Saegis Campus පොලී රහිත ශිෂ්‍ය ණය වැඩසටහන යටතේ රජයේ අනුමැතියලත් උපාධි පාඨමාලා පිළිගන්වයි

2- Saegis Campus (LBN)

 



 

 

මෙරට ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක්වන Saegis Campus, අනාගත නායකයින් සහ පෙරමඟ දකින්නන් වෙත ජාත්‍යන්තර මට්ටමේ දැනුම සමීප කිරීමට කැපවෙමින්, පොලී රහිත ශිෂ්‍ය ණය වැඩසටහන (රජය මගින් හඳුන්වාදුන්) යටතේ 7 වැනි කණ්ඩායමේ බඳවා ගැනීම් මේ වනවිට ආරම්භකර තිබේ.

ඒ අනුව, 2019, 2020 සහ 2021 වසරවලදී අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පිළිගැනීම සහ, අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ලත් උපාධි පාඨමාලා Saegis Campus වෙතින් හැදෑරීමේ අවස්ථාව හිමිව තිබේ. මෙය රාජ්‍ය විශ්ව විද්‍යාල අධ්‍යාපනයට විකල්ප අධ්‍යාපන ප්‍රවේශයකි.

මේ හරහා ශ්‍රී ලාංකික දූ පුතුන්ගේ අනාගතයේ සහකරුවෙකු වෙමින් ඔවුන්ට දැනුම සමීප කිරීමටත්, කුතුහලය පිරුණු මනසක් සඳහා දායකවීමටත් Saegis Campus අපේක්ෂා කරන අතර, ලෝකය ජයගනිමින් තම මව්රටට සේවය කිරීමේ අවස්ථාව අනාගත පරපුරට හිමිවනු ඇත.

මෙම ණය වැඩසටහන යටතේ සිසුන්ට පුළුල් පරාසයක උපාධි පාඨමාලා හැදෑරීමේ අවස්ථාව උදා වේ. එනම්, අලෙවිකරණය, මානව සම්පත් කළමනාකරණය, ගිණුම්කරණය සහ මූල්‍යයනය යන අංශවලින් ව්‍යාපාර කළමනාකරණවේදී (ගෞරව) උපාධියක් ද, ව්‍යාපාර පරිපාලනවේදී ප්‍රථම උපාධියක් ද, පරිගණක විද්‍යාව, මෘදුකාංග ඉංජිනේරුවේදය සහ තොරතුරු තාක්ෂණය යන අංශවලින් විද්‍යාවේදී ගෞරව උපාධියක් ද, තොරතුරු තාක්ෂණවේදී උපාධියක් ද හැදෑරීමේ අවස්ථාව පවතී.

මෙම ණය පහසුකම යටතේ සියලුම උපාධි පාඨමාලාවන්ට අදාළව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම්වල පුහුණු අවස්ථා සිසුන්ට ලබාදීමට ද Saegis Campus මඟපෙන්වයි. තව ද, Saegis Campus සතු අති නවීන පහසුකම් සමඟින් වඩාත් ප්‍රායෝගික ඉගෙනුම් අත්දැකීමක් ලබාගැනීමේ හැකියාව ද සිසුන්ට උදා වේ. ඊට අමතරව, නොමිලයේ පැවැත්වෙන ඉංග්‍රීසි භාෂා පන්ති, නවාතැන් පහසුකම්, වෘත්තීය මාර්ගෝපදේශනය, පෞරුෂත්ව සංවර්ධන වැඩසටහන් ආදී වශයෙන් සිසුන්ට හිමිවන අමතර පහසුකම් රැසකි.

මෙම රාජ්‍ය ණය පහසුකම යටතේ අයදුම් කරන සිසුන්ට අගෝස්තු 7 වැනිදා දක්වා ඊට අදාළ අයදුම්පත් අධ්‍යාපන අමාත්‍යංශ වෙබ් අඩවියෙන් ලබාගත හැක. 0770430000 දුරකථන අංකය හෝ www.saegis.edu.lk වෙබ් අඩවියෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැක.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 + 5 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව