Roza Pasta සමග ප්‍රණීත ආහාරපාන නිවසේදීම සාදාගන්න Diamond Best foods වෙතින් දැන් නවතම Jumbo Shell Pasta

Image Id

 



 

 

 

2022 අප්‍රේල් 27, කොළඹ: නිවසේදීම ප්‍රණීත ආහාරපාන පහසුවෙන් සාදාගැනීමට කැමති කොයි කාටත් ගැළපෙන සුවිශේෂී නිෂ්පාදන පෙළක් ඩයමන්ඩ් බෙස්ට් ෆුඩ්ස් (Diamond Best Foods – DBF) සමාගම මේ වනවිට වෙළඳපොළට හඳුන්වා දී තිබේ. ඩයමන්ඩ් බෙස්ට් ෆුඩ්ස් යනු ආහාරපාන ක්ෂේත්‍රයේ දශක 6 කට වැඩි පළපුරුද්දක් හිමි සමාගමක් වන අතර, ජම්බෝ ෂෙල් පැස්ටා යනු එහි ජනප්‍රිය නිෂ්පාදන එකතුවට අලුතින්ම එක්වන නිෂ්පාදනයයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඩයමන්ඩ් බෙස්ට් ෆුඩ්ස් සමාගමේ මොහමඩ් අලි ෆාමි මහතා කියා සිටියේ, රෝසා පැස්ටා (Roza pasta) යනු 100% ක්ම දේශීය නිෂ්පාදන එකතුවක් බවයි. “අපගේ පැස්ටා නිෂ්පාදන මේ වනවිට ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් අතර විශාල ජනප්‍රියත්වයක් හිමි කරගෙන තිබෙනවා. පැස්ටා ඉතාලියේ සාම්ප්‍රදායික ආහාරයක් වුවත් අපගේ පැස්ටා 100% ක්ම දේශීය නිෂ්පාදනයක්. අප මේ සියල්ල නිෂ්පාදනය කරන්නේ සාම්ප්‍රදායික වට්ටෝරුව වලට අනුව, ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුගමනය කරමිනුයි. ශ්‍රී ලංකාවේ වෙළඳපොළට ප්‍රථම වරට හඳුන්වා දෙන ජම්බෝ ෂෙල් පැස්ටා අපගේ අනෙකුත් නිෂ්පාදන මෙන්ම ශ්‍රී ලාංකිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වනු ඇතැයි කියා අප සිතනවා.” ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

ජම්බෝ ෂෙල් පැස්ටා නිෂ්පාදනය කරනු ලබන්නේ සුවිශේෂී ක්‍රමවේදයකට අනුව ය. මෙම පැස්ටා වර්ගයට ආවේණික හැඩය ලබාගැනීම සඳහා එම සුවිශේෂී ක්‍රියාවලිය අතිශයින් වැදගත් වේ. මෙම පැස්ටා වර්ග භාවිතයෙන් ඉතාමත් රසවත් ආහාර පෙළක් නිවසේදීම පිළියෙල කරගත හැක. ලොව ප්‍රමුඛතම සූපවේදීහු මිචෙලින් තරු හිමි ආපනශාලා වලදී සුවිශේෂී ආහාර වර්ග පිළියෙල කිරීම සඳහා ජම්බා ෂෙල් පැස්ටා භාවිතා කරති.

තිරිඟු පිටි වලින් මෝලි සාදාගෙන ඉන් තමන් කැමති ආහාර වර්ග පිළියෙල කරගැනීම ශ්‍රී ලාංකිකයන්ට නුහුරු දෙයක් නොවේ. එපරිද්දෙන්ම ජම්බෝ ෂෙල් පැස්ටා භාවිතයෙන් ඕනෑම කෙනෙකුට තමන් කැමති ආහාර වර්ග රැසක් පිළියෙල කරගත හැක.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සුපිරි වෙළඳසැල් ජාල, ප්‍රධාන ග්‍රොසරි භාණ්ඩ අලෙවිසැල් සහ මාර්ගගත අලෙවිසැල් වලින් ජම්බෝ ෂෙල් පැස්ටා මිලදී ගත හැකි වේ. සහනදායී මිලකට ලබාගත හැකි රෝසා පැස්ටා නිෂ්පාදන, බත් සහ නූඩ්ල්ස් වලට අමතරව භාවිතා කළ හැකි ප්‍රණීත ආහාරයකි.

“ඩයමන්ඩ් බෙස්ට් ෆුඩ්ස් සමාගම කවදත් නව නිපැයුම් හඳුන්වා දීමට ප්‍රමුඛත්වය ලබාදෙනවා. වසර ගණනක පළපුරුද්ද සහ නවීනතම තාක්ෂණය එක්තැන් කරමින් උසස්ම ප්‍රමිතියකින් යුත් නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දීම අපගේ අරමුණයි.” මොහමඩ් අලි ෆාමි මහතා පැවසී ය.

මේ වනවිට ඩයමන්ඩ් බෙස්ට් ෆුඩ්ස් සමාගම ටින් මාළු, ඕට්ස්, කිරිපිටි, 3-in-1 තේ මිශ්‍රණ, කැෆේ මික්ස්, බාස්මතී සහල් සහ උකු කළ කිරි වැනි නිෂ්පාදන රැසක් වෙළඳපොළට හඳුන්වා දී තිබේ. දිවයින පුරා අලෙවිසැල් වලින් පහසුවෙන් මිලදී ගත හැකි මෙම නිෂ්පාදන පාරිභෝගිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇත.

ඩයමන්ඩ් බෙස්ට් ෆුඩ්ස් සමාගමේ නිෂ්පාදන පිළිබඳ වැඩිදුර තොරතුරු 0112 939933 අංකය හෝ www.dbf.lk වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකි වේ.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව