෙන්ම මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුප්‍රකට චරිතයක්වන බණ්ඩාර දිසානායක මහතා උපාධි ප්‍රදානෝත්සවයේ පිළිගැන්වීමේ කථාව සිදුකළ අතර, Saegis Campus උපකුලපති මහාචාර්ය නාලක ජයකොඩි මහතා උපාධි ප්‍රදානය කිරීමට එක්වූයේය.

මෙහිදී Canterbury Christ Church Canterbury Christ Church විශ්ව විද්‍යාලය විසින් පිරිනමනු ලබන ව්‍යාපාර පරිපාලනවේදී පශ්චාද් උපාධිය, ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ (ගෞරව) විද්‍යාවේදී උපාධිය සහ ගිණුම්කරණය හා මූල්‍යනය පිළිබඳ (ගෞරව) විද්‍යාවේදී උපාධිය සම්පූර්ණ කළ සිසුන් උපාධි ලැබූහ. ඊට අමතරව, අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිළිගැනීම ලත් Saegis Campus මගින් පිරිනමනු ලබන තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර පරිපාලන ප්‍රථම උපාධි පාඨමාලා සාර්ථකව නිමකළ සිසුන් ද මෙහිදී තම උපාධි සහතිකපත් ලබාගත්හ.

මීට අමතරව, ව්‍යාපාර කළමනාකරණය සහ මෘදුකාංග ඉංජිනේරුවේදය පිළිබඳ Pearson BTEC HND සහ Scottish Qualifications Authority (SQA) පිරිනමන ව්‍යාපාර සහ පරිගණක විද්‍යාව පිළිබඳ උසස් ඩිප්ලෝමා සම්පූර්ණ කළ සිසුන් ද මෙහිදී තමන්ට හිමි සහතිකපත් ලබාගත්හ.

සිය දැනුම සහ කුසලතා වර්ධනය කරගන්නා අතරතුර, රටේ ආර්ථිකයට සහ සමාජයට අර්ථවත් දායකත්වයක් ලබාදෙන සිසුන් බිහිකිරීම Saegis Campus හි අරමුණ වේ. නුගේගොඩ පිහිටි Saegis Campus සතුව අති නවීන අධ්‍යයන පහසුකම් මෙන්ම ශිෂ්‍ය ආධාර සේවා රැසක් පවතියි.

අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ලත් ප්‍රථම උපාධි පාඨමාලා රැසක් පිරිනමනු ලබන Saegis Campus මගින් කර්මාන්ත අංශයේ අනිවාර්ය සේවාස්ථ පුහුණු අවස්ථා ද ලබාදෙයි. තව ද රජය මගින් පිරිනමන පොලී රහිත ශිෂ්‍ය ණය පහසුකම ලබාගැනීමේ අවස්ථාව ද Saegis Campus සිසුන්ට හිමිවේ. වැඩිදුර තොරතුරු සඳහා 0770430000 දුරකථන අංකය හෝ www.saegis.edu.lk වෙබ් අඩවිය ඔස්සේ Saegis Campus සම්බන්ධ කරගත හැක.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen + thirteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව