Ruu Ceylon Marketing සමාගම People’s Excellency සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

RUU CEYLON

රූපලාවණ්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Ruu Ceylon Marketing පෞද්ගලික සමාගම People’s Excellency 2024 සම්මාන උළෙලේදී වසරේ ව්‍යාපාර නායකයා (නිෂ්පාදන අංශය) සහ නිෂ්පාදන විශිෂ්ටතා (රූපලාවණ්‍ය නිෂ්පාදන) යන සම්මාන දිනා ගත්තේය. 2021දී ඇරැඹුණු Ruu Ceylon සමාගම ස්වාභාවික සහ ශාකසාර අමුද්‍රව්‍ය යොදා ගනිමින් උසස් තත්ත්වයේ රූපලාවණ්‍ය නිෂ්පාදන රැසක් නිපදවයි. හිස කෙස්, සම සහ මුඛ සෞඛ්‍යය සඳහා අවශ්‍ය නිෂ්පාදන, සුවඳ විලවුන් වර්ග, සුවතා කරල්, විශේෂිත තෑගි කට්ටල ඒ අතරින් කිහිපයකි. නිෂ්පාදන කටයුතු දැඩි තත්ත්ව පරීක්ෂාවලට සහ ජාත්‍යන්තරව පිළිගත් නිෂ්පාදන ප්‍රමිතිවලට යටත්ව සිදු කෙරේ. ගුණාත්මකභාවය, විශ්වාසනීයභාවය සහ සුරක්ෂිතභාවය කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරන එම සමාගම තරගකාරී රූපලාවණ්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශ්වාසනීය නමක් දිනා ඇත.




ආරම්භයේ සිට මේ දක්වා ඇණැවුම් ලක්ෂ තුනක් පමණ සම්පූර්ණ කර ඇති Ruu Ceylon සමාගම ඛාණ්ඩ 15ක් යටතේ නිෂ්පාදන 45කට වැඩි සංඛ්‍යාවක් වෙළෙඳපොළට නිකුත් කරයි. ශාකසාර කරල් වර්ග, බොඩි ලෝෂන්, හෙයා ඔයිල්, ෂැම්පු, සන් ක්‍රීම් ඔවුන්ගේ නිෂ්පාදන අතර ප්‍රධාන වේ. වැලන්ටයින් දිනය, කාන්තා දිනය, නත්තල, අලුත් අවුරුද්ද වැනි විශේෂ අවස්ථා සඳහා සුවිශේෂ ලෙස සැකැසූ තෑගි කට්ටලද  එම ආයතනයෙන් මිල දී ගත හැකිය.  දිවයින පුරා පිහිටි ප්‍රධාන පෙළේ රූපලාවණ්‍ය නිෂ්පාදන අලෙවිසැල්වලින්, www.ruuceylon.lk යන නිල වෙබ් අඩවිය ඔස්සේ සහ ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාල හරහා Ruu Ceylon නිෂ්පාදන මිල දී ගැනීමට හැකිය. වෙබ් අඩවිය සහ සමාජ මාධ්‍ය ජාලවල අදාළ නිෂ්පාදන සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය, ඒවායෙන් ලැබෙන වාසි, මිල ගණන් වැනි සියලු තොරතුරු ඉතා පැහැදිලිව සහ නිවැරැදිව සඳහන් කර ඇත. පසුගිය කාලය පුරා එම සමාගම සම්මාන රැසක් දිනා තිබේ. වසරේ විශිෂ්ටම රූපලාවණ්‍ය නිෂ්පාදන සමාගම (Iconic Awards 2024) සඳහා හිමි සම්මානය ඉන් එකකි. එසේම Ruu Ceylon කළමනාකරණ අධ්‍යක්ෂවරයා වසරේ නැගී එන තරුණ ව්‍යවසායකයා සඳහා වන සම්මානයද දිනා ගත්තේය.

 

Home  Facebook



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව