Ruu Ceylon Marketing වසරේ විශිෂ්ටම රූපලාවණ්‍ය නිෂ්පාදන සමාගම ලෙස Iconic සම්මාන දිනයි

MAIN IMAGE

Ruu Ceylon Marketing පෞද්ගලික සමාගම Iconic Awards 2024 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම රූපලාවණ්‍ය නිෂ්පාදන සමාගම ලෙස සම්මාන ලැබීය. සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඩබ්. ඩී. එස්. පී. විජේරත්න මහතා එම සම්මාන උළෙලේදී වසරේ ලාබාලම නැගී එන ව්‍යවසායකයා ලෙස සම්මාන ලැබීය. 2023දී ආරම්භ වූ Ruu Ceylon Marketing සමාගම ස්වාභාවික සහ ශාකසාර අමුද්‍රව්‍ය නිපදවන රූපලාවණ්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනය කරයි. සෑම නිෂ්පාදනයකම ඵලදායි බව සහ සුරක්ෂිත බව සහතික කරන එම සමාගමේ නිෂ්පාදන ක්‍රියාවලිය දේශීයව සහ විදේශීයව පිළිගත් ප්‍රමිතිවලට අනුගත වේ. ගුණාත්මක බව සහ තිරසාර බව කෙරෙහි ප්‍රමුඛ අවධානයක් යොමු කරන එම සමාගමේ නිෂ්පාදන රූපලාවණ්‍ය අවශ්‍යතා සඳහා ස්වාභාවික විසඳුම් සොයන පාරිභෝගිකයන් අතර සුවිශාල ජනප්‍රියත්වයක් ලබා ඇත.

 



 

කරල් වර්ග, හිස කෙස් සඳහා වන නිෂ්පාදන, සුවඳ විලවුන්, මුඛ සෞඛ්‍ය සඳහා වන නිෂ්පාදන, සම පැහැපත් කරන නිෂ්පාදන වැනි එදිනෙදා අවශ්‍යතා සඳහා වන නිෂ්පාදන, තෑගි එකතු, VIP නිෂ්පාදන සහ නත්තල, ආදරවන්තයන්ගේ දිනය, කාන්තා දිනය, අවුරුදු වැනි සුවිශේෂ අවස්ථා වෙනුවෙන්ම වෙළෙඳපොළට නිකුත් කරන නිෂ්පාදන රැසක් Ruu Ceylon Marketing නිෂ්පාදන අතර වේ. එම සමාගමේ නිෂ්පාදන අතර හරිත තේ, බොඩි ලෝෂන්, ෂැම්පු, හිරු එළියෙන් ආරක්ෂා වීම සඳහා වන ක්‍රීම්, ශාකසාර පාන, හිස කෙස් සුරකින නිෂ්පාදන සහ තෙල් වර්ග ප්‍රධාන තැනක් ගනී. රූපලාවණ්‍ය සඳහා ස්වාභාවික සහ ශාකසාර විසඳුම් ප්‍රවර්ධනය කරන Ruu Ceylon Marketing සෑම නිෂ්පාදනයක්ම සමට සහ හිස කෙස්වලට වඩාත් තරුණ පෙනුමක් ගෙන දෙයි. දිවයින පුරා පිහිටි ප්‍රමුඛ පෙළේ රූපලාවණ්‍ය නිෂ්පාදන අලෙවිසැල්වලින් මෙන්ම එම සමාගමේ නිල වෙබ් අඩවිය ඔස්සේද Ruu Ceylon Marketing නිෂ්පාදන මිල දී ගත හැකිය. මාර්ගගත ක්‍රමයට භාණ්ඩ මිල දී ගැනීමට කැමැති පාරිභෝගිකයන්ට නිවසේ සිටම ඉතා පහසුවෙන් නිෂ්පාදන ඇණැවුම් කිරීමට පහසුකම් සළසා තිබේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව