Royal Cashews සමාගම NCE Exports Awards -2020 රන් සම්මානයෙන් සිව්වනවරටත් පිදුම් ලබයි.

Royal Cashews - NCE Awards - 2020- Pix -01

 




ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම කජු සැකසීමේ හා අපනයන සමාගමක් වන ROYAL CASHEWS සමාගම ^www.royalcashew.lk& ‘ජාතික අපනයන සම්මාන උළෙල -2020’ (NCE Exports Awards-2020) හි රන් සම්මානයෙන් සිව්වනවරටත් පසුගියදා පිදුම් ලැබීය. ශී‍්‍ර ලංකා ජාතික අපනයන මණ්ඩලය සංවිධානය කළ 28වන ‘ජාතික අපනයන සම්මාන උළෙල’ පසුගියදා කොළඹ ෂැංගී‍්‍ර ලා හෝටලයේදී විශේෂ ආරාධිතයා ලෙස පැමිණි ශී‍්‍ර ලංකා ටෙලිකොම් හි සභාපති රොහාන් ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණ.

ROYAL CASHEWS සමාගම මෙවර ‘ජාතික අපනයන සම්මාන උළෙල -2020’ හි සම්මානයට පාත‍්‍රවූයේද Fresh and Processed Agricultural Export Crops අංශය වෙනුවෙන් පිරිනමන ජාතික රන් සම්මානය දිනාගනිමිනි. එමෙන්ම පසුගිය වසර සතරේදී ROYAL CASHEWS සමාගම ‘ජාතික අපනයන සම්මාන උළෙලෙහි’ සම්මාන සතරකට අඛණ්ඩව හිමිකම් කීමට සමත්විය.

ROYAL CASHEWS සමාගම ‘ජාතික අපනයන රන් සම්මානයකට හිමිකම් කීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, වෛද්‍ය, රුවන් වතුගල මහතා පැවසුවේ, ‘ජාතික අපනයන සම්මාන උළෙලෙහි අප සමාගමට රන් සම්මානය හිමිවීම මෙරට කජු සැකසීමේ හා අපනයන සමාගමක් ලෙස අප ලද සුවිශේෂී ජයග‍්‍රහණයක්. මන්ද කජු සැකසීමේ කි‍්‍රයාවලිය සහමුලින්ම සිදුකරන හා ISO 14001:2015 පාරිසරික තත්ත්ව කළමනාකරණ ප‍්‍රමිති සහතිකය, ප‍්‍රමිතිගත ආහාර නිපදවීමේ කි‍්‍රයාවලිය වෙනුවෙන් පිරිනැමෙන ISO 22000:2018, HACCP හා GMP යන සියලූ තත්ත්ව සහතික හිමි ශී‍්‍ර ලංකාවේ එකම කජු සැකසීමේ සමාගම ලෙස ප‍්‍රමිතියෙන් උසස් හා පර්යේෂණාත්මකව නව රස එක් කළ කජු නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොලට එක්කිරීමට අප සමාගම දරන්නේ දැඩි කැපවීමක් හා වෙහෙසක්. තවද පසුගිය වසරේ මුළු ලොවම මුහුණදුන් Covid -19 වසංගත තත්ත්වයේ බාධාවීම් රැසක් යටතේ වූවද මෙම විශිෂ්ට අපනයන රන් සම්මානය හිමිවීම අප සමාගමේ සියලූ කාර්ය මණ්ඩලයෙහි දැඩි කැපවීම හා වෙහෙස ඇ`ගයීමකට ලක්කිරීමක්. ලොව රටවල් රැසකට අප ROYAL CASHEWS සමාගමේ කජු අපනයන කරන අතර, එම රටවලින් අපේ කජු සන්නාමයට කදිම ඉල්ලූමක් පවා නිර්මාණය වී තිබීමෙන් මෙරටට සැලකිය යුතු ලෙස විදේශ විනිමය ගෙන එන සමාගමක් බවට අප පත්ව තිබෙනවා. විශේෂයෙන්ම 1999 ඇරඹූ අප සමාගම ඉතා කෙටි කළක් තුළ මෙරට සේම විදේශීය වෙළෙඳපොල ග‍්‍රහණය කරගත් හා වටිනා සම්මාන රැසකට හිමිකම් කීමට සමත්වීම අප ලද ජයග‍්‍රහණයක්.’ යන්නය.

අලෙවි ප‍්‍රදර්ශනාගාර 20කින් සමන්විත ROYAL CASHEWS සමාගම, ශී‍්‍ර ලංකාවේ විශාලතම කජු අලෙවි ජාලය හිමි සමාගමද වේ. දේශීය හා විදේශික පාරිභෝගිකයන්ට සෞඛ්‍යාරක්ෂිතව සැකසූ ‘සැබෑ කජු රසය’ වින්දනයකිරීමේ අවස්ථාව සැපයෙන ROYAL CASHEWS කජු අලෙවිසල් දාමය දිවයිනේ ප‍්‍රමුඛතම නගර හා ස්ථානවන One Galle Face, කොළඹ ෂැංගී‍්‍රලා හෝටලය, ක්‍රෙස්කැට් (කොළඹ 03&, Marino Mall (කොළඹ 03&, ආර්කේඞ් නිදහස් චතුරශ‍්‍රය, කේ-සෝන් (ජා-ඇල හා මොරටුව&, කැන්ඩි සිටි සෙන්ටර් (මහනුවර&, කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය, දකුණු අධිවේගී මාර්ගයේ වැලිපැන්න නැවතුම්පල, කිරිබත්ගොඩ, නුගේගොඩ ගාල්ල, බොරැල්ල හා Oraion City (කොළඹ& යන ස්ථානයන් හි පිහිටුවා ඇත. එයට අමතරව ශී‍්‍ර ලංකාවේ  ඕනෑම ස්ථානයකට නොමිලේ ප‍්‍රවාහනය කරන මෙරට පළමු කජු Online Delivery සේවාවක්ද ROYAL CASHEWS සමාගම විසින් හඳුන්වා දී තිබේ. එමගින් විවිධ රස 19ක්, විවිධ ඇසුරුම් 682ක් හා තෑගීදීමට නිර්මාණය කළ ඇසුරුම් 101ක් යටතේ සැකසූ කජු නිෂ්පාදන විශේෂිත වට්ටම් සහිතව ROYAL CASHEWS සමාගමේ නිෂ්පාදන මිලදීගත හැක.

මැලේසියාව, ජපානය, ඇමෙරිකාව, ස්විසර්ලන්තය, බි‍්‍රතාන්‍යය, නවසීලන්තය, ජර්මනිය,  ඕස්ටේ‍්‍රලියාව,  ඕස්ටි‍්‍රයාව, මාලදිවයින හා සවුදි අරාබිය යන රටවලට අපනයනය කරන ROYAL CASHEWS අඛණ්ඩව සිව්වරක් NCE Exports Awards  රන් සම්මානයෙන් පිදුම් ලැබීමට අමතරව විශිෂ්ටතම ඇසුරුම සහිත නිෂ්පාදනය විශිෂ්ටතම පරිසර හිතකාමී ඇසුරුම, MACO ව්‍යාපාරික විශිෂ්ටත්ව සම්මානය, ලංකා ස්ටාර් ජනාධිපති රන් සම්මානය හා පරිසර හිතකාමී කොලපත් ඇසුරුම වෙනුවෙන් ASIASTAR -2015 සම්මානයෙන් පිදුම් ලැබූවකි. ගී‍්‍රන්වේ ඒෂියා ලංකා සමාගම හා ට‍්‍රස්ට් ලංකා සප්ලයර්ස් සමාගම රෝයල් ෆුඞ් මාර්කටින් සමාගමේ අනුබද්ධිත සමාගම් වෙති.

 

 




 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව