Russel’s ඔක්තෝබර් මස විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කළ කාර්ය මණ්ඩලය අගයයි

October Achievers at Russells Pvt Ltd (LBN)

ඔක්තෝබර් මාසය තුළ විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කළ Russel’s පෞද්ගලික සමාගමේ කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇගයීම පසුගියදා සිදු විය. එහිදී ඔවුන්ගේ කැපවීම, වෘත්තීයභාවය සහ විශිෂ්ට කාර්යසාධනය යන අංශ සැළකිල්ලට ගනු ලැබීය. එළිමහන් කේටරින් සේවා කළමනාකරණ අංශයේ සම්පත් කුමාර මහතා විශිෂ්ටම  එළිමහන් කේටරින් සේවා කළමණාකරු ලෙස සම්මාන ලැබුවේය. රේණුකා දමයන්ති මහත්මිය කැපවීම, සේවා ආචාර ධර්ම සහ අඛණ්ඩ කාර්යසාධනය වෙනුවෙන් විශිෂ්ටම කාර්ය මණ්ඩල සාමාජිකාව ලෙස සම්මාන ලැබුවාය. AIA ආපන ශාලාවේ සේවය කරන ඔකිත පුන්තිල මහතා වඩාත්ම ආචාරශීලී කාර්ය මණ්ඩල සාමාජිකයා ලෙස සම්මාන ලැබුවේය. ඒ ඔහු සපයන ආචාරශීලී, මිත්‍රශීලී සහ වෘත්තීමය සේවාව වෙනුවෙනි. මෙහෙයුම් කටයුතුවල සාර්ථකත්ව සඳහා සුවිශේෂ දායකත්වයක් දක්වන දිනේෂ් ලක්මාල් මහතා වඩාත් කාර්යක්ෂම කාර්ය මණ්ඩල සාමාජිකයා ලෙස ඇගැයීමට ලක් විය. ජූඩ් ක්‍රිශාන්ත මහතා විශිෂ්ටම ස්ටුවඩ්වරයා ලෙස සම්මාන ලැබුවේ උසස් තත්ත්වයේ සේවාව සහ ඉහළ ප්‍රමිතිවලට අනුගත වීම වෙනුවෙනි. විශිෂ්ට කාර්යසාධනයක් පෙන්නුම් කළ ශර්මිලා ප්‍රනාන්දු මහත්මිය විශිෂ්ටම ස්ටුවඩ්වරිය ලෙස සම්මාන ලැබුවාය. ජයග්‍රාහක කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් එක් කරමින් Russel’s සමාගම සඳහන් කළේ විශිෂ්ට කාර්යසාධනයක් සහිත කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් අඛණ්ඩව ඇගැයීමට බලාපොරොත්තු වන බවයි.

 

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව